ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

ආ ගිය තැන් ගැණ කතා කළ භික්‍ෂූන් වහන්සේලා

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

පිළිවෙත් අතරින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශ්‍රේෂ්ඨ වේ.
සත්‍යයන් අතරින් ආර්ය සත්‍යය සතර ශ්‍රේෂ්ඨ වේ.
ධර්මය පිලිපදින්නන් අතරින් රහත් කෙනා ශ්‍රේෂ්ඨ වේ.
දෙපා සත්වයන් අතරින් බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වේ.

ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැර වෙන මගක් නැහැ, කෙලෙස් වලින් මිදී පිරිසිදු වීමට.
ඒ නිසා තෙපි ඒ මාර්ගය අනුගමනය කරමින් මාරයාව මුලා කරන්න.

ඒ මාර්ගය අනුගමනය කරන තොපට දුක කෙලවර කිරීමට හැකිවේවි.
ඒ කෙලෙස් සිඳලන මාර්ගය ගැන මා විසින් මනාව අවබෝධ කරගෙන ප්‍රකාශ කලෙමි.

තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට වීර්යයෙන් කටයුතු කරමින්ඒ ඒ මොහොතේ නැවත නැවත නුවණින් මෙනෙහි කරමින්සි හි නුවණින් වාසය කරමින්ඔ බලා මාරයාගේ බැඳීමෙන් නිදහස් වන්න.