මේ සූත්‍රය සංයුත්ත නිකායේ-මහා වග්ග පාළි-සච්ච සංයුත්තය- ධර්මයේ ආඥා බලය සියලු දෙවි මිනිසුන් වෙත පැවැත්වූ සූත්‍රය බව සිහි තබාගන්න.
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදාය නම්වූ ස්ථානයේ වැඩ වාසය කළ සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු, සේවනය කිරීමට නුසුදුසු, අන්තගාමී ජීවිත පැවතුම් දෙකක් තිබේ.
කුමන අන්ත දෙකද?
එනම්, යම් ඒ වස්තු කාමයන්හි ඇලෙමින් ගැලෙමින්, ඒවායේ පහසින්ම මත්වීම නිසා උතුම් මනුෂ්‍ය ජීවිතය අවැඩදායක, අර්ථ රහිතව ගිහියන් සේ ගතකරන තපස් ස්වභාවයත්,
යම් ඒ කයට අවැඩදායක ලෙස දුක් දෙමින්, අර්ථ රහිතව ගතකරන තපස් ස්වභාවයත්,
යන මේ අන්ත දෙකයි.
මහණෙනි, පැවිද්දෙක් මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මධ්‍යම ප්‍රතිපදාවට අනුව වාසය කරන්නේ නම් කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස, ආර්ය සත්‍යය සතර දැනගැනීම-දැක ගැනීම පිණිස, ආර්ය සත්‍යය සතරේ අවබෝධය පිණිස, නිවන් අවබෝධය පිණිස, ඒ අවශ්‍යය කරන ප්‍රඥාව-ඥානය ඇති කරන්නේය.
මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාවූ ප්‍රඥා නුවණැස ඇති කරන්නාවූ-ඥානය ඇති කරන්නාවූ-කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස-චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස-නිවන් පිණිස, පවතින්නා වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරක්ද?
මේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
ඒ කවරේද යත්?
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.
මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්‍රඥා නුවණැස ඇති කරන්නාවූ-ඥානය ඇති කරන්නාවූ-කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස- චතුරාර්ය සත්‍යයන්ගේ දැනීම පිණිස-චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස-නිවන් පිණිස, පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව වෙයි”.
“මහණෙනි, මේ නම් දුක්ඛ ආර්ය සත්‍යයයි.
- ඉපදීම දුකකි,
- වයසට යාම හෙවත් වැය වීම හෙවත් දිරීම ද දුකකි,
- ලෙඩ වීමද දුකකි,
- මරණයද දුකකි,
- අප්‍රියයන් හා එක්වීමද දුකකි,
- ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකි,
- කැමති යමක් නොලැබේද එයද දුකකි.
කෙටියෙන්ම කිව්වොත්, පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය”.
“මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් මෙයයි.
නැවත නැවත ඉපදීම ඇති කරන, ඒ ඒ භවයන්හි ඇලීමට උපාදානය ඇතිකරන්නා වූ, යම් ඒ කාමයෙහි ආශාවක්, කැමැත්තක්, ඇලීමක්, බැඳීමක් වේද, එනම්, ඒ
- කාම තණ්හා
- භව තණ්හා
- විභව තණ්හා
යන මේවා දුක හටගැනීමට මුල් වන හේතූන් වේ”.
“මහණෙනි, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් මෙයයි.
- යම් ඒ තණ්හාවක් ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද-දුරු කිරීමක් වේද-නැති කිරීමක් වේද-මිදීමක් වේද-යමෙකුට හෝ යමකට ඇති ආලය අත්හැරීමක් වේද-එය දුකෙන් මිදීම නම් වේ”.
“මහණෙනි, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය නම් මෙයයි.
එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
ඒ කවරේද යත්?
- සම්මා දිට්ඨි හෙවත් නිවැරදි වූ යහපත් මාර්ගය ගැන නුවණින් දැනගැනීම
- සම්මා සංකප්ප හෙවත් නිවැරදි වූ යහපත් අරමුණ සහිත අධිෂ්ඨානය ඇතිකරගැනීම
- සම්මා වාචා හෙවත් නිවැරදි වූ යහපත් වචන භාවිතය
- සම්මා කම්මන්ත හෙවත් සිත කය වචනයෙන් නිවැරදි වූ යහපත් ක්‍රියා සිදුකිරීම
- සම්මා ආජීව හෙවත් නිවැරදි වූ යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම
- සම්මා වායාම හෙවත් නිවැරදි වූ යහපත් ජීවිතයක් ඇතිකරගැනීම සඳහා මුලුමනින්ම අකුසලයෙන් මිදීමට, උත්සාහයෙන් ක්‍රියා කිරීම
- සම්මා සති හෙවත් නිවැරදි වූ යහපත් සිහිය පිහිටුවාගනිමින් තමාගේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගැනීම
- සම්මා සමාධි හෙවත් තෘෂ්ණාව දුරු කරමින් මුලුමනින්ම දුකෙන් මිදීම සඳහා නිවැරදි වූ යහපත් අරමුණ ඔස්සේ සිත එකඟ කර ගැනීම
‘මහණෙනි, මට “මේ දුක්ඛ ආර්ය සත්‍යය” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි,මට “මේ දුක්ඛ ආර්ය සත්‍යය, කෙනෙකු විසින් පිරිසිදුව මනාව නුවණින් දැනගත යුතු” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි, මට “මේ දුක්ඛ ආර්ය සත්‍යය, මා විසින් පිරිසිදුව නුවණින් දැනගත්තා, අවබෝධ කරගත්තා” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි, මට “මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයය” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි, මට “මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, කෙනෙකු විසින් ප්‍රහාණය කල යුතු, මුලුමනින්ම දුරුකලයුතු එකක්” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි, මට “මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, මා විසින් ප්‍රහාණය කලා යයි, මුලුමනින්ම මා වෙතින් දුරුවුනා” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි, මට “මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි, මට “මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, කෙනෙකු විසින් ප්‍රත්‍යක්ෂව අවබෝධ කර සාක්ෂාත් කරගත යුතු” යයි, මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි,මට “මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, මා විසින් අවබෝධ කරගනිමින් සාක්ෂාත් කළා” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි,මට “මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය” යයි,මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි, මට “මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය, කෙනෙකු විසින් සිහිය පිහිටුවාගෙන, මනා ප්‍රඥාවෙන් අවබෝධයෙන් අනුගමනය කල යුතු, අවසාන ඵලය සාක්ෂාත් කරගන්නා තෙක් වීර්යයෙන් වැඩිය යුතු ප්‍රතිපදාවක්” යයි, මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි,මට “මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය, සිහියෙන් යුතුව අවබෝධයෙන් පිලිපදිමින්, අවසාන ඵලය සාක්ෂාත් කරගන්නා තෙක් දැඩි වීර්යයෙන් වඩමින්, මා විසින් ඒ ප්‍රතිපදාව සම්පූර්ණ කළා,” යයි, මම පෙර නොඇසූවිරූ, දැනීමක් පහළ වුනා-නුවණැසක් පහළ වුනා-ඥානයක් පහළ වුනා-ප්‍රඥාවක් පහළ වුනා-අවබෝධයක් ඇති වුනා-මනස ආලෝකමත් වුනා’.
‘මහණෙනි, යම්තාක් කල් මෙසේ මේ ආර්ය සත්‍යය සතර එකින් එකෙහි තුන් අවස්ථාවම සාක්ෂාත් කර, දොළොස් ආකාරයෙන්ම පරිපූර්ණ කරගන්නා තෙක්ම, මම දෙවියන් සහිත බඹුන් සහිත මාරයන් සහිත ලෝකයේ හෝ මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් ප්‍රජාව අතරෙහි හෝ, “අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි ප්‍රතිඥා නොකෙළෙමි’.
‘මහණෙනි, මම මේ ආර්ය සත්‍යය සතර එකින් එකෙහි තුන් අවස්ථාවම සාක්ෂාත් කර, දොළොස් ආකාරයෙන්ම පරිපූර්ණ කරගත්තෙමි. ඒ නිසා මම දෙවියන් සහිත බඹුන් සහිත මාරයන් සහිත ලෝකයේ හා මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් ප්‍රජාව අතරෙහි “අනුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි” යයි ප්‍රතිඥා කරන්නෙමි’.
“මට නුවණැස තුලින් යථාර්ථය අවබෝධවුනා. වෙනස් කළ නොහැකි ලෙස රාග-ද්වේෂ-මෝහයන්ගෙන් සිත මුලුමනින්ම මුදවාගත් නිසා, මේ මගේ අන්තිම උපත වන්නේය. දැන් මට නැවත ඉපදීමක් නැත”.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
සතුටු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
මේ දේශනා කරනු ලැබූ සූත්‍රය අසා, ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ භික්ෂුවට සියලු කෙලෙස් දුරුකිරීමට මාර්ගය පෙන්වන ධර්ම ඇස හෙවත්, සෝතාපත්ති ඥානය පහළවූයේ කෙසේද යත්, ‘හටගන්නා යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ලම නැතිවන බව’ නුවණින් අවබෝධ වීමෙනි.
භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයේ ආඥාව පැවැත්වූ කල්හි, භූමිය ඇසුරුකොට වසන දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
බූමාටු දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, චාතුර් මහාරාජික දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
චාතුර් මහාරාජික දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, තාවතිංස දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
තාවතිංස දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, යාම දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
යාම දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, තුසිත දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
තුසිත දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, නිම්මානරතී දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
නිම්මානරතී දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, පරනිර්මිත වසවර්ති දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, බ්‍රහ්මපුරෝහිත දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, මහා බ්‍රහ්ම දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
මහා බ්‍රහ්ම දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, පරිත්තාභා දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
පරිත්තාභා දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, අප්පමාණභා දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
අප්පමාණභා දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, ආභස්සර දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
ආභස්සර දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, පරිත්තසුභ දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
පරිත්තසුභ දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, අප්පමාණසුභ දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
අප්පමාණසුභ දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, සුභකිණ්හක දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
සුභකිණ්හක දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, වේහප්ඵල දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
වේහප්ඵල දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, අවිහ දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
අවිහ දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, අතප්ප දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
අතප්ප දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, සුදස්ස දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
සුදස්ස දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, සුදස්සී දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
සුදස්සී දෙවියන්ගේ සාධුනාදයේ ශබ්දය අසා, අකණිට්ඨක දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදායේදී, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ පැවැත්විය නොහැකි, කිසිවකට සමාන කළ නොහැකි තරම් උසස් වූ “ධර්මයේ ආඥාව” පවත්වන ලදැයි’ සාධුනාද පැවැත්වූහ.
මෙසේ ඒ ක්ෂණයකින්, ඒ මොහොතින් බඹලොව දක්වා සාධුකාර ශබ්දය පැන නැංගේය.
මෙසේ දස දහසක් ලෝක ධාතු කම්පා විය. අතිශයින් කම්පා විය. මහත්සේ වෙව්ලා ගියේය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා මහත්වූ අප්‍රමාණ ආලෝකයක් සත්ථාවාසයන් පුරා පැතිරගියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ “පින්වත් කොණ්ඩඤ්ඤ තෙමේට ඒකාන්තයෙන් අවබෝධ විය. පින්වත් කොණ්ඩඤ්ඤ තෙමේට ඒකාන්තයෙන් අවබෝධ විය” ප්‍රීතිවාක්‍යයක් පහළ කෙළේය. මෙතැන් සිට ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ හට, “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” යන නාමය ඇති විය.