ප්‍රවර්ග
ධම්ම පදය පාප වර්‍ගය

කුක්කුට මිත්‍රයා

ධම්ම පදය-පාප වර්‍ගය

අතෙහි තුවාල ඇති කෙනෙක්ට තමන්ගේ අතින් අල්ලාගෙන විෂ ද්‍රව්‍යයක් ගෙනයන්න බැහැ.හේතුව නම් ඒ විෂ ඉතා ඉක්මණින් තුවාල ඔස්සේ ශරීරයට ඇතුළු වන නිසයි.
ඒ ආකාරයට තමන් තුල රාග-ද්වේශ සිතිවිලි පවතින කෙනා සිදුකරන කුමන ක්‍රියාවකින් වුවත් තමන්ට ඕනෑම මොහොතක අකුසල් ඇති විය හැකියි.
නමුත් තුවාලයක් නැති අතට විස නිසා හානියක් වෙන්නේ නැහැ වගේ, කෙනෙක් තුල රාගය ද්වේශ සිතිවිලි නැත්නම් ඔහු තුල අකුසල් චේතනාව නොමැති නිසා ඒ කෙනා විසින් සිදු කරන ක්‍රියා නිසා ඔහුට අකුසල් ඇති වීමක් සිදු වෙන්නේ නැහැ.