ධම්ම පදය-මාර්‍ග වර්‍ගය
තමන් විසින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියමින් උපාදානය කරගන්නා සියල්ල, තමන්ගේ කැමැත්තට අනුව නොපවතිමින් වෙනස් වන බවත්, ඒ උපාදානය කරගත් තමන්ගේ කැමැත්තද මුල්කැ මැත්තට අනුව නොපවතිමින් වෙනස් වන බවත්, යම් කලෙක සිහිය පිහිටුවාගෙන නුවණින් විමසන කෙනාට අවබෝධ කරගන්න හැකිවෙනවා.
ඒ වෙනස් වීම් නිසා තමාට දුකෙන් පෙළීමට සිදුවූ බව අවබෝධවූ වහාම, ඔහු ඒ සියලු බැඳීම් කෙරෙහි කළකිරෙනවා.
ඒ ආකාරයෙන් කළකිරීම තමයි ඔහුව නිවන් මාර්ගයට පමුණුවන්නේ.