ධම්ම පදය-බුද්ධ වර්‍ගය
බොහෝ පර්වත, වනාන්තර, පන්සල්, ගස් වැල්, චෛත්‍ය සරණ යන්නේ ඒකාන්තයෙන්ම භයෙන් තැතිගත් මනුෂ්‍යයන්ය.
ඒ සරණ යාම් කිසිවකින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.
ඒ සරණ යාම් කිසිවකින් සැනසීමක් ලැබෙන්නේ නැහැ.
ඒ සරණ යාම දුකෙන් මුදවන්නේ නැහැ.
අවබෝධයෙන් බුදුන් දහම් සඟුන් සරණ ගිය කෙනෙක් චතුරාර්ය සත්‍යය මනාකොට නුවණින් අවබෝධ කරගන්නේය.
දුක, දුක හටගන්නා ආකාරය, නිවණ, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගැන නිවැරදිව අවබෝධ කරගැනීම දුකෙන් මිදීමේ මාර්ගය වන්නේය.
එය නිවණට උපකාර වේ, එය දුකෙන් මිදීම සඳහා උපකාර වේ.
ඒ අවබෝධ කරගැනීම සියලු දුකෙන්ම මුදවනු ලැබේ.