ධම්ම පදය-භික්‍ෂු වර්‍ගය
අන් අයට ලැබෙන දේ ගැන ආශාවෙන්, තමන්ට ලැබෙන දේ පහත් කොට නොසැලකිය යුතුයි. අන් අයගේ දේ ගැන ආශා කරන භික්ෂුවට තමන්ගේ සිත එකඟ කරගැනීමට හැකි වන්නේ නැහැ.
ඉදින් සුළුවෙන් හෝ තමන්ට ලැබුණු යමක් පහත් කොට නොසලකන, මැලි බැවින් තොරව පිරිසිදු ජීවිකාවක් ගෙවන භික්ෂුව ඒකාන්තයෙන්ම දෙවියන්ගේ ප්‍රශංසාවට ලක්වෙනවා.