ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය
ධර්මයෙහි පිහිටා නැත්නම් යම් විනිශ්චයක් දීමේදී අර්ථය නොවිමසමින් තීරණය පමුණුවයි.
ප්‍රඥාවන්තයා අර්ථය, අනර්ථය යන දෙකම විමසමින් තීරණ ලබාදෙයි.
ඔහු අනුන් කෙරෙහි විනිශ්චය කිරීමේදී ධර්මයට අනුව හොඳින් කල්පනා කර බලා අගති ගාමී නොවී විනිශ්චය පමුණුවයි ධර්මයට අනුව හික්මුණු ප්‍රඥාවන්තයා යුක්තිගරුක පුද්ගලයෙක්, යයි කියනු ලැබේ