ධම්ම පදය-සහස්‍ර වර්‍ගය
සත්පුරුෂයෙක් නොවන කෙනෙකුගේ ප්‍රයෝජනයක් නැති හිස් දේශනා සියයක් අසනවාට වඩා ප්‍රඥාවන්තයෙක්ගෙන් අසන එක අර්ථවත් ධර්ම කරුණක් නිසා සංසිඳීමට පත්වන්නේය.
යම් කෙනෙක් මිනිසුන් දහසක් සමග සටන් කරලා ඒ දහසම දිනා ගන්නවාට වඩා තමන්ගේ සිත සමග සටන් කර ඒ සිත කෙලෙස් වලින් මුදවා පිරිසිදු කර ගැනීමෙන් තමයි ඒකාන්තයෙන්ම ඔහුගේ යුධ ජයග්‍රහණය බැබලෙන්නේ.