ප්‍රවර්ග
ධම්ම පදය නිරය වර්‍ගය

ඇවැත් මැඩ විසූ මහණෙක්

ධම්ම පදය-නිරය වර්‍ගය

වැරදියට අල්ලන ලද තණ කොලයට අත කැපී යන්නේ යම්සේද, වැරදියට ස්පර්ශ කරන ලද ශ්‍රමණ භාවය නිසා නිරයට පමුණුවන්නේය.

ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයේ නොහික්මෙමින්, පිරිසිදු බ්‍රහ්මචරියාවේ නොහැසිරෙමින්, සිදුකරන සුළු යහපත් ක්‍රියා වලින් මහත් කුසල් විපාක අත්වෙන්නේ නැහැ.

කවර හෝ පැවැත්මක් නිසා ඇතිවිය හැකි කවර හෝ කම්පාවක් බලවත් වීර්යයක් ඇතිකරගනිමින් පවිත්‍ර කරගත යුතුයි.
සුළු හෝ වැරදි කරන පැවිද්දාහට අධික සේ කෙලෙස් වැගිරෙයි.