ධම්ම පදය-භික්‍ෂු වර්‍ගය
බුද්ධ ශාසනය ගැන පැහැදීමෙන් පැවිදි බවට පත්වී මෛත්‍රියෙන් යුක්තව වාසය කරන භික්ෂුව ‘මම’ය යන හැඟීමෙන් ඇතිකරගන්නා අවිද්‍යා සහගත සිතිවිලි සංසිඳවමින්
ශාන්තවූ නිවණ අවබෝධ කරගන්නේය.
ඉවත්කරන්න භික්ෂුව, මේ තමන්ගේ කියා සේවනය කරන නිශ්චිත නොවන නිස්සාර දේ.
ඔබ තුල ඇති රාග ද්වේශ සිඳ දමන තැන් පටන් නිවණට එළඹීම වන්නේය.
රූප-වේදනා- සංඥා-සංකාර-විඥාන යන පංච ස්කන්ධයන්ට ඇති උපාදාන සිඳ දමන්න, කාමච්ඡන්ද-ව්‍යාපාද-ථීනමිද්ධ-උද්දච්ඡ කුක්කුච්ච-විචිකිච්ඡා යන පංච නීවරණ දුරු කරන්න, ශ්‍රද්ධා-වීර්යය-සති-සමාධි-ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන් වඩවන්න.
රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ යන බාහිර රූපයන්ට ඇති ඇලීම් දුරු කරන භික්ෂුව කාමාදී සැඩ පහර තරණය කර සංසාර සාගරයෙන් එතෙර වන්නේ යයි කියනු ලැබේ.
භික්ෂුව භාවනා වඩන්න. එපා, සිහිනුවණින් තොරව කටයුතු කරන්න.
එපා, ඉන්ද්‍රියන්ට අරමුණු වන රූප කෙරෙහි සිත අලවගන්න.
එපා, සිහිනුවණින් කටයුතු නොකරමින් සිට නිරයට වැටි ලෝහ ගුලි ගිලින්න.
එපා, හඬමින් දුකෙන් පෙළෙමින් දැවෙමින් සිටීමට ඉඩ සලසාගන්න.
භාවනා නොවඩන්නේ නම් ප්‍රඥාව වැඩෙන්නේ නැත.
ප්‍රඥාව නොවැඩෙන්නේ නම් භාවනාව වැඩෙන්නේ නැත.
යමෙක් භාවනාද ප්‍රඥාවද වඩවාගන්නේ නම් ඔහු ඒකාන්තයෙන්ම නිවණට සමීප වේ.
ජනශුන්‍ය ස්ථානයකට ගිය සන්සුන් වූ සිත් ඇති භික්ෂුව ස්වභාව ධර්මයේ ඇලෙමින්ම නාසේ ධර්ම කරුණු නුවණින් විමසමින් මෙනෙහි කරනවා.
යම් කලෙක යම් හෙයකින් ස්කන්ධයන්ගේ හට ගැනීම වැය වීම ගැන සිහිය එළඹවා ගෙන නුවණින් විමසමින් ඒවායේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගත් විට ලැබෙන ප්‍රීතිය හා මහත් සතුට නිසා ඒ කෙනාට නුවණින් දැනගත හැකි වෙනවා නිවණ යනු කුමක්දැයි කියා.
එලෙස නිවණ දකින භික්ෂුව තුල ප්‍රඥාව වැඩෙනවා.
ඉන්ද්‍රියයන් සංවර කරගනිමින් සතුටින් වෙසෙන ඒ භික්ෂුව, භික්ෂු ශීලයද මනාව ආරක්ෂා කරගන්නවා.
පිරිසිදු ජීවිකාවක් ඇති, මැලි බවක් නැති, යහපත් මිත්‍රයන් සේවනය කරන්න.
මිත්‍රභාවයෙන් පිළිගෙන සංග්‍රහ කරන පැවතුම් ඇතිව ශිෂ්ට හැසිරීමෙහි දක්ෂ වන්න.
එතැන් පටන් බොහෝ සතුටින් සිටිමින් නිවැරදිව කටයුතු කිරීමෙන්දු ක අවසන් කිරීම සිදුවන්නේය.