
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානුසාසනං
“ලෝභ-ද්වේශ-මෝහ යන් නිසා සිදුකරගන්නා සියලු පාපයන් නොකර ඒවායින් වෙන්වීම
තණ්හා- දෘෂ්ඨි-මාන දුරුකර කුසලයන් වඩවා ගනිමින් උසස් භවට පත්වීම
‘මමය- මගේය- මගේ ආත්මය’ යයි තම කය සහ සිත කෙරෙහි ඇති උපාදානය අතහැර සිත නිදහස් කර ගැනීම”
යන මේවා බුදුවරුන්ගේ අනුශාසනා වේ!
–
කිසිදු ලෞකික ලාභ අපේක්ෂාවක් හෝ ප්‍රතිරූපය පුම්බා ගැනීමක් හෝ කිසිදු ආකාරයකින් ප්‍රසිද්ධ වීමක් හෝ අපේක්ෂාවකින් තොරව මා විසින් මේ පොත සම්පාදනය කළේ මා විසින් අවබෝධ කරගත්
ඒ අත්හදා බලන මොහොතේ සිටම ප්‍රතිඵල අත්විඳිය හැකිවන සාන්දෘෂ්ඨික ගුණයෙන් යුතු චතුරාර්ය සත්‍ය ධර්මය,
තවත් එක් පින්වන්තයෙකුට හෝ පිහිටක් ලබාගත හැකිවේවි යයි යන
උතුම් වූ පරමාර්ථයෙන් මා හටත් හැකි අයුරින් විවෘත කර බැබලවීමට සැලැස්වීමටයි.
“ඒ මගේ වචනය සත්‍යයක් නම්, ඒ සත්‍යයේ ආනුභාවයෙන්
මේ ධර්ම පුස්තකය මෛත්‍රී බුදුන් පහල වන තෙක්ම පවතීවා!”
Sabba Pa~passa Akaranang
Kusalassa Upasampada
Sachiththa Pariyodapanang
Ethan Buddha~nusasanang
“Separating from all the immoral actions caused by
‘Greed-Hatred-Delusion’.
Attaining higher status by eliminating ‘Craving-Obstinacy-Arrogance’.
Freeing the mind by eliminating the deceptive ideology
“I am – mine – my soul” with the understanding of the reality of the Body and Mind
These are the teachings of All Buddhas!
–
I have compiled this book,
without seeking personal gain, recognition, or publicity.
I have done this Noble action to open and shine
The Great Four Noble Truths of Dhamma
as much as I can to help at least one other devotee.
Because of one of the attributes of the Four Noble Truths, ‘Sandittihka’,
anyone can experience the comfort it brings from the moment,
since starting to follow it.
If my word is true, by the inspiration of that truth,
“May this Dhamma book remain until
the coming of the Maitri Buddha!”!
පහාරාද සූත්‍රය- මහා වග්ගය- අට්ඨක නිපාතය- අංගුත්තර නිකාය

“සෙය්‍යථාපි පහාරාද, මහාසමුද්දො බහුරතනො අනෙකරතනො-
තත්‍රිමානි රතනානි සෙය්‍යථිදං?
මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං
ලොහිතකො මසාරගල්ලං.
එවමෙවං ඛො පහාරාද, අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො-
තත්‍රිමානි රතනානි සෙය්‍යථිදං?
චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්‍රියානි, පඤ්ච බලානි,
සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
අයං පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො,
යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති”.

“පහාරාද, එසේ මහා සමුද්‍රයේ බොහෝ වූ වටිනා මුතු මැණික්, නා නා විධ වූ මුතු මැණික් තියනවා.
එහි ඇති මුතු මැණික් නම් කවරේද?
මුතු, මැණික්, වෛරෝඩි ගල්, සක් බෙල්ලන්, වටිනා ගල් වර්ග, පබළු, රිදී, රන්, රතු මැණික්, වැනි වූ නානාප්‍රකාර බොහෝ වටිනා මුතු මැණික්ය.
ඒ ආකාරයටම පහාරාද, මේ ශාසනයේද බොහෝ වටිනා නානාප්‍රකාර රත්නයන් ඇත්තේය.
එහි ඇති රත්නයන් නම් කවරේද?
සතර සතිපට්ඨානය, සතර සම්මප්පධාන, සතර ඉර්ධි පාද, පඤ්චෙන්‍ද්‍රියය, පඤ්ච බල, සත්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය
නම් බොහෝ වටිනා රත්නයන්ය.
පහාරාද, මේ සත්වන ආශ්චර්යමත් අද්භූත වන ගුණාංගය දැක දැක තමයි, භික්ෂූන් මේ ශාසනයේ සතුටින් වාසය කරන්නේ”.

