ප්‍රවර්ග
ධම්ම පදය ප්‍රකීර්‍ණක වර්‍ගය

ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-ප්‍රකීර්‍ණක වර්‍ගය

තෘෂ්ණාව නමැති මවද, මමය යන මානය නමැති පියාද, ශාස්වත සහ උච්චේද යන දෘෂ්ඨි දෙක නමැති රජුගේ ප්‍රධාන සෙබළුන් දෙදෙනාද, මගේ යයි උපාදානය කරගත් ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස නමැති රට සහ එහි පිරිවරද, නැසූ කෙනා බ්‍රාහ්මණයෙක් වෙනවා.

තෘෂ්ණාව නමැති මවද, මමය යන මානය නමැති පියාද, ඇත සහ නැත යන අන්ත දෙක නමැති රජුගේ ප්‍රධාන පුරෝහිතයන් දෙදෙනාද, පංච උපාදානස්කන්ධ නමැති ව්‍යාඝ්‍රයන් පස් දෙනා ද, නැසූ කෙනා බ්‍රාහ්මණයෙක් වෙනවා.