ධම්ම පදය-සුඛ වර්ගය
මෙම ගාථා තුන බුදුන් වහන්සේ දේශනා කර සිටියේ ශාක්‍ය- කෝලිය වංශ දෙක අතර රෝහිණී ගඟේ ජලය මුල් කර ගෙන ඇතිවූ විශාල කෝලාහලයක් හේතු කර ගෙනයි.
වෛරී සහගත බවින් මිදී අවෛරී වීමෙන් ඇතිවන්නේ ඉතා සුවපත්වූ සැපවත් වූ දිවි පැවැත්මකි.
අනිච්ච-දුක්ඛ-අනත්ත ගැන අවබෝධය තුලින්, සිත අවිද්‍යාවෙන් මුදවාගෙන උතුම් බවට පත් වී වෛරයෙන් මිදී අවෛරීව ජීවත් වන්න.
රාග-ද්වේශ-මෝහා දී කෙලෙස් වලින් මිදී නිකෙලෙස් වීමෙන් ඇතිවන්නේ ඉතා සුවපත්වූ සැපවත් වූ දිවි පැවැත්මකි.
අනිච්ච-දුක්ඛ-අනත්ත ගැන අවබෝධය තුලින්, සිත අවිද්‍යාවෙන් මුදවාගෙන උතුම් බවට පත් වී තෘෂ්ණා-දෘෂ්ඨි-මාන දුරු කර නිකෙලෙස්ව ජීවත් වන්න.
‘මමය-මගේය-මගේ ආත්මය’ යනුවෙන් ඇතිකරගෙන සිටින උපාදානය අත් හැරීමෙන් ඇතිවන්නේ ඉතා සුවපත්වූ සැපවත් වූ දිවි පැවැත්මකි.
අනිච්ච-දුක්ඛ-අනත්ත ගැන අවබෝධය තුලින්, සිත අවිද්‍යාවෙන් මුදවාගෙන උතුම් බවට පත් වී ‘මමය-මගේය-මගේ ආත්මය’ යනුවෙන් ඇතිකරගෙන සිටින උපාදානය දුරු කර නිකෙලෙස්ව ජීවත් වන්න.
මෙම ගාථා තුන බුදුන් වහන්සේ දේශනා කර සිටියේ ශාක්‍ය- කෝලිය වංශ දෙක අතර රෝහිණී ගඟේ ජලය මුල් කර ගෙන ඇතිවූ විශාල කෝලාහලයක් හේතු කර ගෙනයි.
ඒ ශාක්‍යයන්ගේ කිඹුල්වත් නුවරත්, කෝලියයන්ගේ කෝලිය නුවරත්, අතරින් ගලා බසිනා රෝහිණී ගඟේ වතුර වලින් කුඹුරු ගොවිතැන් කරන ඒ නුවර දෙකේ වැසියන්, ඒ වතුර අයිති කර ගැනීම සඳහා ඇතිකරගත් අඬදබරයකි. අවසානයේ මේ දබරය විශාල ලේ වැගිරීමක් විය හැකි වන, ඒ නුවර රජවරුන් අතටම පත්විණි.
මෙය දිවසින් දුටු බුදුන් වහන්සේ, යුද්ධයක් සිදුවීමට යන මේ ස්ථානයට වැඩම කර, රජවරු දෙදෙනාගෙන් මේ කෝලහාලයට හේතුව විමසූ සේක.
යුද්ධයට හේතුව රජවරුන්ගෙන් විමසුවත්, ඔවුන්ට හෝ ඔවුන්ගේ ඇමතියන්ට හෝ ගමේ නායක කිසිවෙකුට හෝ පිළිතුරු දී ගත නොහැකි වූයේ, මේ යුද්ධයට මුල්වූ හේතුව ඔවුන් හෝ දැන නොසිටි නිසයි.
| මෙය ඉතාමත් හොඳ නිදසුනක්, අද සමාජයේ සිදුවන දරුණු අපරාධ සහ ජාති වාදී – ආගම් වාදී කලකෝලහාල වලට. කිසිදු සාධාරණ වග විමසීමකින් තොරව, හේතුවූ මුල් කාරණය සොයා බැලීමකින් වත් තොරව, ‘මමය-මගේය-මගේ ආත්මය’ යන හැඟීමෙන් තණ්හා-දෘෂ්ඨි-මාන ඇතිකරගෙන, කොයි සා විශාල විනාශයන්ට මග පෑදීමට ඔබත් හවුල් වෙනවා දැයි නුවණින් මෙනෙහි කරගෙන, තමන්ගේ අවිද්‍යාවේ තරම අවබෝධ කර ගන්න. |
මෙසේ රජුගෙන් මහා ඇමැතිටත්, මහා ඇමතිගෙන් සෙනෙවි වරුන්ටත්, සෙනෙවි වරුන් ගෙන් යුවරජටත්, යුවරජගෙන් ගම් නායකයින්ටත්, දක්වා ප්‍රශ්නය මාරු වුනත්, පිළිතුරු දී ගත හැකි කිසිවකු නොවිණි.
අවසානයේදී බුදුන් වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට හැකි වූයේ, දැසි කම්කරුවන් කිහිප දෙනෙකුටයි. එම පිළිතුර වූයේ මේ රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීම හේතු කරගෙන මේ අඬදබරය පටන් ගත්තා, යන්නයි.
එවිට බුදුන් වහන්සේ ඔවුන්ගෙන් ඇසුවේ ‘මේ ජලයේ වටිනාකම කීයද’ කියායි. එවිට ඒ දෙපසම සිටි අය පිළිතුරු දුන්නේ ‘ඒ ජලයට මිලක් නැත’ කියායි.
ඉන්පසු බුදුන් වහන්සේ ඔවුන්ගෙන් ඇසුවේ ‘මිනිසෙකුගේ වටිනාකම කීයද’ කියායි. එවිට ඒ දෙනුවර වැසියෝම පිළිතුරු දී ඇත්තේ මිනිසෙකුගේ වටිනාකම මුදලින් පෙන්වා දිය නොහැකි තරම් ඉහල බවයි.
“එසේනම් ඔබලා මේ තරම් මිල කල නොහැකි මිනිස් ජීවිත බිල්ලට දෙමින් රකින්න යන්නේ මිලක් නැති ජලය නොවේදැයි”
ඇසූ බුදුන් වහන්සේ, එම දෙනුවර වැසියන්ට ඔවුන්ගේ අඥාන කම් ගැන පහදා දී, තමන් වහන්සේ තණ්‍හාව දුරු කිරීම නිසා
බිය-තැති ගැනීම් දුරු කර, අවෛරීව, කොතරම් සංසිඳීමකින් යුතුව සැපසේ වාසය කරනවා දැයි, පෙන්වා දී ඉහත ගාථා පාඨයන් වදාළ සේක.