මේ සූත්‍රය සංයුත්ත නිකායේ-සලායතන වග්ග පාළි-සලායතන සංයුත්තය-ලෝකකාමගුණ වග්ගය- රාහුල හාමුදුරුවන් රහත් ඵලයට පමුණවාලීමට දේශනා කල සූත්‍රය බව සිහි තබාගන්න.
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටින එක කාලයක් විය. දිනක් බුදුන් වහන්සේ ඵල සමාපත්තියෙන් විවේකයෙන් වැඩ සිටින වෙලාවක, උන්වහන්සේට මෙවැනි සිතක් ඇතිවුණා.
“රාහුල දැන් හොඳින් වැඩී, ධර්මය අවබෝධයෙන් මුහුකුරා ගොස් සිටින්නේ. රාහුලට සියලු ආශ්‍රවයන් දුරු කර, උතුම් වූ අරහත්වයට පත්වීමට මග පාදන්නේ නම් යෙහෙකැයි” කියා.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයේ පිණ්ඩපාතයේ හැසිරුණහ. සැවැත්නුවර පිණ්ඩපාතයේ හැසිරීමෙන් පසුව, රාහුල හාමුදුරුවන් අමතා “රාහුල, වාඩි වීම සඳහා එලන වස්ත්‍රයකුත් අරගෙන, දවල් කාලය ගතකිරීම සඳහා අන්ධවනයට මා සමග එන්න” යයි කීහ.
‘හොඳමයි, ස්වාමීනි’යි පිළිතුරු දී රාහුල හාමුදුරුවන් වස්ත්‍රයක් ද රැගෙන, බුදුන් වහන්සේ පසුපස අන්ධවනය වෙත ගමන් කළේය.
එකල්හි නොයෙකුත් දහස් ගණන් දෙවිවරු බුදුන් වහන්සේ පසුපස ලුහු බැන්දේ “අද භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුෂ්මත් රාහුල, සියලු ආශ්‍රවයන් දුරු කර උතුම් වූ අරහත්වයට පත් කිරීමට සුදානම් වෙනවා” යයි දැනගැන්නට ලැබීම නිසා.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්ධ වනයේ ගසක් මුල පනවන ලද ආසනයක වැඩ සිටියහ. ආයුෂ්මත් රාහුල, බුදුන් වහන්සේට වැඳ පසෙකින් වාඩිවුණේය. ඒ ආයුෂ්මත් රාහුල අමතා බුදුන් වහන්සේ මෙසේ වදාළහ.
“රාහුල ඔබට කොහොමද හැඟෙන්නේ මේ කාරණා සම්බන්ධයෙන්?”
“ඇස ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්,
එය තමන්ට දුකක් ලබා දෙනවා නම්,
එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්,
එය ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“ඔබේ රූපය හෝ බාහිර අන් අයගේ හෝ අන් වස්තූන් වල රූප හෝ ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“ඇසෙන් දුටු රූප උපාදානය කරගෙන අතීතයේ ඔබ ගොඩනගා ගත් සිතුවිලි, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“ඇසට, රූප හමුවෙන ආකාරය, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“එය එසේ නම්, එවැනි වූ ආකාරයෙන් ඇසට හමුවෙන රූප නිසා ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැකීම් ද, ඒ අනුව ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ හැඳිනීම් ද, ඒ අනුව තමන් විසින් සකස්කරගන්නා අදහස් ද, ඒ අදහස් අනුව තමන්, විශේෂයෙන් ධාරණය කරගන්නා සිත් ද, යන මේවා ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමාගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි, තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, තමන්ට දුකක් ලබා දෙනවා නම්, එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්,
එය ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“කණ ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්,
එය තමන්ට දුකක් ලබා දෙනවා නම්,
එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, ‘එය ‘මමය- මගේය- මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“ඔබේ ශබ්දය හෝ බාහිර අන් අයගේ හෝ අන් වස්තූන් වල ශබ්ද හෝ ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“කණෙන් ඇසුණු ශබ්ද උපාදානය කරගෙන අතීතයේ ඔබ ගොඩනගා ගත් සිතුවිලි, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“කණට ශබ්ද හමුවෙන ආකාරය, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“එය එසේ නම්, එවැනි වූ ආකාරයෙන් කණට ඇසෙන ශබ්ද නිසා ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ ඇසීම් ද, ඒ අනුව ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ හැඳිනීම් ද, ඒ අනුව තමන් විසින් සකස්කරගන්නා අදහස් ද, ඒ අදහස් අනුව තමන්, විශේෂයෙන් ධාරණය කරගන්නා සිත් ද, යන මේවා ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමාගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි, තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, තමන්ට දුකක් ලබා දෙනවා නම්, එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය- මගේය- මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“නාසය ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්,
එය තමන්ට දුකක් ලබා දෙනවා නම්,
එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය- මගේය- මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“ඔබේ ගන්ධ හෝ බාහිර අන් අයගේ හෝ අන් වස්තුන් වල ගන්ධ හෝ ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“නාසයට දැනුණු ගන්ධ උපාදානය කරගෙන අතීතයේ ඔබ ගොඩනගාගත් සිතුවිලි ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“නාසයට, ගඳ-සුවඳ හමුවෙන ආකාරය, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ ස්වාමීනි’
“එය එසේ නම් එවැනි වූ ආකාරයෙන් නාසයට දැනෙන ගඳ-සුවඳ නිසා ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැනීම් ද, ඒ අනුව ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ හැඳිනීම් ද, ඒ අනුව තමන් විසින් සකස්කරගන්නා අදහස් ද, ඒ අදහස් අනුව තමන්, විශේෂයෙන් ධාරණය කරගන්නා සිත් ද, යන මේවා ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි, තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, තමන්ට දුකක් ලබා දෙනවා නම්, එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“දිව ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්,
එය තමන්ට දුකක් ලබා දෙනවා නම්,
එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“ඔබේ දිවට දැනෙන රස-නිරස ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“ඔබේ දිවට දැනුණු රස-නිරස උපාදානය කරගෙන අතීතයේ ඔබ ගොඩනගා ගත් සිතුවිලි, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“දිවට රස- නිරස හමුවෙන ආකාරය, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“එය එසේ නම්, එවැනි වූ ආකාරයෙන් දිවට දැනෙන රස- නිරස නිසා ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැනීම් ද, ඒ අනුව ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ හැඳිනීම් ද, ඒ අනුව තමන් විසින් සකස්කරගන්නා අදහස් ද, ඒ අදහස් අනුව තමන්, විශේෂයෙන් ධාරණය කරගන්නා සිත් ද, යන මේවා ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි, තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, තමන්ට දුකක් ලබා දෙනවා නම්, එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය- මගේය- මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“කය ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්,
එය තමන්ට දුකක් ලබා දෙනවා නම්,
එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් වන්නේ නැහැ, ස්වාමීනි’
“ඔබේ කයට දැනෙන සැපපහසු විඳීම්-දුක් අපහසු විඳවීම් ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“ඔබේ කයට දැනෙන සැපපහසු විඳීම්-දුක් අපහසු විඳවීම් උපාදානය කරගෙන අතීතයේ ඔබ ගොඩනගා ගත් සිතුවිලි, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“කයට, සැපපහසු විඳීම්-දුක් අපහසු විඳවීම් හමුවෙන ආකාරය ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“එය එසේ නම්, එවැනි වූ ආකාරයෙන් කයට දැනෙන සැපපහසු විඳීම්-දුක් අපහසු විඳවීම් නිසා ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ විඳීම් ද, ඒ අනුව ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ හැඳිනීම් ද, ඒ අනුව තමන් විසින් සකස්කරගන්නා අදහස් ද, ඒ අදහස් අනුව තමන්, විශේෂයෙන් ධාරණය කරගන්නා සිත් ද, යන මේවා ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි, තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, තමන්ට දුකක් ලබා දෙනවා නම්, එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය- මගේය- මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“සිත ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්,
එය තමන්ට දුකක් ලබා දෙනවා නම්,
එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
“ඔබේ සිතට දැනෙන සොම්නස්-දොම්නස් සිතිවිලි, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“ඔබේ සිතට දැනෙන සොම්නස-දොම්නස උපාදානය කරගෙන අතීතයේ ඔබ ගොඩනගා ගත් සිතුවිලි, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“සිතට, දැනෙන සොම්නස-දොම්නස හමුවෙන ආකාරය, ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“එය එසේ නම්, එවැනි වූ ආකාරයෙන් සිතට දැනෙන සොම්නස-දොම්නස නිසා ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ සිහිවීම් ද, ඒ අනුව ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ හැඳිනීම් ද, ඒ අනුව තමන් විසින් සකස්කරගන්නා අදහස් ද, ඒ අදහස් අනුව තමන්, විශේෂයෙන් ධාරණය කරගන්නා සිත් ද, යන මේවා ඔබේ කැමැත්තට අනුව පවතිනවාද, නැද්ද?”
‘මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ, ස්වාමීනි’
“යමක් තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, එය තමාට ලබා දෙන්නේ දුකක්ද, සතුටක්ද?”
‘දුකක්, ස්වාමීනි’
“යමක් වනාහි, තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම්, තමන්ට දුකක් ලබා දෙනවා නම්, එය වෙනස් වෙන, වැය වෙන, නැතිවන ධර්ම තාවයට යටත් වෙනවා නම්, එය ‘මමය- මගේය- මගේ ආත්මය’ යයි මනාසේ සිතට ගැනීමට සුදුසුද?”
‘එසේ මනාසේ සිතට ගැනීමට සුදුසු හේතුවක් ඇත්තේ නැහැ, ස්වාමීනි’
රාහුල, මෙසේ නුවණින් විමසා ගලපා බලන ආර්ය ශ්‍රාවකයෙකු
ඇස ‘මම හෝ මගේ’යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ ඇස තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
රූපය ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ රූපය තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
ඇස, ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන දකින රූප ගැන විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
ඇසට රූප දැකීම ‘මම දකිනවා හෝ මගේ ඇස දකිනවා’ යයි සිතා උපාදානය කරගෙන දකින රූප ගැන විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි, පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
එබැවින්, ඇසට රූප දැකීමෙන්, යම් ඒ ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැකීම්, ඒ අනුව ඇතිවන හැඳිනීම්, ඒ හැඳිනීම් නිසා තණ්හා-දෘෂ්ඨි-මාන අනුව ගොඩනගාගන්නා සිතිවිලි, ඒ සිතිවිලි වලිනුත් විශේෂයෙන්ම ධාරණය කරගන්නා සිත්, පිළිබඳව කලකිරෙනවා.
ඒ සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැකීම්ද, ඒ අනුව ඇතිවන හැඳිනීම්ද, ඒ හැඳිනීම් තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන් ගලපමින් ගොඩනගා ගන්නා සිතිවිලිද, ඒ සිතිවිලි නිසා ඇතිකරගන්නා විශේෂයෙන් ධාරණය කරගන්නා සිත්ද, අතහරිමින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
කණ ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ කණ තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
ශබ්දය ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ ශබ්දය තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
කණ, ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන අසන ශබ්ද ගැන, විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
කණට ශබ්ද ඇසීම ‘මම අසනවා හෝ මගේ කණ අසනවා’ යයි සිතා උපාදානය කරගෙන අසන ශබ්ද ගැන විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
එබැවින්, කණට ශබ්ද ඇසීමෙන්, යම් ඒ ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ ඇසීම්, ඒ අනුව ඇතිවන හැඳිනීම්, ඒ හැඳිනීම් නිසා තණ්හා-දෘෂ්ඨි-මාන අනුව ගොඩනගාගන්නා සිතිවිලි, ඒ සිතිවිලි වලිනුත් විශේෂයෙන්ම ධාරණය කරගන්නා සිත්, පිළිබඳව කලකිරෙනවා.
ඒ සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ ඇසීම්ද, ඒ අනුව ඇතිවන හැඳිනීම්ද, ඒ හැඳිනීම් තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන් ගලපමින් ගොඩනගා ගන්නා සිතිවිලිද, ඒ සිතිවිලි නිසා ඇතිකරගන්නා විශේෂයෙන් ධාරණය කරගන්නා සිත්ද, අතහරිමින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
නාසය ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ නාසය තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
ගන්ධය ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ ගන්ධය තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
නාසය, ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන දැනෙන ගන්ධ ගැන, විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
නාසයට ගන්ධ දැනීම ‘මම දැනගන්නවා හෝ මගේ නාසය දැනගන්නවා’ යයි සිතා උපාදානය කරගෙන දැනෙන ගන්ධ ගැන විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
එබැවින්, නාසයට ගන්ධ දැනීමෙන්, යම් ඒ ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැනීම්, ඒ අනුව ඇතිවන හැඳිනීම්, ඒ හැඳිනීම් නිසා තණ්හා-දෘෂ්ඨි-මාන අනුව ගොඩනගාගන්නා සිතිවිලි, ඒ සිතිවිලි වලිනුත් විශේෂයෙන්ම ධාරණය කරගන්නා සිත්, පිළිබඳව කලකිරෙනවා.
ඒ සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැනීම්ද, ඒ අනුව ඇතිවන හැඳිනීම්ද, ඒ හැඳිනීම් තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන් ගලපමින් ගොඩනගා ගන්නා සිතිවිලිද, ඒ සිතිවිලි නිසා ඇතිකරගන්නා විශේෂයෙන් ධාරණය කරගන්නා සිත්ද, අතහරිමින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
දිව ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ දිව තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
රසය ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ රසය තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
දිව, ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන දැනෙන රස ගැන, විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
දිවට රස දැනීම ‘මම දැනගන්නවා හෝ මගේ දිව දැනගන්නවා’ යයි සිතා උපාදානය කරගෙන දැනෙන රස ගැන විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
එබැවින්, දිවට රස දැනීමෙන්, යම් ඒ ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැනීම්, ඒ අනුව ඇතිවන හැඳිනීම්, ඒ හැඳිනීම් නිසා තණ්හා-දෘෂ්ඨි-මාන අනුව ගොඩනගාගන්නා සිතිවිලි, ඒ සිතිවිලි වලිනුත් විශේෂයෙන්ම ධාරණය කරගන්නා සිත්, පිළිබඳව කලකිරෙනවා.
ඒ සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ දැනීම්ද, ඒ අනුව ඇතිවන හැඳිනීම්ද, ඒ හැඳිනීම් තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන් ගලපමින් ගොඩනගා ගන්නා සිතිවිලිද, ඒ සිතිවිලි නිසා ඇතිකරගන්නා විශේෂයෙන් ධාරණය කරගන්නා සිත්ද, අතහරිමින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
කය ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ කය තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
පහස ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ පහස තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
කය, ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන දැනෙන පහස ගැන, විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
කයට පහස දැනීම ‘මම විඳිනවා හෝ මගේ කය විඳිනවා’ යයි සිතා උපාදානය කරගෙන විඳින පහස ගැන විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
එබැවින්, කයට පහස දැනීමෙන්, යම් ඒ ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ විඳීම්, ඒ අනුව ඇතිවන හැඳිනීම්, ඒ හැඳිනීම් නිසා තණ්හා-දෘෂ්ඨි-මාන අනුව ගොඩනගාගන්නා සිතිවිලි, ඒ සිතිවිලි වලිනුත් විශේෂයෙන්ම ධාරණය කරගන්නා සිත්, පිළිබඳව කලකිරෙනවා.
ඒ සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ විඳීම්ද, ඒ අනුව ඇතිවන හැඳිනීම්ද, ඒ හැඳිනීම් තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන් ගලපමින් ගොඩනගා ගන්නා සිතිවිලිද, ඒ සිතිවිලි නිසා ඇතිකරගන්නා විශේෂයෙන් ධාරණය කරගන්නා සිත්ද, අතහරිමින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
සිත ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ සිත තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
මතක ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා. එවිට එතෙක්, ඒ මතක තමා යයි හෝ තමාගේ යයි හෝ සිතාගෙන සිටි අදහස අතහරිනවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
සිත, ‘මම හෝ මගේ’ යයි සිතා උපාදානය කරගෙන සිහිවෙන මතක ගැන, විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
මනසට සිතිවිලි සිහිවීම ‘මම සිහිකරනවා හෝ මගේ සිත සිහි කරනවා’ යයි සිතා උපාදානය කරගෙන සිහිවෙන මතක ගැන විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි පිළිබඳව කලකිරෙනවා- ඒ විශේෂයෙන් ධාරණය කරගත් සිතිවිලි අතහරිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
එබැවින්, මනසට සිතිවිලි සිහිවීමෙන් යම් ඒ ඇතිවන සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ සිහිවීම්, ඒ අනුව ඇතිවන හැඳිනීම්, ඒ හැඳිනීම් නිසා තණ්හා-දෘෂ්ඨි-මාන අනුව ගොඩනගාගන්නා සිතිවිලි, ඒ සිතිවිලි වලිනුත් විශේෂයෙන්ම ධාරණය කරගන්නා සිත්, පිළිබඳව කලකිරෙනවා.
ඒ සැප හෝ දුක හෝ සැපදුක් නැති හෝ සිහිවීම්ද, ඒ අනුව ඇතිවන හැඳිනීම්ද, ඒ හැඳිනීම් තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන් ගලපමින් ගොඩනගා ගන්නා සිතිවිලිද, ඒ සිතිවිලි නිසා ඇතිකරගන්නා විශේෂයෙන් ධාරණය කරගන්නා සිත්ද, අතහරිමින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යන අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙනවා.
මෙසේ කලකිරෙමින්, ඒ කලකිරීමේද නොඇලෙන කෙනා, කිසිවක් කෙරෙහි නොඇලෙමින්, රාගය දුරුකරමින් විශේෂයෙන් මිදී නිදහස් වෙනවා. මිදී නිදහස් වූ කෙනාට ඒ මිදුනු බව දැනගැනීමේ නුවණ ලැබෙනවා.
හේ නැවත ඉපදීම නැතිකරන බ්‍රහ්මචරියාව සම්පූර්ණ කරනවා. කළයුත්ත කර අවසන් කරනවා. මේ වැනි උතුම් තත්වයක් වෙනත් නැති බව ඔහු නුවණින් අවබෝධ කරගන්නවා.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ආයුෂ්මත් රාහුල, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය. ඒ විස්තර දේශනාව හොඳින් අසා නුවණින් මෙනෙහි කල රාහුල ආයුෂ්මතුන්, සියලු ආස්‍රවයන්ගෙන් මිදී නිදහස් වන අරහත් ඵලය සාක්ශාත් කරගත්තේය.
ඒ මොහොතේ රැස්ව සිටි නොයෙක් දහස් ගණන් දෙවි සමූහයන්ටද, “හටගන්නා යමක් වේ නම් ඒ සියල්ල නිරෝධ වන බව” අවබෝධ වීම නමැති දහම් ඇස පහල වීම සිදුවුනේය. ඒ දෙවිවරු සෝවාන් ඵලයට පත්වීම සිදුවුනේය.