ප්‍රවර්ග
ධම්ම පදය යමක වර්‍ගය

චූලකාල මහාකාල තෙරුන්

ධම්ම පදය-යමක වර්‍ගය

ඉන්ද්‍රියයන් සංවර කර නොගැනීම නිසා සැපයි-සුභයි ලෙස සිතමින් පංචේන්ද්‍රියන් පිනවමින්, ප්‍රමාණය ඉක්මවමින් කෑම ගැනීම නිසා අලස වෙමින්, තමන්ගේ හිත සුව පිණිස කය හෝ සිත වෙහෙසා කටයුතු කරගැනීමට උත්සාහවත් නොවෙමින් වාසය කරන කෙනා, දුර්වල ගසක් හුළඟකින් මැඩ ගන්නා සේ, මාරයා විසින් ඒකාන්තයෙන්ම මැඩගනී.

ලෙෳකික ලෝකයේ ඇති අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන අවබෝධයෙන් කලකිරී ඉන්ද්‍රියයන් සංවර කර ගනිමින්, ප්‍රමාණය දැන ආහාරය ගෙන විශ්වාසයක් ඇතිව නොපසුබට උත්සාහයෙන්, තමන්ගේ හිත සුව පිණිස කටයුතු කරන කෙනාව, මහා සුළඟකට වත් සෙලවිය නොහැකි ගල් පර්වතයක් සේ, මාරයාට ඒකාන්තයෙන්ම මැඩගැනීමට නොහැකිවේ.