
‘‘පභස්සරමිදං , භික්ඛවෙ, චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං.
තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති.
තස්මා ‘අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථී’ති වදාමී”ති. පඨමං.
මහණෙනි, අවිද්‍යාවෙන් අන්ධව තම ආයතනයන්ට ස්පර්ෂවන බාහිර අරමුණු “මෙය තෘප්තිය ඇතිකරයි, මෙය කාන්තිමත්ය” ලෙස උපාදානය කරගනිමින් ගොඩනගා ගන්නා සංකාර හෙවත් සිත් තමන්ට පෙලීම, තැවීම, දුක ඇතිකරයි.
යම් කෙනෙක් වනාහි මෝහයෙන්, තමන් තුල ඇති තණ්හා-දෘෂ්ඨි- මාන අනුව බාහිර රූප කෙරෙහි ඇතිවන රාගය-ද්වේෂය නිසා ගොඩනගා ගන්නා සංකාරයන් හෙවත් කෙලෙස් සහිත සිත් උපාදානය කරගනිමින් විඥ්‍ඥානයන් එකතු කරගන්නවා.
එනම් තමන්ගේ පැවැත්මට හේතු සකස්කරගන්නවා.
ඒ ඇසූපිරූ තැන් නැති අශ්රුතවත් පෘතග්ජනයා ඒ අරමුණු වන රූපවල ස්වභාවයන් තත් වූ පරිදි නුවණින් දකින්නේ නැහැ. එබැවින් ‘ඇසූපිරූ තැන් නැති අශ්රුතවත් පෘතග්ජනයා සිතේ ඇතිවීම පිළිබඳව නුවණින් මෙනෙහි කරන්නේ නැහැ’ යයි මම කියමි.
“පභස්සරමිදං , භික්ඛවෙ, චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං.
තං සුතවා අරියසාවකො යථාභූතං පජානාති.
තස්මා ‘සුතවතො අරියසාවකස්ස චිත්තභාවනා අත්ථී’ති වදාමී”ති. දුතියං.
මහණෙනි, අවිද්‍යාවෙන් අන්ධව තම ආයතනයන්ට ස්පර්ෂවන බාහිර අරමුණු “මෙය තෘප්තිය ඇතිකරයි, මෙය කාන්තිමත්ය” ලෙස උපාදානය කරගනිමින් ගොඩනගාගන්නා සංකාර හෙවත් සිත් තමන්ට පෙලීම, තැවීම, දුක ඇතිකරයි.
නිවැරදි දෘෂ්ඨියට එළඹි යම් කෙනෙක් වනාහි තමන් තුල ඇති තණ්හා-දෘෂ්ඨි- මාන ගැන කලකිරෙමින් ඒවායෙන් නිදහස් වෙමින්, සිහියෙන් සිටිමින්, ප්‍රඥාවෙන් යුතුව බාහිර රූප කෙරෙහි ඇතිවන රාගය-ද්වේෂය ඇතිවීම වලක්වාගනිමින් සංකාරයන් හෙවත් කෙලෙස් සහිත සිත් ඇතිවීමෙන් නිදහස් වෙමින් විඥ්‍ඥානයන් ඇතිවීමෙන් මිදෙනවා. එනම් තමන්ගේ පැවැත්මට හේතු නිරුද්ධ කරගන්නවා.
ඒ ඇසූපිරූ තැන් ඇති ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ අරමුණු වන රූපවල ස්වභාවයන් තත් වූ පරිදි නුවණින් දකින්න දන්නවා. එබැවින් ‘ඇසූපිරූ තැන් ඇති ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයා සිතේ ඇතිවීම පිළිබඳව නුවණින් මෙනෙහි කරනවා’ යයි මම කියමි.