මේ සූත්‍රය අංගුත්තර නිකායේ-චතුක්කනිපාත පාළි-උරුවෙල වග්ග- භික්ෂුවක් හෝ ආර්ය ශ්‍රාවකයෙක්, පුරාණයේ සිට පැවත එන උසස් කුල පරම්පරාවට ඇතුලත් වෙන්නේ කෙසේදැයි පෙන්වා දේශනා කල සූත්‍රය බව සිහි තබාගන්න.
ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දන්නා ඉතා ශ්‍රේෂ්ඨ, වැදගත් කුල පරම්පරාවක් ඇති, බොහෝ කාලයක සිට දන්නා, ඉතා පැරණි, මිශ්‍ර නොවූ, පුරාණයේ හෝ මිශ්‍ර නොවූ, ඒ ගැන කිසිදු සැක සංකාවක් නැති, නින්දා අපවාද ගැරහුම් නොලබන ආර්ය පරම්පරා හතරක් තිබේ.
ඒ සතර මොනවද?
- භික්ෂුවක් තමන් මොනයම් සිවුරක් ලැබුවා වූ අවස්ථාවකදී වුවත් එයින් සංතෘප්තියට පත්වේ. සතුටින් බාරගනියි. ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරයි. එහි අඩුපාඩු දොස් නොකියයි. නොලැබුණු සිවුරු නිසා දුකට කණගාටුවට පත්නොවෙයි. ලැබුණු සිවුරු නිසා ඒවාට ගිජු වී මුලාවෙන් නොඇලෙයි. වහල් නොවෙයි. ඒවායේ ආදීනව දකිමින් නිස්සරණ අවබෝධයෙන් සිහි නුවණින් පරිභෝග කරයි. ලැබෙන සිවුරෙන් සතුටු වීම නිසා රැස් කිරීම නොකරන ඔහු, අනුක්‍රමයෙන් සංසිඳුනු කෙනෙකු බවට පත්වෙයි. හේ අන් අයගේ අවමානයට ලක් නොවේ. ඒ දක්ෂ අලස නොවන සිහි නුවණින් යුතු විමසීම ඇතිව වාසය කරන භික්ෂුව, පුරාණ ශ්‍රේෂ්ඨ ආර්ය වංශයේ භික්ෂුවක් යයි කියනු ලැබේ.
- තව දුරටත් මහණෙනි, භික්ෂුවක් තමන් මොනයම් පිණ්ඩපාතයක් ලැබුවා වූ අවස්ථාවකදී වුවත් එයින් සංතෘප්තියට පත්වේ. සතුටින් බාරගනියි. ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරයි. එහි අඩුපාඩු දොස් නොකියයි. නොලැබුණු පිණ්ඩපාතය නිසා දුකට කණගාටුවට පත්නොවෙයි. ලැබුණු පිණ්ඩපාතය නිසා ඒවාට ගිජු වී මුලාවෙන් නොඇලෙයි. වහල් නොවෙයි. ඒවායේ ආදීනව දකිමින් නිස්සරණ අවබෝධයෙන් සිහි නුවණින් පරිභෝග කරයි. ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වීම නිසා රැස් කිරීම නොකරන ඔහු, අනුක්‍රමයෙන් සංසිඳුනු කෙනෙකු බවට පත්වෙයි. හේ අන් අයගේ අවමානයට ලක් නොවේ. ඒ දක්ෂ අලස නොවන සිහි නුවණින් යුතු විමසීම ඇතිව වාසය කරන භික්ෂුව, පුරාණ ශ්‍රේෂ්ඨ ආර්ය වංශයේ භික්ෂුවක් යයි කියනු ලැබේ.
- තව දුරටත් මහණෙනි, භික්ෂුවක් තමන් මොනයම් සේනාසනයක් ලැබුවා වූ අවස්ථාවකදී වුවත් එයින් සංතෘප්තියට පත්වේ. සතුටින් බාරගනියි. ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරයි. එහි අඩුපාඩු දොස් නොකියයි. නොලැබුණු සේනාසනය නිසා දුකට කණගාටුවට පත්නොවෙයි. ලැබුණු සේනාසනය නිසා ඒවාට ගිජු වී මුලාවෙන් නොඇලෙයි. වහල් නොවෙයි. ඒවායේ ආදීනව දකිමින් නිස්සරණ අවබෝධයෙන් සිහි නුවණින් පරිභෝග කරයි. ලැබෙන සේනාසනයෙන් සතුටු වීම නිසා රැස් කිරීම නොකරන ඔහු, අනුක්‍රමයෙන් සංසිඳුනු කෙනෙකු බවට පත්වෙයි. ඒ දක්ෂ අලස නොවන සිහි නුවණින් යුතු විමසීම ඇතිව වාසය කරන භික්ෂුව, පුරාණ ශ්‍රේෂ්ඨ ආර්ය වංශයේ භික්ෂුවක් යයි කියනු ලැබේ.
- තව දුරටත් මහණෙනි, භික්ෂුවක් ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ අවබෝධය ලැබීමේ භාවනාව කැමැත්තෙන්ම ප්‍රගුණ කරමින් නියැලෙයි. කෙලෙස් ප්‍රහාණය කිරීමේ කැමැත්තෙන්ම රාග-ද්වේශ-මෝහ දුරු කිරීම, ප්‍රගුණ කරමින් නියැලෙයි. අනිච්චාදී අවබෝධය ලැබීමේ, කෙලෙස් ප්‍රහාණය කිරීමේ, කැමැත්තෙන්ම ප්‍රගුණ කරමින් නියැලීම නිසා රැස් කිරීම නොකරන ඔහු, අනුක්‍රමයෙන් සංසිඳුනු කෙනෙකු බවට පත්වෙයි. හේ අන් අයගේ අවමානයට ලක් නොවේ. ඒ දක්ෂ, අලස නොවන සිහි නුවණින් යුතු විමසීම ඇතිව වාසය කරන භික්ෂුව, පුරාණ ශ්‍රේෂ්ඨ ආර්ය වංශයේ භික්ෂුවක් යයි කියනු ලැබේ.
මේ තමයි මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දන්නා ඉතා ශ්‍රේෂ්ඨ, වැදගත් කුල පරම්පරාවක් ඇති, බොහෝ කාලයක සිට දන්නා, ඉතා පැරණි, මිශ්‍ර නොවූ, පුරාණයේ හෝ මිශ්‍ර නොවූ ඒ ගැන කිසිදු සැක සංකාවක් නැති, නින්දා අපවාද ගැරහුම් නොලබන, ආර්ය පරම්පරා හතර.
මහණෙනි ඉදින්, මේ ආර්ය වංශ හතරේ ගුණයන්ගෙන් යුක්ත වූ භික්ෂුව නැගෙනහිර දිශාවේ වාසය කලත්, තමා ඒකාන්තයෙන්ම කාමයන් කෙරෙහි නොඇලීමේ සමර්ථවේ, කාමයන් කෙරෙහි වහාම කලකිරෙයි.
මහණෙනි ඉදින්, මේ ආර්ය වංශ හතරේ ගුණයන්ගෙන් යුක්ත වූ භික්ෂුව බටහිර දිශාවේ වාසය කලත්, තමා ඒකාන්තයෙන්ම කාමයන් කෙරෙහි නොඇලීමේ සමර්ථවේ, කාමයන් කෙරෙහි වහාම කලකිරෙයි.
මහණෙනි ඉදින්, මේ ආර්ය වංශ හතරේ ගුණයන්ගෙන් යුක්ත වූ භික්ෂුව උතුරු දිශාවේ වාසය කලත්, තමා ඒකාන්තයෙන්ම කාමයන් කෙරෙහි නොඇලීමේ සමර්ථවේ, කාමයන් කෙරෙහි වහාම කලකිරෙයි.
මහණෙනි ඉදින්, මේ ආර්ය වංශ හතරේ ගුණයන්ගෙන් යුක්ත වූ භික්ෂුව දකුණු දිශාවේ වාසය කලත්, තමා ඒකාන්තයෙන්ම කාමයන් කෙරෙහි නොඇලීමේ සමර්ථවේ, කාමයන් කෙරෙහි වහාම කලකිරෙයි.
“එයට හේතුව කවරක්ද?
මහණෙනි, ප්‍රඥාවන්තයා කාමයන්හි කලකිරෙන්නෙක් වේ”
කෙලෙස්, පණ්ඩිතයාව යටපත් නොකරයි. කෙලෙස්, පණ්ඩිතයාව මැඩගන්නට අසමර්තවේ.
පණ්ඩිතයා නොඇලීමේ සමර්ථ වේ. පණ්ඩිතයා සියලු කාමයන්හි කලකිරෙන්නෙක් වේ.
සියලු කර්ම අත්හැරි කල, කෙලෙස් ප්‍රහාණය කිරීම නොවැලැක්විය හැක්කකි.
‘දඹ රන් පවා කවර ලාමක වූ දෙයක් දැයි’ නින්දා කරන ඔහු
දෙවියන්ගෙන්ද, ආර්යයන්ගෙන්ද, ප්‍රශංසා ලබන්නෙක් වෙයි.