ප්‍රවර්ග
ධම්ම පදය පාප වර්‍ගය

මැණික්කරු කළ අපරාධය

ධම්ම පදය-පාප වර්‍ගය

වරින් වර මිනිස් මවුකුසකට පැමිණෙන දීර්ඝ සංසාරයේ ගමන් කරන සත්වයන්, මනුෂ්‍යයෙකු ලෙස ඉපදී අකුසල් ක්‍රියා සිදු කරමින් නැවත නැවත ප්‍රේත-අසුර-තිරිසන්-නිරය යන සතර අපා දුගතියටද, කුසල් ක්‍රියා සිදු කරමින් නැවත මනුෂ්‍ය-දිව්‍ය-බ්‍රහ්ම ලෝක යන සුගතින්ටද, යනවා සේම, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි තම සිත සහ කය කෙරෙහි තිබූ උපාදානය දුරු කර ගත් කෙනා, තණ්හා-දෘෂ්ඨි-මාන යන කෙලෙස් වලින් මිදී, නැවත කිසිදු ලෝකයක් තුල නූපදින සේ පරිනිර්වාණයටද, පත් වී ඒ දුක්ඛිත සසර ගමන කෙලවර කරගනු ලබන්නේය.