ධම්ම පදය-චිත්ත වර්ගය
රාග ද්වේශ කෙලෙස් හේතුවෙන් කාමයන් විසින් යටපත් කරගත් සිත රැකගැනීමට හෝ නපුරු තත්වයට පත්වීමෙන් වලක්වාගැනීමට හෝ පහසු නොවේ.
ප්‍රඥාවන්තයා සිහි නුවණින් යුතුව ඒ ඒ මොහොතේ සිතට එන අරමුණු නුවණින් මෙනෙහි කරමින් තම සිත උතුම් වූ ස්ථිර අරමුණෙහිම රඳවාගන්නේ,
ඊතල වඩුවෙක් ගින්නෙන් රත්කරමින් ඊතලයක් ඉතා ඍජුව සිටින සේ නිමකරගන්නා විලාශයෙනි.
ජලයෙන් ඉවතට ගෙන ගොඩබිමට දමන ලද මත්සයෙක් ගැහෙමින් සෙලවෙන්නා සේ, කාමයන් කෙරෙහි අල්වා ගත් සිත පවත්වා ගත් කෙනාටද, මාරයා හමුවේදී
නිත්‍ය වශයෙන්ම සැලෙමින් කම්පා වීමට සිදුවේ.