ප්‍රවර්ග
ධම්ම පදය ලෝක වර්‍ගය

විදර්‍ශක භික්‍ෂූන් වහන්සේ

ධම්ම පදය-ලෝක වර්‍ගය

දිය බුබුලක් දෙස බලා එහි ඇතිවී පැවති වහා නැතිවී යන අස්ථිර ස්වභාවය නුවණින් අවබෝධ කරගන්න, මිරිඟුව දෙස බලා එහි නැති වතුර ඔබට පෙනෙන මායාකාර ස්වභාවය නුවණින් අවබෝධ කරගන්න, ඒ ආකාරයටම ලෝකයේ ඇති සියල්ල දෙස බලන්න. ඒ සෑම දෙයක්ම ඇතිවී පැවතී නැතිවී යන අස්ථිර ස්වභාවයත්, ඒ සෑම එකකටම තමන්ගේ ඇති ප්‍රිය අප්‍රිය භාවය වරින් වර වෙනස් වෙන ස්වභාවයත් අවබෝධකර ගෙන ඒවාට ඇති ඇලීම් ගැටීම් වලින් වැළකෙන කෙනාව මාරයා විසින් දකින්නේ නැහැ.