ප්‍රවර්ග
ධම්ම පදය බාල වර්‍ගය

සුධම්ම ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-බාල වර්‍ගය

සිහි නුවණින් කටයුතු නොකරන, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන, භික්ෂූන් පිරිවරා ඉන්න මහණ පන්සල්වලද, අනුන්ට පූජා කරන දේවලද, අධිපතිකම අපේක්ෂා කරනවා.

“මේ සියල්ල මා විසින්ම කරන ලදැයි ගිහි-පැවිදි දෙකොටසටම හැඟිය යුතුයි”.
“ලොකු හෝ කුඩා කිසියම් ඕනෑම කටයුත්තක් වුවද මා විසින්ම කළ යුතුයි”.
මෙලෙස මේ අඥානයා ගොඩනගා ගන්නා සිතිවිලි නිසා ඔහු තුල තෘෂ්ණාවද, මානයද තව තවත් වැඩෙනවා.