Gratitude

කළගුණ සැලකීම

චතුරාර්‍යය සත්‍ය පිළිබඳ අවබෝධය ලබාගැනීමට අපහට පිහිට වූ
ගෞරවණීය අජාහ්න් චා ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ගෝල ස්වාමීන් වහන්සේ වන ගෞරවණීය අජාහ්න් සුමේදෝ ස්වාමීන් වහන්සේට
අපි ගෞරව පූර්වකව පුණ්‍ය අනුමෝදනා සිදු කරන්නෙමු.

අපහට මුලින්ම හමුවූ ජීවමාන සිල්වත් සංඝයා වහන්සේ නමක් වූ
කපුදූවේ සිරි ගුණාලංකාර ස්වාමීන් වහන්සේටත්
සිල්වත් සංඝයා වහන්සේ නමක් යනු කුමන ස්වභාවයකින් විය හැකිදැයි මුලින්ම වටහා ගැනීමට උපකාරී වූ රාහුල හාමුදුරුවන්ගේ චරිතය ඇතුලත් ‘අරලිය මල් ආරාමය’ නවකතාව ලියන ලද ජයසේන ජයකොඩි මහතාටත්
අපි ගෞරව පූර්වකව පුණ්‍යානුමෝදනා සිදු කරන්නෙමු.

මේ ජීවිතයන්හි මෙන්ම මෙතාක් දීර්ඝ සංසාරයේදී
අපහට දෙමව්පියන්, ගුරුවරුන්, සහෝදර සහෝදරියන්, ස්වාමි භාර්යාවන්, දූදරුවන්, ඤාතීන්, මිත්‍රයන්, සතුරන්, වූ සියලු දෙනාටත්,
අපි ගෞරව පූර්වකව පුණ්‍යානුමෝදනා සිදු කරන්නෙමු.

පොත් පත් ලියමින්, නොයෙකුත් පර්යේෂණයන්හි යෙදෙමින්, දැනුම බෙදා හදා ගන්නා ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට
අපි ගෞරව පූර්වකව පුණ්‍යානුමෝදනා සිදු කරන්නෙමු.

මේ පොත සකස් කරගැනීමේදී අපහට උපකාරී වූ සියලු නවීන තාක්ෂණයන්ට සහ
ඒ නවීන තාක්ෂණය සහ ඒ ඒ මාධ්‍යයන් ලෝකයට හඳුන්වා දුන් සියලු දෙනාට,
අපි ගෞරව පූර්වකව පුණ්‍යානුමෝදනා සිදු කරන්නෙමු.

එසේම අපගේ ගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා දායක වෙන
කම්කරු-රියදුරු-ගොවි-සෞඛ්‍යය-වෙළඳ-ආරක්ෂක-පාලක-නීති-ගුරු- සන්නිවේදන-ගමනාගමන-තාක්ෂණය-යනාදී සියලුම ක්ෂේත්‍ර වල සිටින සියලු දෙනාට
අපි ගෞරව පූර්වකව පුණ්‍යානුමෝදනා සිදු කරන්නෙමු.

එසේම මේ ලෝකයේ සමබර තාවය පැවැත්වීමට දායකව සිටින සියලුම හොඳ-නරක, ලොකු-කුඩා, සුදන-දුදන, දුප්පත්-පොහොසත්, රෝගී-නිරෝගී, මිතුරු-සතුරු,
ශීලාචාර-වනචර යන ආදී සියලු දෙනාට
අපි ගෞරව පුර්වකව පුණ්‍යානුමෝදනා සිදු කරන්නෙමු.

Gratitude To

Venerable Ajahn Sumedo, Chief Disciple of Venerable Ajahn Cha,
who helped us understanding the Four Noble Truth

Venerable Kapuduwe Siri Gunalankara Thero, the first virtuous sangha
I have ever met.

Mr. Jayasena Jayakodi, who wrote the novel ‘Araliya Mal Aramaya’,
which included the character of Reverend Rahula,
That helped me understand the nature of a virtuous sangha at the very beginning of my search for Buddha’s teaching in the 1990s.

All those parents, teachers, brothers and sisters, husbands, wives, sons, relatives, friends, enemies, in this life as well as well as in all the lives we had in this long ‘Sansaara’

All those including reverend monks who had and will continue to write books,
engage in various research, share knowledge and made them available for free of charge on all platforms.

All technologies which helped us with preparing this book.

All those who introduced modern technology and media to the world.

All those who work in fields of labor-driver-farmer-health-trade-security-control-law-teacher-communication-transport-technology-etc,
who contributes to the maintenance of our lives.

To all good and bad, high and low, clean and dirty, poor and rich, sick and healthy, friends and enemies, cruel and virtuous
who contribute towards up-keeping the fine balance of this world.