ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය
රාග ද්වෙශාදී කෙලෙස් දුරුකර යහපත් ගුණධර්ම වැඩීම සඳහා ප්‍රඥාවන්තයා,
ගෘහාශ්‍රිත ප්‍රදේශ වලින් ඉතා බැහැර වූ කාය චිත්තාදීන්ගේ විවේකය සඳහා සුදුසු පරිසරයක වාසයට එළඹෙයි.
රාග ද්වෙශාදී කිසිදු පළිබෝධයක් නැවත ඇති නොවන සේ අවිද්‍යාවත්, තෘෂ්ණාවත් බැහැර කරමින්,
ඒ ප්‍රඥාවන්තයා තමාගේ සිත, සියලු කෙලෙස් වලින් මුදවා පිරිසිදු කර ගනියි.
නිර්වාණයට පමුණුවන ඒ ගුණයන්, වීර්යයෙන් යුතුව නිවැරදිව වඩමින් පිරිසිදු වූ සිතක් ඇතිකර ගන්නා නිසා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි යනුවෙන් තණ්හා-දෘෂ්ඨි-මානයන් ගෙන් කිසිවක් කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් නැති
ඒ ඔහු, සියලු ආශ්‍රවයන් දුරු කර නිර්වාණය සාක්ෂාත් කරගනිමින් ඔහුගේ ජීවිතය ආලෝකමත් කරගන්නේය.