ධම්ම පදය-ප්‍රකීර්‍ණක වර්‍ගය
තමන්ගේ නුවණින් මෙනෙහි කරමින් ධර්මය අවබෝධකරගෙන ධර්මයේ පැහැදුණු ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයා දිවා රෑ දෙකේ නිතරම බුදුන්ගේ ගුණ සිහිකරයි.
තමන්ගේ නුවණින් මෙනෙහි කරමින් ධර්මය අවබෝධකරගෙන ධර්මයේ පැහැදුණු ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයා දිවා රෑ දෙකේ නිතරම ධර්මයේ ගුණ සිහිකරයි.
තමන්ගේ නුවණින් මෙනෙහි කරමින් ධර්මය අවබෝධකරගෙන ධර්මයේ පැහැදුණු ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයා දිවා රෑ දෙකේ නිතරම සංඝයාගේ ගුණ සිහිකරයි.
තමන්ගේ නුවණින් මෙනෙහි කරමින් ධර්මය අවබෝධකරගෙන ධර්මයේ පැහැදුණු ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයා දිවා රෑ දෙකේ නිතරම කායානුපස්සනාව වඩයි.
තමන්ගේ නුවණින් මෙනෙහි කරමින් ධර්මය අවබෝධකරගෙන ධර්මයේ පැහැදුණු ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයා දිවා රෑ දෙකේ අවිහිංසාවාදී සිතිවිලි මෙනෙහි කරයි.
තමන්ගේ නුවණින් මෙනෙහි කරමින් ධර්මය අවබෝධකරගෙන ධර්මයේ පැහැදුණු ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයා දිවා රෑ දෙකේ අනිත්‍යාදිය මෙනෙහි කිරීමේ යෙදෙයි.