ප්‍රවර්ග
අරහත් වර්‍ගය ධම්ම පදය

මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ගුණ කථාවක්

ධම්ම පදය-අරහද් වර්‍ගය

උත්සාහවත් වෙමින් කාමය දුරු කර, සිහි නුවණින් යුතුව වාසය කරන ප්‍රඥාවන්තයා සිව්පසය නිසා හෝ වෙනත් ලාභයන් නිසා වාසස්ථානයන්ට උපාදානය වෙන්නේ නැහැ. ජල වාසස්ථානයක් යයි සිතමින් විලටම උපාදානය නොවී විල් අතහැර යන හංසයා සේ, සිවුපසයට ගිජු නොවන ප්‍රඥාවන්තයාද සිව්පසය ලැබීම අපේක්ෂාවෙන් එකම ස්ථානයකට නොඇලී ඒවා අතහැර තමන්ගේ අභිවුර්ධියට සුදුසු පරිසරයන් සොයා යන්නේය.