ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

නිදිකිරමින් බණ ඇසූ මිනිස්සු

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

මිනිස් සමූහයෙන් නිර්වාණයට හෙවත් පරතෙරට යන්නේ ඉතා අල්පයක් දෙනා පමණයි.
ඉතිරි සත්ව සමූහයම සසරේ උපදිමින් මැරෙමින්, කම්පාවෙන් පෙළෙමින් කාමය පසුපස දුවයයි.

බුදුන් වහන්සේ මනාසේ දෙසූ ධර්මය අසා නුවණින් මෙනෙහි කරමින් අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුව හැසිරෙන කෙනා, ඉතා අමාරුවෙන් එතෙර විය යුතු මාරයාට අයත් පෙදෙස ඉක්මවමින් හෙවත් කාමයෙන් අත්මිදෙමින්සං සාරයෙන් එතෙර වීම සිදු කරගන්නේය.