බුදුන් දැක ඇති අප විසින් මේ වෙබ් පිටුව පවත්වාගෙන යාමේ අරමුණ වන්නේ, තවත් එක් අයෙකුට හෝ බුදුන් දැකීමට යායුතු මාර්ගය පෙන්වා දීමටයි. ඒ නිසා මේ සඳහා කිසිවෙකුගෙන් ආධාරයක් හෝ අරමුදලක් හෝ අප විසින් අපේක්ෂා නොකරන්නෙමු. වෙළඳ දැන්වීම් පළකිරීම් මගින් හෝ වෙනත් මොනයම් මාර්ගයකින් හෝ බුදුන් වහන්සේගේ ධර්මය විකුණමින් මුදල් ඉපයීම, බුදුන් වහන්සේට කරන අගෞරවයක් සේම, සතර අපාගත වීමට සිදුවන බලවත් අකුසල කර්මයකි. අපිට හැකි තාක් කාලයක්, හැකි උපරිම අයුරින් ධර්ම ගෞරවය පෙරදැරිව මේ පිටුව පවත්වා ගෙන යාමට අපි අදහස් කරන්නෙමු. එලෙසින්ම මේ වෙබ් පිටුව මගින් පලකරන කිසිදු ලිපියක් තුලින් මුදල් ඉපයීම කිසිවෙකු විසින් හෝ සිදු නොකළ යුතුයි.
ගෞතම තථාගතයන් වහන්සේ, ඉතාමත් පිළිවෙලට, පියවරෙන් පියවර, පැහැදිලි ලෙස මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙන, බුදුන් සරණ යාමට බලාපොරොත්තු වන ශ්‍රාවකයෙකු විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව, මේ සක්වලයන්හි ඇති නාග ලෝක, දිව්‍ය ලෝක හා මනුස්ස ලෝකයන්හි ඇති සියලුම වටිනාම දේ එක්කොට ගන්නවාටත් වඩා වටිනා බව ඔබට දැනගැනීමට නම් අඩුම වශයෙන් ඔබ කායානුපස්සනාව වත් නිවැරදිව පුහුණු කරමින් ඔබේ කයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගත යුතුයි.
ඒ අවබෝධය ලබාගන්නා ඔබට බුදුන් දකින්න, ධර්මය දකින්න, පුළුවන් වෙන බව ඒකාන්ත සත්‍යයක්.
එසේ යමෙක් බුදුන් දැක්කොත්, ධර්මය දැක්කොත්,
- ඒ ඔහුට පුළුවන් වෙනවා, නිවැරදිව බුද්ධානුස්සති භාවනාව වඩන්න.
- ඒ ඔහුට පුළුවන් වෙනවා, නිවැරදිව මෛත්‍රී භාවනාව වඩන්න.
- ඒ ඔහුට පුළුවන් වෙනවා, ‘උදය-වැය’ නම් ද්වතානුස්සති භාවනාව වඩන්න.
- ඒ ඔහුට පුළුවන් වෙනවා, ඔහු තුල ඇති අකුසල් හඳුනාගන්න.
- ඒ ඔහුට පුළුවන් වෙනවා, ඔහු තුල ඇති අවිද්‍යාව හඳුනාගන්න.
- ඒ ඔහුට පුළුවන් වෙනවා, තමන් කවුද කියා හඳුනා ගන්න.
- ඒ ඔහු පෙනෙන හෝ නොපෙනෙන හෝ කිසිම සත්වයෙකුට හිංසා පීඩා කරන්නේ නැහැ, බුදුන් වහන්සේට ඇති අප්‍රමාණ ගෞරවයත්, පවට ඇති ලැජ්ජාවත් නිසා.
- ඒ ඔහු කිසිදා බුදුන්ගේ නම තමන්ගේ ලෞකික ප්‍රයෝජනය සඳහා යොදවා ගන්නේ නැහැ, බුදුන් වහන්සේට ඇති අප්‍රමාණ ගෞරවයත්, පවට ඇති ලැජ්ජාවත් නිසා.
- ඒ ඔහු කිසිදා බුදුන්ගේ ධර්මයට මිලක් නියම කිරීම හෝ ඒ ධර්මය විකුණා මුදල් ඉපයීම සඳහා හෝ ඒ ධර්මය ලෞකික ලාභ අපේක්ෂාවන් සඳහා හෝ යොදවා ගන්නේ නැහැ, බුදුන් වහන්සේට ඇති අප්‍රමාණ ගෞරවයත්, පවට ඇති ලැජ්ජාවත් නිසා.
“බහුම්පි චෙ සහිතං භාසමානො
න තක්කරො හොති නරො පමත්තො
ගොපො’ව ගාවො ගණයං පරෙසං
ත භාගවා සාමඤ්ඤස්ස හොති.
අප්පම්පි වෙ සහිතං භාසමානො
ධම්මස්ස හොති අනුධම්මචාරී
රාගං ච දොසං ච පහාය මොහං
සම්මප්පජානො සුවිමුත්ත චිත්තො
අනුපාදියානො ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හොති”.
යමෙක් බොහෝ ධර්මය ඉගන ගෙන ඒ ධර්මයට අනුව පිළිපැදීමෙන් තොරව
ඒවා අනුන් ඉදිරියේ කියමින් අනුන්ට උගන්වමින් පමණක්, තමන්ට ලැබුණු වටිනා මනුෂ්‍ය ජීවිතය සිහි නුවණින් තොරව හිස් ආකාරයෙන් ගත කරන්නේ නම්,
ඒ දුර්ලභව ලැබුනු මනුෂ්‍ය ජීවිතයේ ලැබිය හැකි
සෝවාන් ආදී මාර්ග ඵලයන්හි කොටස් කරුවෙක් විය නොහැකිව
තමන් විසින්ම තමන්ගේ ජීවිතය විනාශය කරා පමුණුවා ගනු ලබන්නේය.
නමුත් යමෙක් සුළු ධර්ම කොටසක් හෝ නිවැරදිව නුවණින් අවබෝධකර ගෙන ඒ ධර්මයට අනුව පිළිපදිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ ලෙස තම කය හෝ සිත හෝ
තෘෂ්ණා-දෘෂ්ඨි-මාන වශයෙන් නොගෙන තමන් තුල පවතින රාග-ද්වේෂ-මෝහ දුරු කර තමන්ගේ සිත පිරිසිදු කරගන්නේ නම් මෙලොවදීත් පරලොවදීත් ශෝක නොකරන
සෝවාන් ආදී මාර්ග ඵලයන්හි කොටස් කරුවෙක් වන්නේය.