මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- අභිවුර්ධිය සලසා ගැනීමට අවශ්‍ය දෙවියන්ට සහ මිනිසුන්ට, ඒ සඳහා පිළිපැදිය යුතු උතුම් කරුණු පෙන්වා දෙමින් සිදුකල අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.
මා විසින් මෙසේ අසන ලදී.
බුදුන් වහන්සේ සැවත් නුවර අනාථ පිණ්ඩික සිටුතුමා විසින් ඉදිකරන ලද ජේතවනාරාමයේ වැඩසිටින එක කාලයක, එක්තරා මනරම් රාත්‍රියක අලංකාර වර්ණයන්ගෙන් බැබලුනු දෙවියෙක්, මුළු ජේතවනාරාමයම ඒකාලෝකමත්ව බබලවාගෙන බුදුන් වහන්සේ හමුවට පැමිණුනේය.
එසේ පැමිණ බුදුන් වහන්සේට වැඳ නමස්කාර කර, පසෙකින් සිට,
බුදුන් වහන්සේට ගාථාවකින් මෙසේ පැවසුවේය.
“බොහෝ දෙවියන්ට මනුෂ්‍යයන්ට තමන්ගේ යහපත-අභිවුර්ධිය, සලසාගැනීම සඳහා නිවැරදිව කල යුතු දේ කවරක්දැයි සිතා ගැනීමට නොහැකි වී තිබෙනවා.
අභිවුර්ධිය පතා, ඒ සඳහා කැමති වෙමින් වැඩිය යුතු, පිළිපැදිය යුතු උතුම් කරුණු කියාදෙන්නේ නම් යහපත්වේ”, යනුවෙන්.
බුදුන් වහන්සේ-
- තමන්ගේ සිත කය වචනය දුසිරිතයට පොළඹවන, තමාටත් අන් අයටත් හිංසාවක්-අවැඩක් ගෙන දෙන ආකාරයට තමන්ගේ හිත යොමුකරවන හෝ පොළඹවන, පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වෙන්වී සිටීමත්,
තමන්ගේ සිත කය වචනය තමාගේත් අනුන්ගේත් යහපත වෙනුවෙන් හැසිරවීම සඳහා මගපෙන්වන, තමාටත් සමාජයටත් වැඩදායක අයුරින් ජීවිතය හැඩගස්වා ගැනීමට උපකාරී වන, පුද්ගලයන්ගේ ආශ්‍රයන් පවත්වා ගැනීමත් මෙන්ම,
ඒ සත් පුරුෂ ආශ්‍රය හේතුකොට ලබන නිවැරදි අවබෝධය අනුව ගරු බුහුමන් කල යුත්තන්ට ගරු බුහුමන් කිරීමත්, පිදිය යුත්තන් පිදීමත්,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - පෙර කල පින් ද හේතුවෙනුත්,
යහපත් පරිසරයක (යහපත් අසල්වැසි වටපිටාවක ඇති ගේදොර- යහපත් අදහස් ඇති පවුල් පරිසර-මනුෂ්‍ය ගුණ ධර්ම වලට ගරු කරන රටක) වාසය කිරීමට ලැබීම නිසා, තමන්ගේ ජීවිතය යහපත් අරමුණක් සඳහා යොමුකර ගැනීමද,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - බොහෝ දේ අසා දැක, ඒවා නුවණින් මෙනෙහි කර, යහපත අයහපත ගැන සාමාන්‍යය දැනීම හෝ ඇති කරගැනීමත්,
සිත කය වචනය තමාටත් අනුන්ටත් යහපතක් වන අයුරින් සංවර කරගැනීමත්, බොරු කීම්-කේලාම් කීම්-පරුෂවචන කීම්-හිස් වචන කීම් වලින් තොරව තමන්ගේ වචනය භාවිතා කිරීමත්,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - බිරිඳ-දරුවන් එක්රැස් කරගෙන දෙමවුපියන්ට ඇප උපස්ථාන කිරීමත්,
යහපත් නීතිගරුක ආදායම් මාර්ගයක් පවත්වාගෙන යාමත්,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - ඤාති-මිත්‍රයන් සමග එකතුවී දානාදී පින්කම් වල යෙදීමත්,
සමාජයට වැඩදායී ලෙස ආදර්ශවත් අයුරින් කටයුතු කිරීමත්,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - සියලු පාපයන්ගෙන් වැලකී වෙන්වීමත්,
මත්පැන් පානයට ඇබ්බැහිවීම වලක්වා ගැනීම සඳහා තමන්ගේ ඉන්ද්‍රියයන් සංවර කරගනිමින් මනා සිහියෙන් යුතුව වාසය කිරීමත්,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - ගරු කල යුත්තාට ගරු කිරීමද, කිසිවෙකුට හිංසා පීඩා නොකිරීමද, ලද දෙයින් සතුටු වීමද, කළගුණ සැලකීමද, යහපත අයහපත ගැන අසා දැනගෙන, ඒ ඒ අවස්ථාවේදී නුවණින් විමසා නුවණින් අවබෝධ කරගෙන ඒ අනුව හැසිරීමද,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - නිසි කාලයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හමුවී කීකරුව ඉවසීමෙන් තමන් විසින් පිලිපැදිය යුතු නිවැරදි යහපත් ප්‍රතිපදා ගැන සාකච්ඡා කර දැනුවත් වීමද,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - සිත-කය-වචනය සංවර කරගනිමින් බ්‍රහ්ම චරියාවේ හැසිරීමද, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමද,
නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමද,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - දකින-ඇසෙන-දැනෙන-හැඟෙන රූප නිසා හට ගන්නා ලෝක ධර්මතාවයන් (ජය-පරාජය, නින්දා-ප්‍රශංසා, ලැබීම්-අහිමිවීම්, සැප-දුක) හේතුවෙන්, තමාගේ සිත කම්පා නොවන අයුරින් සංසිඳවා ගනිමින්, රාග-ද්වේශ-මෝහාදී කෙලෙස් වලින් මුළුමනින්ම තොරවී ආරක්ෂා වීමද,
උතුම් අභිවුර්ධි දායක කරුණු වේ. - කිසි තැනකදී නොපරදින, සියලු යහපත ලඟා කර දෙන, සංසිඳීමට පමුණුවන, මේ යනාදී ඒ පිළිවෙත් උතුම් අභිවුර්ධි දායක කරුණු වේ.