ප්‍රවර්ග
ධම්ම පදය බාල වර්‍ගය

පුණ්‍ය මහිමය

ධම්ම පදය-බාල වර්‍ගය

ලාභ සත්කාරවලට ඇලීම හේතුවෙන් ඇතිවෙන නොසංසිඳීමත්, නිවණට යාමෙන් ඇතිවන සංසිඳීමත් පිලිබඳ දැනුම මනාසේ නුවණින් අවබෝධ කරගන්නා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුව, ලාභ සත්කාර කෙරෙහි නොඇලී, නිවණ සාක්ෂාත් කරගැනීම සඳහා කාය චිත්ත විවේකයෙන් යුතුව, ඒ ඒ මොහොතේ තම ඉන්ද්‍රියයන් වලට ස්පර්ශ වන අරමුණු දෙස නුවණින් බලමින් නුවණින් මෙනෙහි කරමින්, ප්‍රඥාව වඩවා ගනිමින් වාසය කරනවා.