ප්‍රවර්ග
ක්‍රෝධ වර්‍ගය ධම්ම පදය

අතුල උපාසකයා

ධම්ම පදය-ක්‍රෝධ වර්‍ගය

පුරාණයේ හෝ අද යයි හෝ කියා වෙනසක් නැහැ.
නිශ්ශබ්දව හිටියත් ගරහනවා, අඩුවෙන් කතා කලත් ගරහනවා, බොහෝ කොට කතා කලත් ගරහනවා, ප්‍රමාණයට කතා කලත් ගරහනවා, මේ ලෝකයේ නින්දා නොලබන කිසිවෙක් නැහැ.

මේ ලෝකේ ඉන්න මිනිස්සු නැහැ එකක්ම කියන්නේ, නැහැ එකක්ම සිද්ධ කරන්නේ, නැහැ එකක්ම සිතන්නේ කියල දකින්න පුළුවන්.
වෙලාවකට ප්‍රශංසා කරන කෙනා වෙලාවකට නින්දා කරනවා.

ඉදින් ප්‍රඥාවන්තයා යමක් ප්‍රශංසා කරන්නේ හොඳින් පරීක්ෂා කර බලා, එයින් හෙට දවසේ ඒකාන්තයෙන්ම යහපතක් ලැබෙනවා නම් පමණයි.
එලෙස කිසිදු වැරදි පැවැත්මක් ඇති නොකරගන්නා ප්‍රඥාවන්තයා තමන් තුල සීලයද, ප්‍රඥාවද, සමාධියද වඩවා ගන්නේය.

ජම්බොනද නම් ඉතා වටිනා රන් වර්‍ගය මෙන් ඒ ශීලයෙන් බැබලෙන ඔහුට කවරක් නිසා නින්දා කරන්නද.
දෙවියන්ද, බ්‍රහ්මයන්ද ඔහුව ප්‍රශංසා කරනු ලබන්නේය.