ධම්ම පදය-දණ්ඩ වර්‍ගය
නිර්වස්ත්‍රව හැසිරෙමින් රකින සීලයකින්වත්, තලප්පාවක් හිස පැළඳ රකින සීලයකින්වත්, ශරීරය පිරිසිදු නොකරමින් රකින සීලයකින්වත්, පොලව මත දමන ආහාර පාන ගනිමින් හිස් පොලව මත වැතිර සිටිමින් රකින සීලයකින්වත්, කුණු තට්ටුවලින් වැසුණු පිරිසිදු නොකරන ලද ශරීරය ඇතිව තනි කකුලෙන් හිටගෙන ඉඳිමින් රකින සීලයකින්වත්, ශුද්ධ වීමට ක්‍රියා කරන මිනිසාට, එතෙර වීමක් නැති බවට සැකයක් නැහැ.