ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය
මෝහයෙන් මුලාවීම නිසා, ඉතාමත් දුෂ්කර වූ ද කටුක වූ ද සංසාරයේ ඇවිද යන බව, නුවණින් අවබෝධ කරගෙන, සංසාරය ඉක්මවා පරතෙර නම් නිවණට පැමිණි ඒ ඥානවන්තයාගේ නිකෙලෙස් බව ගැන කුමක් කියන්නද.
එසේ ඒ “මමය-මගේය-මගේ ආත්මය” යයි අල්ලාගත් තෘෂ්ණාවෙන් මිදී නිවණට පත්වූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.