ප්‍රවර්ග
ධම්ම පදය පාප වර්‍ගය

අනාථපිණ්ඩිකසිටානන්ගේ උදාර අදහස

ධම්ම පදය-පාප වර්‍ගය

කෙනෙකු විසින් කරන පාපී ක්‍රියා වලට දුක් විපාක විඳින්න නොලැබෙන තාක් කල් ඔහු ඒ පව් කම් දකින්නේ සැපයි සුබයි ලෙස.
ඔහුට එහි දුක් විපාක ලැබෙන්න පටන් ගත් දා සිට තමයි ඔහු දකින්නේ ඔහුගේ ඒ ක්‍රියා අයහපත් ක්‍රියා විදියට. කෙනෙකුට කරන්න සිදුවෙන යහපත් ක්‍රියා වලට සැප විපාක විඳින්න නොලැබෙන තාක් කල් ඔහු ඒ යහපත් ක්‍රියා දකින්නේ දුකක්, කරදරයක් ලෙස. ඔහුට එහි සැප විපාක ලැබෙන්න පටන් ගත් දා සිට තමයි ඔහු දකින්නේ ඔහුගේ ඒ ක්‍රියාව ඔහුට යහපතක් ගෙන දුන් ක්‍රියා ලෙස.