ප්‍රවර්ග
දණ්ඩ වර්‍ගය ධම්ම පදය

මහමුගලන් මහතෙරුන්ගේ පිරිනිවීම

ධම්ම පදය-දණ්ඩ වර්‍ගය

කිසිවෙකුට හිංසා පීඩා නොකරන, දුෂිත නොවූ සිත් ඇති කෙනෙකුට සිදුකරන විරුද්ධ වාදී කම් හෝ හිංසා පීඩා නිසා දස විධ ආකාර දුක් විඳීමට සිදුවන නිරයන් අතරින් එක්තරා ස්ථානයකට වහාම පත්වී දුක් විඳීමට සිදුවෙනවා.

මරණයෙන් පසුද ඉතා නපුරු දුක් කරදර විඳීම්ද, බරපතල වූ ලෙඩ දුක් ආබාධද, මානසික ආබාධද පමුණුවා ගනු ලබනවා.

රජුන් ගෙන් දඬුවම් ලැබීමට ලක්වීම් වැනි විපත් හෝ බලවත් අසත්‍ය චෝදනා වලට ලක්වීම්, අඹුදරු ඥාති අහිමි වීම්, භෝග සම්පත් විනාශ වීම්, වැනි දේ වලට මුහුණ පෑමටද සිදුවෙනවා.

එවැනි ක්‍රියා සිදු කරන කෙනාගේ ගෘහ ජීවිතය දුක් ගිනිවලින් දැවෙනවා.
ඒ අඥානයා කය බිඳී නිරයට පමුණුවනවා.