ප්‍රවර්ග
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

අඞ්කුරගේ දානය

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

කුඹුරක වැවෙන හානිකර තණ කොළ ගලවා ඉවත් කරන්නා සේ, තමන්ගේ අභිවුර්ධියට අහිතකර ආලය ඇතිකරන සිතිවිලි දුරු කල යුතුයි.
එලෙස ඇලීම් බැඳීම් වලින් තොර වූ කෙනාහට පිරිනමන දානයෙන් මහත් සැප විපාක අත්වීම සිදුවේ.

කුඹුරක වැවෙන හානිකර තණ කොළ ගලවා ඉවත් කරන්නා සේ, තමන්ගේ අභිවුර්ධියට අහිතකර ද්වේශය ඇතිකරන සිතිවිලි දුරු කල යුතුයි.
එලෙස ගැටීම් වලින් තොර වූ කෙනාහට පිරිනමන දානයෙන් මහත් සැප විපාක අත්වීම සිදුවේ.

කුඹුරක වැවෙන හානිකර තණ කොළ ගලවා ඉවත් කරන්නා සේ, තමන්ගේ අභිවුර්ධියට අහිතකර අවිද්‍යා සහගත සිතිවිලි දුරු කල යුතුයි.
එලෙස අවිද්‍යාවෙන් තොර වූ කෙනාහට පිරිනමන දානයෙන් මහත් සැප විපාක අත්වීම සිදුවේ.

කුඹුරක වැවෙන හානිකර තණ කොළ ගලවා ඉවත් කරන්නා සේ, තමන්ගේ අභිවුර්ධියට අහිතකර ‘මම කැමතියි, මම අකමැතියි’ ලෙස ඇතිකරගන්නා සිතිවිලි දුරු කල යුතුයි.
එලෙස ‘මම’ යයි යන හැඟීමෙන් තොර වූ කෙනාහට පිරිනමන දානයෙන් මහත් සැප විපාක අත්වීම සිදුවේ.