ප්‍රවර්ග
ජරා වර්‍ගය ධම්ම පදය

ධනවතකු හිඟන්නකු වීම

ධම්ම පදය-ජරා වර්‍ගය

යෞවන වයසේදී ලැබිය හැකිව තිබූ ඉහලම වටිනා සම්පත වන, බ්‍රහ්ම චරියාවේ හැසිරීම අහිමි කරගත් මහල්ලා, මහලු වියේදී යම්කිසි ශීලයක් වෙනුවෙන් යයි පවසමින් ලිංගික ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීම, මාළුන් හිඳුනු වතුර වලක් දෙස බලාගෙන තපස් රකිනවා යයි පවසන වයසට ගිය කොකෙක් වැනිය.
 
යෞවන වයසේදී ලැබිය හැකිව තිබූ ඉහලම වටිනා සම්පත වන බ්‍රහ්ම චරියාවේ හැසිරීම අහිමි කරගත් මහල්ලා, තමන්ට අතපසුවූ දේ ගැන දුක්වෙන්නේ, තැවෙන්නේ, යුද්ධයට යාමට පෙර දුනු මුවහත් කර ගැනීමට නොහැකිවූ සේනා භටයෙක් ශෝක කරන්නා සේය.