ප්‍රවර්ග
ධම්ම පදය ප්‍රකීර්‍ණක වර්‍ගය

නො කටයුත්තෙහි යෙදුනු භික්‍ෂූන් වහන්සේලා

ධම්ම පදය-ප්‍රකීර්‍ණක වර්‍ගය

කවර හෝ තැවීමක් ඇතිකරන නුසුදුසු ක්‍රියා නම්, ඒවා නුවණින් අවබෝධකරගෙන එදින සිටම ඒ ක්‍රියා ඉවත දැමිය යුතුයි.
මානයෙන් ඇවිලී, පිරිහෙන ක්‍රියාවල යෙදෙන කෙනා තුල කෙලෙස් වැඩෙනවා.

බලවත් සේ ආරම්භ කර නිතර කායානුපස්සනාව වඩන කෙනා කුසල් රැස් කරනවා.
තමන්ට සිදුවෙන යහපත ගැන අවබෝධයෙන් යහපත් කටයුතු වල යෙදෙන ඔහු නුසුදුසු ක්‍රියා වල යෙදෙන්නේ නැහැ.
එළඹ සිටි සිහියෙන් යුතුව මනා ප්‍ර‍ඥාවෙන් ක්‍රියා කරන්නා තුල කෙලෙස් ප්‍රහාණය වෙනවා.