ප්‍රවර්ග
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

කෙල්ලකගේ බසට රැවටුණු මහණෙක්

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

පස් කම් සැපයට ඇති බලවත් ගිජුකම නිසා, මිනිසා තම ඉන්ද්‍රියයන් වලට අරමුණු වන රූපයන්හි හොඳ නරක කල්පනා කිරීමේ බැස ගන්නවා.
එසේ කල්පනා කරමින් ඇතිකරගන්නා බලවත් බැඳීම් නිසා, ඔහු තුල තණ්හාව දැඩි සේ වැඩෙනවා.

තම ඉන්ද්‍රියයන් වලට අරමුණු වන රූපයන් කෙරේ ඇතිවන ඇලීම් තමන් හට ශෝකය උපද්දවන ආකාරය නුවණින් මෙනෙහි කර අවබෝධ කරගත් කෙනා සෑම මොහොතකම සිහියෙන් සිටිමින් ඒ ඇලීම් වල ආදීනව නුවණින් මෙනෙහි කරමින් වාසය කරනවා.
ඒ නිසා ඔහු අරමුණු වන රූපයන්හි හොඳ නරක කල්පනා කරන්නේ නැහැ.
එලෙස තමාට ඇතිවිය හැකි විපත් අවසන් කරගන්නා කෙනා, මාරයාගේ බන්ධනයද සිඳ දමන්නේය.