සත් බුදු වන්දනාව

සත්‍ය ක්‍රියාවක් යනු සත්‍ය වශයෙන්ම තමන් තුල ඇති කුමන හෝ යහපත් ගුණාංගයක් තමන්ගේ වචනයෙන් ඒ වචනය ඇපයට තබා ප්‍රකාශ කරමින් තමන් හෝ තම ඥාතියකු හෝ ආදරණීය කෙනෙකු හෝ වෙනත් කෙනෙකු හෝ වෙනුවෙන් යම් කිසි පිහිටක් සෙතක් ප්‍රාර්ථනා කිරීමකි.

මේ සඳහා ඔබ පළමුව තමන්ට අවංක විය යුතුය. තමන්ගේ වචනයට අවංක විය යුතුය.

මෙහි සඳහන් සත්‍ය ක්‍රියාව පදනම් වී තිබෙන්නේ මුළුමනින්ම බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් ගැනීම පදනම් කරගෙන ඇති නිසා යමෙක් මේ සත්‍ය ක්‍රියාව සිදුකල යුත්තේ ඇත්ත වශයෙන්ම ඔහු හෝ ඇය බුදුන් වහන්සේ පෙන්වා දුන් නිවැරදි ධර්මය අනුගමනය කරමින් දුකෙන් මිදී විමුක්තිය සාක්ෂාත් කරගැනීමේ පිළිවෙත පිළිපදින මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ගුණයන් වඩවා ගැනීමට කැමති, ඒ සඳහා උත්සාහ කරන කෙනෙකු වන්නේ නම් පමණක් බව සිහි තබා ගන්න. එසේ නොමැති වුව හොත් සිදුවන්නේ බොරු කීම නිසා තවත් අලුතින් අකුසල් රැස් කරගැනීමක් පමණක් විය හැක.

නිවැරදිව බුදුන් සරණ යන ශ්‍රාවකයෙක් ඒ සඳහා බුදු ගුණ නිවැරදිව අසා දැනගත යුතුයි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ බුදු මුවින්ම දෙශනා කර ඇති සූත්‍රයයි, ධජග්ග සූත්‍රය.


නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

විපස්සිස්ස නමත්ථු චක්ඛුමන්තස්ස සිරීමතො,
සිඛිස්සපි නමත්ථු සබ්බභූතානුකම්පිනො,
වෙස්සභුස්ස නමත්ථු න්හාතකස්ස තපස්සිනො,
නමත්ථු කකුසන්ධස්ස මාරසෙනාපමද්දිනො,
කොණාගමනස්ස නමත්ථු බ්‍රාහ්මණස්ස වුසීමතො,
කස්සපස්ස නමත්ථු විප්පමුත්තස්ස සබ්බධි,
අඞ්ගීරසස්ස නමත්ථු සක්‍යපුත්තස්ස සිරීමතො,
යො ඉමං ධම්මම දෙසෙසි සබ්බදුක්ඛාපනූදනං,
යෙ චාපි නිබ්බුතා ලොකෙ යථාභූතං විපස්සිසුං
තෙ ජනා අපිසුණාථ මහන්තා වීතසාරදා.

හිතං දෙවමනුස්සානං යං නමස්සන්ති ගොතමං
විජ්ජාචරණසම්පන්නං මහන්තං වීතසාරදං”.

සත් බුදු වරයන් වහන්සේලාට නමස්කාර වේවා!

“සෞභාග්‍යයමත් ප්‍රඥා ඇස් ඇති විපස්සී බුදුරදුන් නමදිමු!
කාම ක්ලේශයන්ගෙන් උපන් සියලු සත්වයන්ට හිතානුකම්පී වූ සිඛී බුදුරදුන් නමදිමු!
තපසින් නැහැවුනාවූ වෙස්සභු බුදුරදුන් නමදිමු!
මාර සේනාවන් මඩින ලද කකුසන්ධ බුදුරදුන් නමදිමු!
උසස් දිවියක් ඇතිව විසූ කොණාගම බුදුරදුන් නමදිමු!
සියලු උපධින්ගෙන් මිදුණු කස්සප බුදුරදුන් නමදිමු!
පමුණුවන ලබන සියලු දුක් දුරු කිරීම සඳහා ප්‍රතිපදාව දේශනා කරන
සෞභාග්‍යමත් ශාක්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේ නමදිමු!
නුවණින් විමසා බලමින් තමා හා ලෝකය ගැන තත් වූ පරිදි අවබෝධ කරගැනීමෙන්, සංසිඳීමට පමුණවන්නාවූ ඒ උතුම් ධර්මය අසා, මිනිස් සමූහයා, සාරයක් නැති දේ දුරු කර උතුම් ශ්‍රේෂ්ඨ රහත් භාවයට පත්වුනාහුය.

දෙවියන්ට මිනිසුන්ට අභිවෘද්ධිය පිණිස පහළ වූ,
ලෝකයේ යථා ස්වභාවය ඒ ආකාරයටම අවබෝධ කරගැනීමට අවැසි
සියලු ඥාණයන්ගෙන් පිරිපුන්, ඒ ඥානයන් අනුවම හැසිරෙන,
සාරයක් නැති සියල්ල දුරුකළ උතුම් ශ්‍රේෂ්ඨ ගෞතම බුදුරජ නමදිමු!”

මේ මහා භද්‍ර කල්පයෙන් අනූ එක් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනූව්‍යඤ්ජන ලක්ෂණයෙන්
කේතු මාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන්
ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලවන්නා වූ
අසූරියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ
වන්දන්‍යෙයාති වන්දනීය වූ පූජණීයාති පූජණීය වූ
විපස්සී නම් සර්වඥරාජයාණන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක.
අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක.
අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක.
ඒ අපිරිමිත ගුණානුභාවයෙන් යුතු වූ විපස්සී බුදුරජාණන් වහන්සේටද
උන්වහන්සේ සේවනය කරන ලද පාටලී බෝධි රාජයාණන් වහන්සේටද
මම නමස්කාර කරමි! නමස්කාර වේවා!

ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් ලෝක සත්වයාගේ මෝහන්ධකාරය දුරු කරන්නට පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මා විසින් ආරක්ෂා කරගනු ලබන ශීලයේ ආනුභාවයෙන්ද, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පවත්වාගනිමින් මා විසින් ආරක්ෂා කර ගෙන සිටින මෛත්‍රී සහගත සිතේ ආනුභාවයෙන්ද, රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර වීමෙන් අනු වක්‍ර වීමෙන් දුෂ්ඨස්ථානයකට පැමිණීමෙන් ඇතිවන්නාවූ මාරක බාධක රෝග කාරක විපත්ති දායක නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් තුලින් පෙන්නුම් කරන මා (ඔබ) විසින් පෙර සිදු කල ඇති අකුසල් ක්‍රියාවන් හි විපාක හිරු උදාවත් සමග දුරු වන අඳුර සේ වහා දුරු වේවා!
මා විසින් ප්‍රගුණ කරන්නාවූ අනිච්ච දුක්ඛ අනත්ත භාවනාවේ ආනුභාවයෙන්, මා හට (ඔබ හට) වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපත්‍යාහාරයකින් හෝ ඇස්වහ කටවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදී භූත දෝෂයකින් හෝ හටගත්තාවූ යම් කිසි රෝගයක් හිංසාවක් පීඩාවක් ඇත්නම් ඒ සියල්ල හිරු දුටු පිණි සේ වහා ඉවත් වේවා!
සත් පුරුෂ ආශ්‍රයම ඇතිවේවා!
ශ්‍රද්ධාව නමැති ධනය වර්ධනය වේවා!
ප්‍රඥාව නමැති බලය වර්ධනය වේවා!
සෝවාන් ආදී මාර්ගඵල ඉන්ද්‍රිය ධර්මයන් නමැති සැපය වර්ධනය වේවා!

බුදුන් දහම් සඟුන් සරණ හැර මා හට වෙනත් සරණක් නැති බව සත්‍යයකි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අධිෂ්ඨානශීලීව ගමන්ගන්නා මම අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් වීර්යයෙන් සහ සිහියෙන් කටයුතු කරන බව සත්‍යයකි.
ඒ මගේ වචනය සත්‍යයක් නම්, මගේ (ඔබගේ) සියලු යහපත් අදහස් මුදුන් පත් කරගැනීමට
මා හට (ඔබ හට) ශක්තිය ධෛර්යය ලැබේවා!
භාග්‍යවත් විපස්සී බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණානුභාවයෙන්ද මගේ වචනයේ සත්‍යානුභාවයෙන්ද සියලු දුක් දුරුවී සැපතට පත්වන නිවන සාක්ෂාත් කර ගන්නා තෙක්
මා හට (ඔබ හට) නිදුක් නීරෝගී භාවයද සුවපත් භාවයද අත්වේවා!


මේ මහා භද්‍ර කල්පයෙන් එක් තිස් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනූව්‍යඤ්ජන ලක්ෂණයෙන්
කේතු මාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන්
ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලවන්නා වූ
සැත්තෑරියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ
වන්දන්‍යෙයාති වන්දනීය වූ පූජණීයාති පූජණීය වූ
ශිඛී නම් සර්වඥරාජයාණන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක.
අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක.
අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක.
ඒ අපිරිමිත ගුණානුභාවයෙන් යුතු වූ ශිඛී බුදුරජාණන් වහන්සේටද
උන්වහන්සේ සේවනය කරන ලද පුණ්ඩරික බෝධි රාජයාණන් වහන්සේටද
මම නමස්කාර කරමි! නමස්කාර වේවා!

ඒ ශිඛී බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් ලෝක සත්වයාගේ මෝහන්ධකාරය දුරු කරන්නට පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මා විසින් ආරක්ෂා කරගනු ලබන ශීලයේ ආනුභාවයෙන්ද, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පවත්වාගනිමින් මා විසින් ආරක්ෂා කර ගෙන සිටින මෛත්‍රී සහගත සිතේ ආනුභාවයෙන්ද, රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර වීමෙන් අනු වක්‍ර වීමෙන් දුෂ්ඨස්ථානයකට පැමිණීමෙන් ඇතිවන්නාවූ මාරක බාධක රෝග කාරක විපත්ති දායක නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් තුලින් පෙන්නුම් කරන මා (ඔබ) විසින් පෙර සිදු කල ඇති අකුසල් ක්‍රියාවන් හි විපාක හිරු උදාවත් සමග දුරු වන අඳුර සේ වහා දුරු වේවා!
මා විසින් ප්‍රගුණ කරන්නාවූ අනිච්ච දුක්ඛ අනත්ත භාවනාවේ ආනුභාවයෙන්, මා හට (ඔබ හට) වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපත්‍යාහාරයකින් හෝ ඇස්වහ කටවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදී භූත දෝෂයකින් හෝ හටගත්තාවූ යම් කිසි රෝගයක් හිංසාවක් පීඩාවක් ඇත්නම් ඒ සියල්ල හිරු දුටු පිණි සේ වහා ඉවත් වේවා!
සත් පුරුෂ ආශ්‍රයම ඇතිවේවා!
ශ්‍රද්ධාව නමැති ධනය වර්ධනය වේවා!
ප්‍රඥාව නමැති බලය වර්ධනය වේවා!
සෝවාන් ආදී මාර්ගඵල ඉන්ද්‍රිය ධර්මයන් නමැති සැපය වර්ධනය වේවා!

බුදුන් දහම් සඟුන් සරණ හැර මා හට වෙනත් සරණක් නැති බව සත්‍යයකි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අධිෂ්ඨානශීලීව ගමන්ගන්නා මම අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් වීර්යයෙන් සහ සිහියෙන් කටයුතු කරන බව සත්‍යයකි.
ඒ මගේ වචනය සත්‍යයක් නම්, මගේ (ඔබගේ) සියලු යහපත් අදහස් මුදුන් පත් කරගැනීමට
මා හට (ඔබ හට) ශක්තිය ධෛර්යය ලැබේවා!
භාග්‍යවත් ශිඛී බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණානුභාවයෙන්ද මගේ වචනයේ සත්‍යානුභාවයෙන්ද සියලු දුක් දුරුවී සැපතට පත්වන නිවන සාක්ෂාත් කර ගන්නා තෙක්
මා හට (ඔබ හට) නිදුක් නීරෝගී භාවයද සුවපත් භාවයද අත්වේවා!


මේ මහා භද්‍ර කල්පයෙන් එක් තිස් වන කපෙහිම ලෝ පහළ වී වදාළ වූ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනූව්‍යඤ්ජන ලක්ෂණයෙන්
කේතු මාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන්
ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලවන්නා වූ
සැටරියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ
වන්දන්‍යෙයාති වන්දනීය වූ පූජණීයාති පූජණීය වූ
වෙස්සභූ නම් සර්වඥරාජයාණන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක.
අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක.
අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක.
ඒ අපිරිමිත ගුණානුභාවයෙන් යුතු වූ වෙස්සභූ බුදුරජාණන් වහන්සේටද
උන්වහන්සේ සේවනය කරන ලද සාල බෝධි රාජයාණන් වහන්සේටද
මම නමස්කාර කරමි! නමස්කාර වේවා!

ඒ වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් ලෝක සත්වයාගේ මෝහන්ධකාරය දුරු කරන්නට පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මා විසින් ආරක්ෂා කරගනු ලබන ශීලයේ ආනුභාවයෙන්ද, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පවත්වාගනිමින් මා විසින් ආරක්ෂා කර ගෙන සිටින මෛත්‍රී සහගත සිතේ ආනුභාවයෙන්ද, රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර වීමෙන් අනු වක්‍ර වීමෙන් දුෂ්ඨස්ථානයකට පැමිණීමෙන් ඇතිවන්නාවූ මාරක බාධක රෝග කාරක විපත්ති දායක නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් තුලින් පෙන්නුම් කරන මා (ඔබ) විසින් පෙර සිදු කල ඇති අකුසල් ක්‍රියාවන් හි විපාක හිරු උදාවත් සමග දුරු වන අඳුර සේ වහා දුරු වේවා!
මා විසින් ප්‍රගුණ කරන්නාවූ අනිච්ච දුක්ඛ අනත්ත භාවනාවේ ආනුභාවයෙන්, මා හට (ඔබ හට) වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපත්‍යාහාරයකින් හෝ ඇස්වහ කටවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදී භූත දෝෂයකින් හෝ හටගත්තාවූ යම් කිසි රෝගයක් හිංසාවක් පීඩාවක් ඇත්නම් ඒ සියල්ල හිරු දුටු පිණි සේ වහා ඉවත් වේවා!
සත් පුරුෂ ආශ්‍රයම ඇතිවේවා!
ශ්‍රද්ධාව නමැති ධනය වර්ධනය වේවා!
ප්‍රඥාව නමැති බලය වර්ධනය වේවා!
සෝවාන් ආදී මාර්ගඵල ඉන්ද්‍රිය ධර්මයන් නමැති සැපය වර්ධනය වේවා!

බුදුන් දහම් සඟුන් සරණ හැර මා හට වෙනත් සරණක් නැති බව සත්‍යයකි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අධිෂ්ඨානශීලීව ගමන්ගන්නා මම අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් වීර්යයෙන් සහ සිහියෙන් කටයුතු කරන බව සත්‍යයකි.
ඒ මගේ වචනය සත්‍යයක් නම්, මගේ (ඔබගේ) සියලු යහපත් අදහස් මුදුන් පත් කරගැනීමට
මා හට (ඔබ හට) ශක්තිය ධෛර්යය ලැබේවා!
භාග්‍යවත් වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණානුභාවයෙන්ද මගේ වචනයේ සත්‍යානුභාවයෙන්ද සියලු දුක් දුරුවී සැපතට පත්වන නිවන සාක්ෂාත් කර ගන්නා තෙක්
මා හට (ඔබ හට) නිදුක් නීරෝගී භාවයද සුවපත් භාවයද අත්වේවා!


ලොවුතුරා බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළවන බැවින්
මහා භද්‍ර කල්පය නම් වූ මේ කල්පයේ පළමුවන අන්තකල්පයේ
ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන්
අසූ අනූව්‍යඤ්ජන ලක්ෂණයෙන් කේතු මාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන්
ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලවන්නා වූ
සතලිස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ
වන්දන්‍යෙයාති වන්දනීය වූ පූජණීයාති පූජණීය වූ
කකුසන්ධ නම් සර්වඥරාජයාණන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක.
අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක.
අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක.
ඒ අපිරිමිත ගුණානුභාවයෙන් යුතු වූ කකුසන්ධ බුදුරජාණන් වහන්සේටද
උන්වහන්සේ සේවනය කරන ලද සිරීස බෝධි රාජයාණන් වහන්සේටද
මම නමස්කාර කරමි! නමස්කාර වේවා!

ඒ කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් ලෝක සත්වයාගේ මෝහන්ධකාරය දුරු කරන්නට පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මා විසින් ආරක්ෂා කරගනු ලබන ශීලයේ ආනුභාවයෙන්ද, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පවත්වාගනිමින් මා විසින් ආරක්ෂා කර ගෙන සිටින මෛත්‍රී සහගත සිතේ ආනුභාවයෙන්ද, රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර වීමෙන් අනු වක්‍ර වීමෙන් දුෂ්ඨස්ථානයකට පැමිණීමෙන් ඇතිවන්නාවූ මාරක බාධක රෝග කාරක විපත්ති දායක නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් තුලින් පෙන්නුම් කරන මා (ඔබ) විසින් පෙර සිදු කල ඇති අකුසල් ක්‍රියාවන් හි විපාක හිරු උදාවත් සමග දුරු වන අඳුර සේ වහා දුරු වේවා!
මා විසින් ප්‍රගුණ කරන්නාවූ අනිච්ච දුක්ඛ අනත්ත භාවනාවේ ආනුභාවයෙන්, මා හට (ඔබ හට) වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපත්‍යාහාරයකින් හෝ ඇස්වහ කටවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදී භූත දෝෂයකින් හෝ හටගත්තාවූ යම් කිසි රෝගයක් හිංසාවක් පීඩාවක් ඇත්නම් ඒ සියල්ල හිරු දුටු පිණි සේ වහා ඉවත් වේවා!
සත් පුරුෂ ආශ්‍රයම ඇතිවේවා!
ශ්‍රද්ධාව නමැති ධනය වර්ධනය වේවා!
ප්‍රඥාව නමැති බලය වර්ධනය වේවා!
සෝවාන් ආදී මාර්ගඵල ඉන්ද්‍රිය ධර්මයන් නමැති සැපය වර්ධනය වේවා!

බුදුන් දහම් සඟුන් සරණ හැර මා හට වෙනත් සරණක් නැති බව සත්‍යයකි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අධිෂ්ඨානශීලීව ගමන්ගන්නා මම අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් වීර්යයෙන් සහ සිහියෙන් කටයුතු කරන බව සත්‍යයකි.
ඒ මගේ වචනය සත්‍යයක් නම්, මගේ (ඔබගේ) සියලු යහපත් අදහස් මුදුන් පත් කරගැනීමට
මා හට (ඔබ හට) ශක්තිය ධෛර්යය ලැබේවා!
භාග්‍යවත් කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණානුභාවයෙන්ද මගේ වචනයේ සත්‍යානුභාවයෙන්ද සියලු දුක් දුරුවී සැපතට පත්වන නිවන සාක්ෂාත් කර ගන්නා තෙක්
මා හට (ඔබ හට) නිදුක් නීරෝගී භාවයද සුවපත් භාවයද අත්වේවා!


මේ මහා භද්‍ර කල්පයේ දෙවන අන්තකල්පයේ ලෝ පහළ වී වදාළා වූ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනූව්‍යඤ්ජන ලක්ෂණයෙන්
කේතු මාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන්
ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලවන්නා වූ
තිස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ
වන්දන්‍යෙයාති වන්දනීය වූ පූජණීයාති පූජණීය වූ
කෝණාගමන නම් සර්වඥරාජයාණන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක.
අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක.
අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක.
ඒ අපිරිමිත ගුණානුභාවයෙන් යුතු වූ කෝණාගමන බුදුරජාණන් වහන්සේටද උන්වහන්සේ සේවනය කරන ලද උදුම්බර බෝධි රාජයාණන් වහන්සේටද
මම නමස්කාර කරමි! නමස්කාර වේවා!

ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් ලෝක සත්වයාගේ මෝහන්ධකාරය දුරු කරන්නට පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මා විසින් ආරක්ෂා කරගනු ලබන ශීලයේ ආනුභාවයෙන්ද, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පවත්වාගනිමින් මා විසින් ආරක්ෂා කර ගෙන සිටින මෛත්‍රී සහගත සිතේ ආනුභාවයෙන්ද, රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර වීමෙන් අනු වක්‍ර වීමෙන් දුෂ්ඨස්ථානයකට පැමිණීමෙන් ඇතිවන්නාවූ මාරක බාධක රෝග කාරක විපත්ති දායක නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් තුලින් පෙන්නුම් කරන මා (ඔබ) විසින් පෙර සිදු කල ඇති අකුසල් ක්‍රියාවන් හි විපාක හිරු උදාවත් සමග දුරු වන අඳුර සේ වහා දුරු වේවා!
මා විසින් ප්‍රගුණ කරන්නාවූ අනිච්ච දුක්ඛ අනත්ත භාවනාවේ ආනුභාවයෙන්, මා හට (ඔබ හට) වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපත්‍යාහාරයකින් හෝ ඇස්වහ කටවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදී භූත දෝෂයකින් හෝ හටගත්තාවූ යම් කිසි රෝගයක් හිංසාවක් පීඩාවක් ඇත්නම් ඒ සියල්ල හිරු දුටු පිණි සේ වහා ඉවත් වේවා!
සත් පුරුෂ ආශ්‍රයම ඇතිවේවා!
ශ්‍රද්ධාව නමැති ධනය වර්ධනය වේවා!
ප්‍රඥාව නමැති බලය වර්ධනය වේවා!
සෝවාන් ආදී මාර්ගඵල ඉන්ද්‍රිය ධර්මයන් නමැති සැපය වර්ධනය වේවා!

බුදුන් දහම් සඟුන් සරණ හැර මා හට වෙනත් සරණක් නැති බව සත්‍යයකි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අධිෂ්ඨානශීලීව ගමන්ගන්නා මම අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් වීර්යයෙන් සහ සිහියෙන් කටයුතු කරන බව සත්‍යයකි.
ඒ මගේ වචනය සත්‍යයක් නම්, මගේ (ඔබගේ) සියලු යහපත් අදහස් මුදුන් පත් කරගැනීමට
මා හට (ඔබ හට) ශක්තිය ධෛර්යය ලැබේවා!
භාග්‍යවත් කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණානුභාවයෙන්ද මගේ වචනයේ සත්‍යානුභාවයෙන්ද සියලු දුක් දුරුවී සැපතට පත්වන නිවන සාක්ෂාත් කර ගන්නා තෙක්
මා හට (ඔබ හට) නිදුක් නීරෝගී භාවයද සුවපත් භාවයද අත්වේවා!


මේ මහා භද්‍ර කල්පයෙන් තුන් වන අන්තකල්පයේ ලෝ පහළ වී වදාළා වූ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනූව්‍යඤ්ජන ලක්ෂණයෙන්
කේතු මාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන්
ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලවන්නා වූ
විසි රියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ
වන්දන්‍යෙයාති වන්දනීය වූ පූජණීයාති පූජණීය වූ
කාශ්‍යප නම් සර්වඥරාජයාණන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක.
අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක.
අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක.
ඒ අපිරිමිත ගුණානුභාවයෙන් යුතු වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේටද
උන්වහන්සේ සේවනය කරන ලද නිග්‍රෝධ බෝධි රාජයාණන් වහන්සේටද
මම නමස්කාර කරමි! නමස්කාර වේවා!

ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් ලෝක සත්වයාගේ මෝහන්ධකාරය දුරු කරන්නට පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මා විසින් ආරක්ෂා කරගනු ලබන ශීලයේ ආනුභාවයෙන්ද, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පවත්වාගනිමින් මා විසින් ආරක්ෂා කර ගෙන සිටින මෛත්‍රී සහගත සිතේ ආනුභාවයෙන්ද, රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර වීමෙන් අනු වක්‍ර වීමෙන් දුෂ්ඨස්ථානයකට පැමිණීමෙන් ඇතිවන්නාවූ මාරක බාධක රෝග කාරක විපත්ති දායක නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් තුලින් පෙන්නුම් කරන මා (ඔබ) විසින් පෙර සිදු කල ඇති අකුසල් ක්‍රියාවන් හි විපාක හිරු උදාවත් සමග දුරු වන අඳුර සේ වහා දුරු වේවා!
මා විසින් ප්‍රගුණ කරන්නාවූ අනිච්ච දුක්ඛ අනත්ත භාවනාවේ ආනුභාවයෙන්, මා හට (ඔබ හට) වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපත්‍යාහාරයකින් හෝ ඇස්වහ කටවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදී භූත දෝෂයකින් හෝ හටගත්තාවූ යම් කිසි රෝගයක් හිංසාවක් පීඩාවක් ඇත්නම් ඒ සියල්ල හිරු දුටු පිණි සේ වහා ඉවත් වේවා!
සත් පුරුෂ ආශ්‍රයම ඇතිවේවා!
ශ්‍රද්ධාව නමැති ධනය වර්ධනය වේවා!
ප්‍රඥාව නමැති බලය වර්ධනය වේවා!
සෝවාන් ආදී මාර්ගඵල ඉන්ද්‍රිය ධර්මයන් නමැති සැපය වර්ධනය වේවා!

බුදුන් දහම් සඟුන් සරණ හැර මා හට වෙනත් සරණක් නැති බව සත්‍යයකි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අධිෂ්ඨානශීලීව ගමන්ගන්නා මම අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් වීර්යයෙන් සහ සිහියෙන් කටයුතු කරන බව සත්‍යයකි.
ඒ මගේ වචනය සත්‍යයක් නම්, මගේ (ඔබගේ) සියලු යහපත් අදහස් මුදුන් පත් කරගැනීමට
මා හට (ඔබ හට) ශක්තිය ධෛර්යය ලැබේවා!
භාග්‍යවත් කාෂ්‍යප බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණානුභාවයෙන්ද මගේ වචනයේ සත්‍යානුභාවයෙන්ද සියලු දුක් දුරුවී සැපතට පත්වන නිවන සාක්ෂාත් කර ගන්නා තෙක්
මා හට (ඔබ හට) නිදුක් නීරෝගී භාවයද සුවපත් භාවයද අත්වේවා!


මේ මහා භද්‍ර කල්පයේ සතර වන අන්තකල්පයේ අශ්වත්ථ බෝධි මූලයේ
පස්මරුන් පරදවා ලොවුතුරා බුදු බවට පැමිණ වදාළා වූ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනූව්‍යඤ්ජන ලක්ෂණයෙන්
කේතු මාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලවන්නා වූ
අටලොස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ
වන්දන්‍යෙයාති වන්දනීය වූ පූජණීයාති පූජණීය වූ
ගෞතම නම් සර්වඥරාජයාණන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක.
අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක.
අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක.
ඒ අපිරිමිත ගුණානුභාවයෙන් යුතු වූ ගෞතම බුදුරජාණන් වහන්සේටද
උන්වහන්සේ සේවනය කරන ලද අශ්වත්ථ බෝධි රාජයාණන් වහන්සේටද නවලෝකෝත්තර ධර්මයටද අෂ්ඨ ආර්‍යය පුද්ගල මහා සංඝ රත්නයටද
මම නමස්කාර කරමි! නමස්කාර වේවා!

ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් ලෝක සත්වයාගේ මෝහන්ධකාරය දුරු කරන්නට පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මා විසින් ආරක්ෂා කරගනු ලබන ශීලයේ ආනුභාවයෙන්ද, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පවත්වාගනිමින් මා විසින් ආරක්ෂා කර ගෙන සිටින මෛත්‍රී සහගත සිතේ ආනුභාවයෙන්ද, රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර වීමෙන් අනු වක්‍ර වීමෙන් දුෂ්ඨස්ථානයකට පැමිණීමෙන් ඇතිවන්නාවූ මාරක බාධක රෝග කාරක විපත්ති දායක නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් තුලින් පෙන්නුම් කරන මා (ඔබ) විසින් පෙර සිදු කල ඇති අකුසල් ක්‍රියාවන් හි විපාක හිරු උදාවත් සමග දුරු වන අඳුර සේ වහා දුරු වේවා!
මා විසින් ප්‍රගුණ කරන්නාවූ අනිච්ච දුක්ඛ අනත්ත භාවනාවේ ආනුභාවයෙන්, මා හට (ඔබ හට) වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපත්‍යාහාරයකින් හෝ ඇස්වහ කටවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදී භූත දෝෂයකින් හෝ හටගත්තාවූ යම් කිසි රෝගයක් හිංසාවක් පීඩාවක් ඇත්නම් ඒ සියල්ල හිරු දුටු පිණි සේ වහා ඉවත් වේවා!
සත් පුරුෂ ආශ්‍රයම ඇතිවේවා!
ශ්‍රද්ධාව නමැති ධනය වර්ධනය වේවා!
ප්‍රඥාව නමැති බලය වර්ධනය වේවා!
සෝවාන් ආදී මාර්ගඵල ඉන්ද්‍රිය ධර්මයන් නමැති සැපය වර්ධනය වේවා!

බුදුන් දහම් සඟුන් සරණ හැර මා හට වෙනත් සරණක් නැති බව සත්‍යයකි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අධිෂ්ඨානශීලීව ගමන්ගන්නා මම අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් වීර්යයෙන් සහ සිහියෙන් කටයුතු කරන බව සත්‍යයකි.
ඒ මගේ වචනය සත්‍යයක් නම්, මගේ (ඔබගේ) සියලු යහපත් අදහස් මුදුන් පත් කරගැනීමට
මා හට (ඔබ හට) ශක්තිය ධෛර්යය ලැබේවා!
භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණානුභාවයෙන්ද මගේ වචනයේ සත්‍යානුභාවයෙන්ද සියලු දුක් දුරුවී සැපතට පත්වන නිවන සාක්ෂාත් කර ගන්නා තෙක්
මා හට (ඔබ හට) නිදුක් නීරෝගී භාවයද සුවපත් භාවයද අත්වේවා!