ධම්ම පදය-පුෂ්ප වර්ගය
යම් සේ මහ මග දෙපස ඇති, කසල දරණ, අපද්‍රව්‍ය බැහැර වෙන දිය වලවල් වල හටගෙන, නැවත ඒ මඩෙහි නොතැවරෙමින්, ඒ මඩෙන් උඩට මතුව පිපි බැබලෙන සිත් අලවන සුළු අලංකාර සුවඳවත් නෙළුමක් සේ, අවිද්‍යාව නමැති මඩ ගොහොරුවේ හටගෙන, යම් දිනක පෙර කුසල් නිසා ඇසීමට ලැබෙන බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට හොඳින් සිහිය යොමුකරමින් අසා දැනගෙන, නුවණින් මෙනෙහි කරගනිමින් වැඩවා ගන්න ප්‍රඥාව නිසා, නැවත ඒ අවිද්‍යාවේ නොතැවරවෙන සේ මාර්ග ඵලයකට පත්වී සම්මා සම්බුද්ධ සාසනයේ ශ්‍රාවකයෙක් ලෙස බබලන්නේය.