දීඝනිකාය- මහා වග්ගපාළි – දුකින් මිදීමට අවශ්‍ය වන කෙනෙකු සිහිය පිහිටුවා ගතයුතු සතර ආකාරය ගැන බුදුන් වහන්සේ විසින් වදාළ දේශනාව
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ, කර්මාන්තයන් ආශ්‍රය කරගෙන ජීවිකාව පවත්වාගෙන යනවා යයි ප්‍රසිද්ධ කුරු රටෙහි, නියම් ගමක වාසය කළ සේක.
දිනක් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා “මහණෙනි” යයි ආමන්ත්‍රණය කල විට “එහෙමයි ස්වාමීනී” යයි භික්ෂූන් පිළිතුරු දුන්හ.
එවිට බුදුන් වහන්සේ මෙබඳු ආකාරයට වදාළ සේක.
“මහණෙනි, මේ සසර පුරා දුක් සහිත මාර්ගයක ඇවිද යාම ස්වභාවය කොට ගත් සත්වයාට ඉන් මිදී, ශෝක-පරිදේව ඉක්මවන, කායික-මානසික දුක-අසන්තෝෂය-අසහනය-පීඩාව නැතිකරන, උතුම් වූ නිර්වාණයට හෙවත් සංසිඳීමට පත්වීම සඳහා ඇති එකම මාර්ගය කවරක්ද යත්,
ඒ සතර ආකාරයකට තම සිහිය පිහිටුවා ගැනීමයි.
මොනවාද ඒ සතර?
මහණෙනි, ඒ සතර ආකාරයට තම සිහිය පිහිටුවා ගැනීම යනු,
- තමන් තුල පවතින දැඩි ලෝභය හා ද්වේශය දුරු කිරීම සඳහා කෙලෙස් තවන වීර්යය ඇතිව, තමන්ගේ කය දෙස නුවණින් බලමින්, නුවණින් විමසමින්, නුවණින් මෙනෙහි කරමින්, ඒ කයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කර ගැනීම.
- තමන් තුල පවතින දැඩි ලෝභය හා ද්වේශය දුරු කිරීම සඳහා කෙලෙස් තවන වීර්යය ඇතිව, තමන්ට පෙනෙන- ඇසෙන- දැනෙන- සිහිවෙන- ආකාරය හෙවත් වේදනා දෙස නුවණින් බලමින්, නුවණින් විමසමින්, නුවණින් මෙනෙහි කරමින්, ඒ වේදනා වල යථා ස්වභාවය නුවණින් අවබෝධ කර ගැනීම.
- තමන් තුල පවතින දැඩි ලෝභය හා ද්වේශය දුරු කිරීම සඳහා කෙලෙස් තවන වීර්යය ඇතිව, තමන්ගේ සිත දෙස නුවණින් බලමින්, නුවණින් විමසමින්, නුවණින් මෙනෙහි කරමින්, ඒ සිතේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කර ගැනීම.
- තමන් තුල පවතින දැඩි ලෝභය හා ද්වේශය දුරු කිරීම සඳහා කෙලෙස් තවන වීර්යය ඇතිව, තමන් තුල පවතින ස්වභාවය දෙස නුවණින් බලමින්, නුවණින් විමසමින්, නුවණින් මෙනෙහි කරමින්, ඒ පවතින ස්වභාවයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කර ගැනීම
යන සතර ආකාර අවබෝධය ලබාගැනීම සඳහා තම සිහිය පිහිටුවා ගනිමින් හික්මීම වේ”.
| විස්තර කර දැක්වීම |
|---|
| දැඩි ලෝභය යනු ‘මමය,මගේය’ යන හැඟීමෙන්, තෘෂ්ණාවෙන් තමාගේ කයත්, බාහිර පණ ඇති හා පණ නැති වස්තූනුන් උපාදානය කරගැනීමයි. ද්වේශය යනු ඒ උපාදානය කරගත් දේ තමාගේ වසඟයේ පවත්වාගැනීමට නොහැකිවූ විට තමන් තුල ඇතිවන ගැටීමයි. |
කායානුපස්සනාව
ආනාපානසති භාවනා කොටස
කයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගනිමින් වාසය කිරීම
කෙසේද මහණෙනි, කයේ කය අනුව බලමින් නුවණින් අවබෝධ කර ගන්නේ?
නිශ්ශබ්ද පරිසරයකට හෝ වන අරණක ගසක් මුලකට හෝ හුදකලා වීමට හැකි පරිසරයකට හෝ ගොස්, නොසැලෙන අධිෂ්ඨානයක් ඇතිව මනා සිහිය එළඹවාගෙන කකුල් දෙක ගොතා සිටින ආකාරයට පහසුවෙන් සකස් කර ගෙන, ශරීරය කෙලින් සිටින සේ හිඳ ගන්න.
ආශ්වාස ප්‍රාශ්වාසය දෙස නුවණින් දකිමින් කයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම
ශරීරය පහසුවෙන් සකස්කරගත් පසු ආශ්වාස-ප්‍රශ්වාසය දෙසට සිහිය යොමුකර ඒ දෙස නුවණින් දකින්නට පටන්ගන්න. එවිට ඔබට හැකිවෙනවා,
• දීර්ඝ හුස්මක් ඇතුළු වූ විට දීර්ඝ හුස්මක් ඇතුළු වූ බව විශේෂයෙන් දැනගන්න.
• දීර්ඝ හුස්මක් පිටවන විට දීර්ඝ හුස්මක් පිට වූ බව විශේෂයෙන් දැනගන්න.
• කෙටි හුස්මක් ඇතුළු වූ විට කෙටි හුස්මක් ඇතුළු වූ බව විශේෂයෙන් දැනගන්න.
• කෙටි හුස්මක් පිටවන විට කෙටි හුස්මක් පිට වූ බව විශේෂයෙන් දැනගන්න.
• මුළු කයේම(ඇස-කණ-නාසය-දිව-ශරීරය) හට ගැනීම මේ ආශ්වාසය හා සසඳමින් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරමින් හික්මෙන්න.
• මුළු කයේම(ඇස-කණ-නාසය-දිව-ශරීරය) වැය වීම ප්‍රශ්වාසය හා සසඳමින් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරමින් හික්මෙන්න.
• කය “මමය-මගේය-මගේ ආත්මයයි” ලෙස උපාදානය කරගැනීමෙන් භයානක දුක් හටගන්නා ආකාරය ආශ්වාසය හා සසඳමින් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරමින් හික්මෙන්න.
• කය “මමය-මගේය-මගේ ආත්මයයි” ලෙස උපාදානය කර නොගැනීමෙන් දුක නිරුද්ධ වන ආකාරය ප්‍රශ්වාසය හා සසඳමින් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරමින් හික්මෙන්න.
| විස්තර කර දැක්වීම |
|---|
| ඔබ මනා සිහියෙන් යුතුව සිටින නිසා දැන් ඔබට හුස්ම ගැනීම පිටකිරීම හොඳින් දැනෙන්නට පටන් ගන්නවා. ඒ කෙසේද යත්, ඉතා නිශ්ශබ්ද අවස්ථාවක ගෙදර ඔරලෝසුවක තත්පර කටුව ගමන් කරන ශබ්දය ඇසෙනවා සේ. දැන් ආශ්වාස-ප්‍රශ්වාසය කෙරෙහි සිත යොමු කරමින් සිත එකඟ කර ගැනීම සඳහා පුහුණුවේ යෙදෙන්න. මතක තබා ගත යුතුයි, මෙහිදී ස්වභාවික හුස්ම ගැනීම පිටකිරීම දෙස සිහිය යොමු කරනවා මිස, තමන් විසින් හුස්ම ගැනීම සිදුකිරීමක් නොවන බව. එය මේ සූත්‍රයේ ඊළඟ කොටසේ පෙන්වා දී තිබෙනවා. ඒ ආකාරයෙන් ටික වෙලාවක් හෝ ටික කාලයක් පුහුණු විය යුතුයි. මක් නිසාද යත්, දස අතම දුවන්නට පුරුදු වී සිටි සිත, එකඟ කර ගැනීම සිදුකළ යුත්තේ ඉවසීම සහ පුහුණු කිරීම ඔස්සේ නිසයි. සිත එකඟ කරගැනීමට නම් ඔබ කළ යුත්තේම සිහියෙන් සිටීමයි. මේ පුහුණුවේ යෙදෙන්න පටන් ගත් අවස්ථාවේ සිට, සිත වෙනතකට ගොස් තිබුණු බව දැනගත් විගසම, නැවත ඒ සිත තමන්ගේ යටතට ගෙන එකඟ කර ගනිමින් නැවතත් පුහුණුව ආරම්භ කළ යුතුයි. නැවත නැවත ඒ දේම කිරීමෙන් මෙතරම් කාලයක් විසිරීමට පුරුදු වී සිටි සිත, එකඟ වීමට පුරුදු වේවි. මෙසේ භාවනා කරන්න පටන් ගත් කෙනෙකු මන්දෝත්සාහී විය හැකියි, “අනේ මට බැහැ භාවනා කරන්න, මට බැහැ සිත එකඟ කර ගන්න, භාවනා කරන්න පටන් ගන්න හැම වෙලේම මගේ හිත දුවනවා, මට නම් මේක කරන්න බැහැ” යයි සිතමින්. නමුත් ඇත්තටම එතන තියෙන්නේ එයාගේ භාවනාවේ හෝ සිත එකඟ කරගැනීමට ඇති හැකියාවේ අඩුවක් නෙවි, අවබෝධයේ අඩුවක්. මොකද ඒ කෙනාට අවබෝධයක් නැහැ, තමන්ගේ භාවනාවේ සාර්ථකත්වය මනින්න. එයා දන්නේ නැහැ එයා භාවනාවට හොඳින් අවතීර්ණ වී ඇති බව. එයා භාවනාවට හොඳින් අවතීර්ණ වී ඇති නිසාත්, සිහිය උපදවාගැනීමට ගන්න උත්සාහයේ සාර්ථකත්වය නිසාත්, එයාට පුළුවන් වෙනවා, එයාගේ සිත දුවන වේගය ගැන දැනගන්න. එයින් ඒ පුද්ගලයාට හැකියාව ලැබෙනවා, තමන් කොයිතරම් කෙලෙස් සහිත පුද්ගලයෙක් දැයි නිවැරදිව හඳුනා ගන්නට. ඒ හඳුනා ගැනීමම තමයි මේ නිවන් මගට යන පාර විවෘත කරන්නේ. නමුත් එයා ඒ සංසිද්ධිය නුවණින් ගලපා අවබෝධ කරගන්න දක්ෂ වෙන්නේ නැති නිසා තමයි, ඒ මැසිවිලි නගන්නේ. ඇත්තටම ඒ කෙනා කළ යුත්තේ කුමක්ද? මේ තරම් තමන්ගේ හිත දුවන බව දැනගන්නා කෙනා කළ යුත්තේ, “ඇයි මේ තරම් මේ මගේ සිත නොසන්සුන්”, කියා තමන්ගෙන්ම නුවණින් විමසමින්, ඒ සිත දුවන අරමුණු මොනවාදැයි තමන් තුලින්ම විමසමින්, දැන ගැනීම නේද? මේ ආකාරයට ඉවසීමෙන් නුවණින් විමසමින්, නුවණින් මෙනෙහි කරමින්, වීර්යය වඩන කෙනාට යම් අවස්ථාවක හැකිවෙනවා, තරමක වැඩි කාලයක් පුරා තම සිත එකඟ කර තබා ගැනීමට. එයට තමයි ප්‍රතිපදාව කියන්නේ. එයට තමයි සිත පුහුණු කරනවා කියන්නේ. උදාහරණයක් ලෙස පතුල නොපෙනෙන බොර වූ වතුර වළක්, නිශ්චල වීමට සැලැස්වූ පසු එහි පතුල දැකීමට හැකිවන්නා සේ, මෙතෙක් කාලයක් තමන්ගේ යයි උපාදානය කරගෙන සිටින කයේ නුදුටු, හුස්ම ගැනීමේ පිට කිරීමේ ක්‍රියාවලියේ ස්වභාවය, දැන් එකඟ වූ සිතට දැක ගන්න හැකි වෙනවා. එසේනම් දැන් මෙතැන් සිට මේ තාක් කාලයක් තමන් “මමය- මගේය” යයි සිතා සිටි කයේ යථා ස්වභාවය, ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම සඳහා ඒ කයේ පැවැත්මට ප්‍රධාන වශයෙන් උපකාරී වන ආශ්වාස-ප්‍රශ්වාස ක්‍රියාවලියේ යථා ස්වභාවය දෙස නුවණින් දකින්න. එලෙසම නුවණින් විමසමින්, නුවණින් මෙනෙහි කරමින් ආර්ය පර්යේෂණයේ යෙදෙන්න. දැන් සිහියෙන් දකින්න, මේ හුස්ම ගන්න පිටකරන ක්‍රියාවලිය දෙස. කවුද මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ? තමන්ද? නැහැ නේද? හොඳයි ඔබ සිතනවා නම්, තමන් විසින් හුස්ම ගැනීම, පිටකිරීම කරනවා කියා, මෙතැන් සිට තමන් විසින් හිතා මතා හුස්ම ගන්න, පිටකරන්න, දිග හුස්මක් ගෙන දිග හුස්මක් පිට කරන්න, කෙටි හුස්මක් ගෙන කෙටි හුස්මක් පිටකරන්න. තවදුරටත් තමන් කැමති අයුරින් රිද්මය වෙනස් කරමින්, තමන් විසින් හුස්ම ගැනීම, පිටකිරීම සිදු කරන්න. එනම් දිග හුස්මක් ගෙන කෙටි හුස්මක් පිට කර හෝ කෙටි හුස්මක් ගෙන දිග හුස්මක් පිටකර හෝ යනාදී ලෙස ඔබ කැමති ආකාරයට හුස්ම ගැනීමේ- පිටකිරීමේ ක්‍රියාවලිය, ඔබ විසින් සිදු කළ හැකි කාලයක් පුරා හසුරවන්න. දැන් ඔබට දැනෙන්නේ කොහොමද? ස්වභාවික තත්වයක්ද, අස්වාභාවික තත්වයක්ද? පහසුවක්ද, අපහසුවක්ද? සැපක්ද, දුකක්ද? හොඳයි, ඔබට දැනුනේ ස්වභාවික තත්වයක්, පහසුවක්, සැපක්, සනීපයක් නම් ඔබට මේ සසර දුකද නොදැනෙන කෙනෙක් විය හැකියි. එනම් ඔබට නැති කිරීමට තරම් දුකක් ඇතැයි කියා විශ්වාස කිරීමට නොහැකි තරමට දෘෂ්ඨි ගතව සිටින කෙනෙකු විය හැකියි. නමුත් ඉහත ආර්ය පර්යේෂණයේදී ඔබට දැනුනේ දුක් සහිත අස්වාභාවික, අපහසු, පීඩා සහිත තත්වයක් නම්, දැන් ඔබට ඔබ තුලම ගැටළු පැන නැගී තිබිය යුතුයි. “මම දුකට කැමති නැති නමුත්, මේ කය පවත්වන ප්‍රධාන ක්‍රියාවලිය වන ආශ්වාස-ප්‍රශ්වාස ක්‍රියාවලිය, මා විසින් හිතාමතා සිදුකරන විට හා මම කැමති ආකාරයට හසුරවන විට අස්වාභාවික-අපහසු-පීඩා-දුක් සහිත බවක් මට අත්විඳින්නට සිදුවෙනවා. එසේ නම් මේ කය යනු “මම” වන්නේ කෙසේද?” එසේම, මම දුකට කැමති නැති නමුත්, මේ කය දිරීමට පත්වෙමින්, ලෙඩ රෝග වලට භාජනය වෙමින් මට දුක සහිත ස්වභාවයක්ම අත්කර දෙනවා. එසේම කයට සෑදෙන රෝග වලදී, මගේ කැමැත්තට අනුව හැසිරවීමට නොහැකි සේ මුළු කය හෝ එහි කොටස් හෝ අප්‍රාණික වී අක්‍රිය වීම සිදුවෙනවා. එසේ නම් මේ කය යනු “මම” වන්නේ කෙසේද?” මේ නිසා ඔබට දැන් අවබෝධ වෙමින් පැවතිය හැකියි “මේ කය යනු ඔබ නොවිය හැකි බවත්, ඔබේ නොවිය හැකි බවත්”. මේ ධර්මතාවය තව තවත් ඔබට නුවණින් අවබෝධ කරගැනීම සඳහා තව තවත් වීර්යය කරමින්, නුවණින් මෙනෙහි කරමින් ආශ්වාස-ප්‍රශ්වාස ක්‍රියාවලියේ හික්මෙන්න. ඔබ හොඳින් මේ ආර්ය පර්යේෂණයේ යෙදුනොත්, ඔබ නුවණින් දකීවි තමා කියල කියන්නේ මේ කයෙන් බාහිර වූ කෙනෙක් යන වග. මේ කය තුල සිදුවන කිසිදු ක්‍රියාවක් ඔබගේ අනුදැනුමට හෝ ඔබගේ කැමැත්තට සිදුනොවන බව තේරුම් ගත හැකි වේවි. ඒ කය තුල පැවැත්වෙන ආහාර ජීර්ණ ක්‍රියාවලිය, ඔක්සිජන් ඇතුලට ගෙන කාබන්ඩයොක්සයිඩ් පිටකරන ක්‍රියාවලිය, ඒ ලබාගන්නා ඔක්සිජන් ශරීරය පුරා බෙදා හැරීම, එසේම හෘදය-වකුගඩු-ආදී සෑම අවයවයකම ක්‍රියාකාරිත්වය, මොලය මගින් සිදුවන ක්‍රියාවලිය යන මේ කිසිවක් ඔබගේ පාලනයකින් හෝ ඔබගේ කැමැත්තට අනුව හෝ සිදුනොවෙන බව ඔබට අවබෝධ වේවි. එසේම ඔබ කොතරම් අකමැති වුනත් මේ කයේ දිරීම, ලෙඩ වීම හෝ කයේ කොටස් අක්‍රිය වීම හෝ මරණය සිදුවීම යන කිසිදු සිදුවීමකින් වැළකීමට හෝ ඒ සිදුවෙන කිසිවක් පාලනය කරගැනීමට හෝ නොහැකි බව ඔබට අවබෝධ වේවි. මේ කයේ යථා ස්වභාවය නුවණින් දකින ඔබට දැන් වැටහෙනවා මේ කය ඔබේ කැමැත්තට අනුව නොපවතින බව. එනම් මේ කයේ අනිච්ච ස්වභාවය ගැන හොඳින් අවබෝධ වීමට පටන් ගන්නවා. ඔබ මෙපමණ කාලයක් ඔබේ කය වයසට යන විට, නොයෙකුත් ලෙඩ වීම් වලට භාජනය වන විට, දුක් වුනේ ඒ අනිච්ච ස්වභාවය ගැන නොදැන සිටි නිසා බව ඔබට වැටහෙන්න පටන්ගන්නවා. තමන්ගේ කැමැත්තට අනුව නොපවතින දෙයක් නිසා තමන්ට අත්වෙන්නේ දුකකි. ඒ ආකාරයෙන් මේ කයේ දුක් ස්වභාවය ද තමන්ට වැටහෙන්න පටන්ගන්නවා. මම මෙන්ම අන් අයද මගේ කැමැත්තට අනුව පාලනය කළ යුතුයයි සිතෙන මට, මගේ මේ ශරීරය වත් පාලනය කළ නොහැකි නම්, දුකට අකමැති මට මේ ශරීරය නිසා අත්විඳින්න වෙන්නේම දුකක් නම්, මේ ශරීරය “මම හෝ මගේ” වන්නේ කෙසේද යනුවෙන් දැන් තමන්ගෙන්ම නුවණින් විමසිය යුතුයි නේද? මේ කය “මම නම්, මේ කය මගේ නම්” මම අකමැති ලෙඩ වීම-වයසට යාම-මරණයට පත්වීම, මට වලක්වාගත නොහැක්කේ ඇයි දැයි, නුවණින් විමසන ඔබට අවබෝධවේවි “මේ කය ඔබ හෝ ඔබගේ නොවන බව”. මෙතරම් කාලයක් තමන්ගේ කය තමන්ගේ ආත්මය කර ගත් ආකාරය නුවණින් මෙනෙහි කරන්න. ආත්මය යනු ස්ථිර වූ රූපයකට හෝ ස්ථිරවූ ස්වභාවයකට වුවත්, නුවණින් මෙනෙහි කරන විට ඔබට වැටහේවි, ළදරු කාලයේ සිට මේ දක්වා “මම” ලෙස තමන්ව හඳුන්වා ගත් ඔබගේ රූපය වෙනස් වූවා සේම, ඔබගේ කැමති අකමැති-සිතුම් පැතුම්-හැසිරීම්-ස්වභාවය යන සියල්ලම කලින් කළට වෙනස් වූ ආකාරය. එසේ නම් “මා තුල ආත්මයක් තිබේද? මේ කය තුල ආත්මයක් තිබේද” යන්න නුවණින් විමසමින්, “මම” යනුවෙන් හඳුන්වාගත් මේ කය ගැන තව දුරටත් නුවණින් මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. හටගත් මේ කය දිරීමට, ලෙඩවීමට ගොදුරු වෙමින් අවසානයේ නැතිවන ආකාරය, ආශ්වාස-ප්‍රශ්වාස ක්‍රියාවලිය හා සසඳමින් පුහුණුවේ යෙදෙන්න. එනම් මේ කය සෑම මොහොතකම වෙනස් වීමට භාජනය වන ස්ථිර බවක් නැති “අනත්ත” ස්වභාවයට යටත් බව, තව දුරටත් ඔබට අවබෝධ කරගත හැකිවේවි. මේ කයද, මේ ස්වභාව ධර්මයේ නියාම ධර්මය වන විපරිණාමයට පත්වීම ස්වභාවය කොට ඇති නිසා, තමන් කොතරම් අකමැති වුනත්, තමන්ව හෝ තමන්ගේ ප්‍රියයන්, ලෙඩ වීමෙන්-වයසට යෑමෙන්-මරණයට පත්වීමෙන් ගලවාගත නොහැකි බව නුවණින් අවබෝධ කරගන්න. ඒ ආකාරයට තමන් තුල ඇති අවිද්‍යාව ක්‍රමයෙන් දුරු කර ගන්නේ නම්, තමන්ගේ කයට “මමය, මගේ”යැයි තණ්හාවෙන් ඇතිකරගත් උපාදානයද, ක්‍රමයෙන් පහව යනු ඇත. යමක් තමන්ගේ කැමැත්තට අනුව නොපවතින්නේ නම්, එය තමාට දුක ඇතිකරනවා නම්, විපරිණාමයට පත්වන්නේ නම්, එය “මම හෝ මගේ හෝ මගේ ආත්මය” යනුවෙන් හඳුන්වාගැනීමට සුදුසුදැයි ඔබගෙන්ම විමසන්න. තවත් ආකාරයකට කියන්නේ නම්, මේ කය අනිච්ච නම්, දුක් සහිත නම්, අනත්ත නම්, “කය යනු මම හෝ මගේ කය හෝ මගේ ආත්මය” යනුවෙන් හඳුන්වාගන්නේ කෙසේදැයි ඔබගෙන්ම විමසන්න. “මම කැමති ආකාරයට නොපැවතෙනවාට මම අකමැති නම්, දුකට මම අකමැති නම්, දිරායාමට, මරණයට පත්වීමට මම අකමැති නම්, ….. ඒ සියල්ලම ස්වභාවය කරගත්, පහසුවෙන් අවදානමට ලක්වෙන සුළු මේ කය “මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යයි ප්‍රත්‍යක්ෂව අවබෝධ කර ගනිමින්, නුවණින් ගලපමින්, නුවණින් මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හා සසඳමින් පුහුණුවේ යෙදෙන්න. |
මහණෙනි, ලී ඉරමින් සිටින දක්ෂ වඩුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක් දෙස බලා සිටින වෙනත් කෙනෙක්, ඒ කියත දීර්ඝව ඇදෙන විට එය දීර්ඝ ඇදීමක් ලෙසත්, කෙටි ඇදීමක් සිදුවෙන විට එය කෙටි ඇදීමක් ලෙසත්, හඳුනාගන්නේ යම් සේද,
තමන්ගේ කයේ සිදුවන මේ ආශ්වාසය-ප්‍රශ්වාසය දෙසද සිහිය යොමුකර,
• දීර්ඝ ආශ්වාසයක් ඇති වන විට එය දීර්ඝ ආශ්වාසයක් බව ද,
දීර්ඝ ප්‍රශ්වාසයක් ඇති වන විට එය දීර්ඝ ප්‍රශ්වාසයක් බව ද,
කෙටි ආශ්වාසයක් ඇති වන විට එය කෙටි ආශ්වාසයක් බව ද,
කෙටි ප්‍රශ්වාසයක් ඇති වන විට එය කෙටි ප්‍රශ්වාසයක් බව ද,
විශේෂයෙන් දැනගන්නා තරමටම සිත එකඟ කරගනිමින්,
ඒ ස්වභාවය දෙස නුවණින් දකිමින් තමන්ගේ කයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට වීර්යය කරන්න.
• මුළු කයේම (ඇස-කණ-නාසය-දිව-ශරීරය) හට ගැනීම මේ ආශ්වාසය හා සසඳමින් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරමින් හික්මෙන්න.
• මුළු කයේම (ඇස-කණ-නාසය-දිව-ශරීරය) වැය වීම ප්‍රශ්වාසය හා සසඳමින් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරමින් හික්මෙන්න.
• කය “මමය-මගේය-මගේ ආත්මයයි” ලෙස උපාදානය කරගැනීමෙන් භයානක දුක් හටගන්නා ආකාරය ආශ්වාසය හා සසඳමින් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරමින් හික්මෙන්න.
• කය “මමය-මගේය-මගේ ආත්මයයි” ලෙස උපාදානය කර නොගැනීමෙන්, දුක නිරුද්ධ වන ආකාරය ප්‍රශ්වාසය හා සසඳමින් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරමින් හික්මෙන්න.
එලෙස මේ කය යනු තමා නොවන බව අවබෝධ කර ගැනීමට හැකි වුවාට පසු, එතැන් පටන් මුළු කයේම යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.
| විස්තර කර දැක්වීම |
|---|
| යමක් අනිච්චනම්, දුක සහිත නම්, අනත්ත නම්, එය මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ ලෙස ගැනීමට හේතුවක් නැති බව එදා බුදුන් වහන්සේ, රාහුල හාමුදුරුවන්ට පැහැදිලි කර පෙන්වා දුන් ආකාරයටම, ඔබත් ඔබගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය යන මුළු කයේම යථා ස්වභාවය ගැන නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. |
“මම කැමති ආකාරයට නොපවතිමින් දිරමින්, නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින්, මා හට දුක ඇතිකරන, විපරිණාමයට පත්වෙමින් නැතිවී යන අස්ථිර ස්වභාවයක් සහිත
මේ ඇස මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ!” යන්න නුවණින් මෙනෙහි කරන්න.
“මම කැමති ආකාරයට නොපවතිමින් දිරමින්, නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින්, මා හට දුක ඇතිකරන, විපරිණාමයට පත්වෙමින් නැතිවී යන අස්ථිර ස්වභාවයක් සහිත
මේ කණ මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ!” යන්න නුවණින් මෙනෙහි කරන්න.
“මම කැමති ආකාරයට නොපවතිමින් දිරමින්, නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින්, මා හට දුක ඇතිකරන, විපරිණාමයට පත්වෙමින් නැතිවී යන අස්ථිර ස්වභාවයක් සහිත
මේ නාසය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ!” යන්න නුවණින් මෙනෙහි කරන්න.
“මම කැමති ආකාරයට නොපවතිමින් දිරමින්, නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින්, මා හට දුක ඇතිකරන, විපරිණාමයට පත්වෙමින් නැතිවී යන අස්ථිර ස්වභාවයක් සහිත
මේ දිව මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ!” යන්න නුවණින් මෙනෙහි කරන්න.
“මම කැමති ආකාරයට නොපවතිමින් දිරමින්, නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින්, මා හට දුක ඇතිකරන, විපරිණාමයට පත්වෙමින් නැතිවී යන අස්ථිර ස්වභාවයක් සහිත
මේ ශරීරය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ!” යන්න නුවණින් මෙනෙහි කරන්න.
එවිට තමන් තුල විශාල සැහැල්ලුවක්, ප්‍රබෝධයක්, සංසිඳීමක ආරම්භයක්, ඇතිව තව තවත් සිත එකඟ කර ගනිමින් ආශ්වාස-ප්‍රශ්වාස ක්‍රියාවලියේ හික්මීමට හැකියාව ලැබෙනු ඇති.
| විස්තර කර දැක්වීම |
|---|
| මේ ගැන තවදුරටත් නුවණින් දකින ඔබට වැටහෙනවා, ආශ්වාසය හා සමාන ප්‍රශ්වාසයක් සිදුවෙන බව. එනම්, දීර්ඝ ආශ්වාසයකින් පසු දීර්ඝ ප්‍රශ්වාසයක්ද, කෙටි ආශ්වාසයකට පසු කෙටි ප්‍රශ්වාසයක්ද, සිදුවෙන බව. එය නුවණින් මෙනෙහි කරන කෙනාට අවබෝධ කර ගැනීමට හැකිවෙනවා, හටගැනීමේ- වැයවීමේ ලෝක ධර්මතාවය. හටගන්නා ආකාරයටම වැයවෙන බව. එසේ මේ කයද හටගත්තා සේම, යම් දවසක නැතිවී යන බව. ඒ එකඟ කර ගත් සිත තුලින් නුවණින් ගලපා බලමින්, තමන්ගේ කයද, ලෝක ධර්මතාවයට යටත් වන ස්වභාවය ඇති එකක් බව අවබෝධ කරගන්න. මෙසේ මෙතෙක් කාලයක් තමා කය යයිද, කය තමා යයිද යන අවිද්‍යාව නිසා කය ලෙඩ වනවිට- කයට අපහසුවක් දැනුනු විට- කය දිරීමට පත්වන විට- තමාගේ සිත තුල ඇතිවූ දුක,දොම්නස, අසහනය, ද්වේශය, කොතරම් නිෂ්ඵල දැයි නුවණින් ගලපා බලමින් ආශ්වාස-ප්‍රශ්වාසයේ හික්මෙන්න. දැන් හොඳින් බලන්න ඔබට දුක දැනුනු අවස්ථාවන් දෙස. ඒ සෑම අවස්ථාවකම “මම” හෝ “මගේ” හෝ “මම කැමතියි” හෝ “මම අකමැතියි” හෝ “මට ඕන” හෝ “මට එපා” යන හැඟීමක් තිබුනා නේද? ඔබ නොදන්නා කෙනෙක් හෝ වෙන රටක කෙනෙක් හෝ මැරුණා කියා ඔබට ශෝක-පරිදේව (විලාප තියමින් ගුණ කියමින් හැඬීම) හට ගෙන තියනවද? නැහැ නේද? ඔබ මෙතෙක් කාලයක් දුක් අත්විඳ ඇත්තේම අවිද්‍යාව නිසා “මම හෝ මගේ හෝ මගේ ආත්මය” වශයෙන් අල්ලාගත් දෙයක් නිසාම බව, අවබෝධ කරගන්න. ඔබගේ ශරීරය වත් ඔබට අයිති නැත්නම්, ඔබගේ ශරීරය වත් ඔබ කැමති අයුරින් පාලනය කිරීමට හැකියාවක් නැත්නම්, ඔබ කෙසේද පරිබාහිර දේ අයිති කරගන්නේ හෝ ඔබේ කැමැත්තට අනුව ඒවා පාලනය කර ගන්නේ කියා, නුවණින් මෙනෙහි කරන්න. නමුත් මෙතරම් කාලයක් ඔබ ඔබේ ශරීරය, ඔබගේ දෙමවුපියන්, සහෝදර සහෝදරියන්, යාලු මිත්‍රයන්, අසල් වාසීන්, නගර වාසීන්, රට වාසීන්, ඔබේ ගෙදර, ගම, රට, ලෝකය, යන සියල්ල ඔබ කැමති අයුරින් පාලනය කරන්නට හෝ ඔබට කැමති ලෙස ඒවා පවත්වාගන්නට කෙතරම් වෙහෙසක් ගෙන ඇතිද? ඒ නිසාම තමන් කොතරම් පීඩා-අසහන වලින් තැවෙන්න ඇතිදැයි සිහිකරන්න. මේවා දෙස සිහියෙන් විමසමින්, නුවණින් අවබෝධ කරගැනීමට වීර්යය කරන්න. මෙසේ ඔබේ කයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගත් ඔබ දැන් බාහිර අයගේ කය දෙස නුවණින් බලන්න. ඒ ඔවුන්ගේ කයද ඔවුන්ගේ කැමැත්තට අනුව නොපවතින බව, දුක් සහිත බව සහ විපරිණාමයට පත්වන ස්වභාවය ඇති බව නුවණින් මෙනෙහි කරමින්, අවබෝධ කර ගනිමින් ඒවා කෙරෙහි ඇති ලෝභය දුරු කරන්න. මේ ආකාරයට තමන්ගේ හෝ අන් අයගේ හෝ කයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කර ගනිමින් ආශ්වාස-ප්‍රශ්වාස ක්‍රියාවලියේ හික්මෙන්න. තමන්ගේ සහ අන් සියලු ප්‍රාණීන්ගේ කයවල්, කුඩා දරුවෙකු සේ පටන් ගෙන නිශ්චිත කාල නියමයක් නොමැතිව, එනම් ළදරු හෝ කුඩා හෝ යොවුන් හෝ තරුණ හෝ වැඩිහිටි හෝ මහලු හෝ යන ඕනෑම අවස්ථාවකදී මරණයට පත්වෙන ස්වභාවය කොට ඇති බව අවබෝධ කරගන්න. මේ කය, උපත සහ මරණය අතර කාලය තුල පවා නොයෙකුත් ලෙඩ රෝග, කැඩුම් බිඳුම් වලට භාජනය වෙන, මැටියෙන් නිම කල බඳුනක් මෙන් බිඳෙන සුළු, අනපේක්ෂිත ලෙස අවදානමට ලක්වී ප්‍රයෝජනයට ගත නොහැකි වන ස්වභාවය කොට ඇති බව අවබෝධ කරගන්න. දැන් ඔබගේ කයේත්, අන් සියලු ප්‍රාණීන්ගේ කයේත්, ස්වභාවය මේ ලොව තුල දකින්නට ඇති සියලු වස්තුන් සහ සියලු ශක්තින් කෙරෙහි ගලපන්න. එසේ ගලපන ඔබට වැටහේවි, මේ සියල්ල කෙරෙහි බලපාන එක පොදු ධර්මතාවයක්. මොකද්ද එය? “ඇතිවීම- නැතිවීම”. එසේනම් මගේ යයි කියාගත් මේ කයද, ස්වභාව ධර්මයේ කොටසක් බවත්, එය මා හට මේ උපත පවත්වාගැනීම සඳහා පමණක් ලෝක ධර්මතාවයෙන් උරුම වූ එකක් බවත්, මගේ කියා අයිති කර ගැනීමට නොහැකි බවත්, නුවණින් දකින්න. මේ ලොව හට ගන්නා සියල්ලටම, තාවකාලික පැවතීමක් සමග ස්ථිර නැතිවීමක් උරුම බව අවබෝධ කරගන්න. මෙපමණ කාලයක් තමාගේ කය හෝ තමාගේ යයි කියාගත් වෙනත් කෙනෙකුගේ කය හෝ ලෙඩවෙන විට, වයසට යන විට, හදිසි විපතකට පත් වූ විට, මරණය සිහි වූ විට, හෝ මැරුණ විට ඔබ බිය වුනේ, වැලපුනේ, ශෝක කලේ මොන තරම් මුලාවකින් දැයි, තමන් කෙරෙන් විමසමින් නුවණින් මෙනෙහි කරන්න. |
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
ඉරියාපථ භාවනා කොටස
කයේ ඉරියව් සිදුවෙන ආකාරය ගැන නුවණින් අවබෝධ කරගැනීම
නැවතත් මහණෙනි,
• ඇවිදින විට කයෙහි ඇවිදීම සිදුවෙන ආකාරය කෙරෙහි සිහිය යොමු කරමින් නුවණින් දකින්න.
• නැවතී සිටින විට කයෙහි නැවතී සිටින ආකාරය කෙරෙහි සිහිය යොමු කරමින් නුවණින් දකින්න.
• වාඩිවී සිටින කයෙහි වාඩිවී සිටින ආකාරය කෙරෙහි සිහිය යොමු කරමින් නුවණින් දකින්න.
• නිදාගැනීමට හාන්සි වී සිටින කයෙහි හාන්සි වී සිටින ආකාරය කෙරෙහි සිහිය යොමු කරමින් නුවණින් දකින්න.
ඒ ඒ අවස්ථාවේ ඒ කයෙහි ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගන්න.
එවිට ඔබට වැටහේවි, ඒ සියලු ඉරියව් පැවැත්වීම සිදුකරන්නේ ඒ කය විසින්ම බව.
ඒවා ඒ කයේ චලනයන් බව.
ඔබ විසින් නියෝගය දුන් පසු ඇවිදීම, වාඩිවීම, නැවතීම, හාන්සිවීම වැනි මේ සියලු ඉරියව් අනුව කය චලනයන් සිදුකරන බව හොඳින් නුවණින් ගලපා බැලුවහොත් ඔබට වැටහෙනු ඇත.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
සම්පජඤ්ඤ භාවනා කොටස
මනා ප්‍රඥාවෙන් කය පවත්වාගත යුතු ආකාරය නුවණින් අවබෝධ කරගැනීම
නැවත තවත් ආකාරයට බලනවා නම් මහණෙනි,
මෙතෙක් කාලයක් මම යයි කියාගත් ළදරු-බාල-තරුණ-වැඩිහිටි-ඒ ඒ වයස් ඉකුත්වීමත් සමග ගෙවී ගිය, විපරිණාමයට පත්වූ මේ කය ගැන මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරන්න.
අතීතයේ මම හෝ මගේ හෝ ලෙස මේ කය උපාදානය කරගෙන දුක උරුම කරගත් ආකාරයත්, වර්තමානයේ ඒ උපාදානයෙන් ක්‍රම ක්‍රමයෙන් මිදෙන විට, එයට අනුව දුක තුනී වෙන ආකාරයත් ගැන මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරන්න.
මේ කය “මමය, මගේය” ලෙස උපාදානය කරගත් අතීතයේ ඇතිවූ නොසංසිඳීම-පීඩාව-හැකිලීම, සහ ඒ අවිද්‍යාවෙන් බැහැරවූ විට ඇතිවන සැහැල්ලුව-පිබිදීම ගැන මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරන්න.
සඟල සිවුර-පාත්‍ර දැරීමේදී, ගිහියෙක් නම් වස්ත්‍ර දැරීමේදී, ඒවා පරිහරණය කරන්නේ මේ කය උෂ්ණයෙන්-ශීතලෙන්-මැසි මදුරුවන්ගෙන්-ආරක්ෂා වීමටත්, රහස්‍ය තැන වසා ගැනීමටත්ය, යන අවබෝධයෙන් ඒවාට තණ්හාවෙන් නොඇලී, මනා ප්‍රඥාවෙන් යුතුව සිහියෙන් පරිහරණය කරන්න.
ආහාර පාන ගන්නා විට ඒවායේ රස බලන විට, මේ ආහාර පරිබෝග කරන්නේ මේ කයේ පැවැත්ම ආරක්ෂා කරගැනීම-යැපීම-බඩගිනි නැසීම- පිණිස මිස කය අලංකාරය පිණිස හෝ කය සැරසීම පිණිස හෝ කයේ ශක්තිය වැඩිකරගැනීම පිණිස නොවන බව නුවණින් මෙනෙහි කරමින්, තෘෂ්ණා-දෘෂ්ටින් ආශ්‍රය නොකරමින් ලද දේ සිහියෙන් පරිභෝජනය කරන්න.
මල මුත්‍රා කිරීම සිදුකරන විට, එයද තමන් කැමති ආකාරයට හෝ තමන්ට කැමති වෙලාවට හෝ සිදුකල නොහැකි, කය විසින් සිදුකරන ක්‍රියාවලියක් බව අවබෝධ කරගනිමින්, මේ කය යනු තමාගෙන් බාහිර දෙයක් බව තව දුරටත් නුවණින් අවබෝධ කර ගනිමින් ඒ කාර්යයේද සිහියෙන් හික්මෙන්න.
මෙසේ හික්මෙමින්, එකතැන නැවතී සිටින වෙලාවටද, වාඩි වී සිටින වෙලාවටද, නිදාගැනීමට ගොස් යම් තාක් කාලයක් නිදි නැතිව සිටින කාලයේදීද, කතාකරමින් සිටින අවස්ථාවලදීද, නිශ්ශබ්දව සිටින අවස්ථාවලදීද, යන සෑම මොහොතකදීම මනා ප්‍රඥාවෙන් යුතුව වාසය කරන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
පටිකූල මනසිකාර භාවනා කොටස
කයෙහි පිළිකුල් සහගත බව මෙනෙහි කරමින් එහි යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගැනීම
නැවතත් මහණෙනි,
තමන්ගේ කයේ උඩ සිට පාද පතුල තෙක්, නැවත යට සිට හිස් මුදුනේ කේෂාන්තය තෙක් මුළුමනින්ම පිරී ඇති නානාප්‍රකාර අපිරිසිදු වූ කොටස් දෙස නුවණින් බලන්න.
මේ කය යනු කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, පෙනහල්ල, ප්ලීහාව, හෘදය වස්තුවට පිටින් තිබෙන පපුමස, මහා බඩවැල, කුඩා බඩවැල, ආමාශයෙහි නො පැසුණු ආහාර, අසූචි, පිත, සෙම, පිරුණු රතු ලේ, ඩහදිය, මේද තෙල, බලය පවත්වන කඳුලු, කෙල, සොටු, හැරව, මුත්‍ර යනාදී අපිරිසිදු කොටස් වලින්, පිරී ඇති එකක් බව සිහි කරන්න.
යම් සේද යත් මහණෙනි, දෙපැත්තේ කට දෙකෙන්ම දුඟද හමන කුණු වැගිරෙන ධාන්‍ය මල්ලක් තුල ඇති නොයෙක් වර්ගයේ ධාන්‍ය, වෙන් වෙන් වශයෙන් මේ ඇල් වී, මේ වී, මේ මුං, මේ මෑ, මේ තල, මේ සහල්, යනුවෙන් හඳුනාගන්නවා සේ,
තමන්ගේ කයේ උඩ සිට පාද තලය දක්වා ඇති, පහල සිට හිස් මුදුනේ කේෂාන්තය දක්වා පිරී ඇති මේ නානාප්‍රකාර අපිරිසිදු කොටස් කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, පෙනහල්ල, ප්ලීහාව, හෘදය වස්තුවට පිටින් තිබෙන පපුමස, මහා බඩවැල, කුඩා බඩවැල, ආමාශයෙහි නො පැසුණු ආහාර, අසූචි, පිත, සෙම, පිරුණු රතු ලේ, ඩහදිය, මේද තෙල, බලය පවත්වන කඳුලු, කෙල, සොටු, හැරව, මුත්‍ර යනාදී ලෙස එකින් එක හඳුනාගනිමින්, නුවණින් මෙනෙහි කරමින්, මේ තමන්ගේ කය කෙරෙහි හෝ අන්‍යන්ගේ කය කෙරෙහි ඇති රාගය දුරුකරමින්, ඒවා කෙරෙහි මෙතෙක් යම් උපාදානයක් තිබුණේ නම් ඒවා අත්හැරීම කලයුතු බව නුවණින් අවබෝධ කරගැනීමට වීර්යය කරන්න. නැවත අනාගතයේදී එවැනි උපාදානයන් ඇතිකල හැකි හේතුද, නිරුද්ධ වී
ඇත්දැයි සිහියෙන් සිටිමින්, නුවණින් විමසමින්, වාසය කරන්න.
| විස්තර කර දැක්වීම |
|---|
| බලය පවත්වන කඳුලු ලෙසින් අදහස් කරන්නේ කඳුළු විසින් සංසාරය පුරාම තමන් යටත් කරගෙන සිටි බව යන්නයි. |
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
ධාතු මනසිකාර භාවනා කොටස
ස්වභාව ධර්මයේ කොටස් හා සසඳමින් කය නිමවී ඇති ආකාරයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගැනීම
නැවතත් මහණෙනි, තමන්ගේ කය නිමවී ඇති සියලු කොටස් වල මූලික ස්වභාවය ගැන නුවණින් ගලපා බලන්න.
ගව ගාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් මහා මාර්ගයක ඇති සතර මං හන්දියක වාඩිවී ඒ ඔවුන් විසින් මරණ ලද ගවයාගේ කොටස් වෙන්කරනවා සේ තමන්ගේ කයද සමන්විත වී ඇති කොටස්, ඝන- ද්‍රව- වායු- උෂ්ණ- ලෙස වෙන් කර හඳුනාගන්න.
ඒ ඝන කොටස් පඨවි කොටස් ලෙසත්, ද්‍රව කොටස් අපෝ කොටස් ලෙසත්, උෂ්ණය සහිත බව තේජෝ කොටස් ලෙසත්, වායුව වැනි කොටස් වායෝ කොටස් ලෙසත්, ගලපමින් නුවණින් මෙනෙහි කරන්න.
එවිට ඔබට වැටහෙනවා,
කෙනෙක් මියගිය පසු අතහැර යන මේ කය පසට යට කළහොත් යම් දවසක දිරා ගොස් පස් ලෙස පරිසරයට එක් වන බව.
කෙනෙක් මියගිය පසු අතහැර යන මේ කය පිලිස්සුවොත් එය අළු සහ දුම වශයෙන් පරිසරයට එකතුවන බව.
මේ අවබෝධය ලබාගත් ඔබට නුවණින් වැටහේවි, තමන්ගේ ශරීරය සමන්විත වී ඇති මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කොටස් යනු ස්වභාවික පරිසරයේ ඇති පඨවි, ආපෝ, තේජෝ, වායෝ කොටස් ම බව.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
නව සීවථික භාවනා කොටස
නව ආකාරයකට ඇති මල සිරුරු හා කොටස් දෙස බලමින් කයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගැනීම
- නැවතත් මහණෙනි, සොහොනක දමන ලද මැරී දින එකක්, මැරී දින දෙකක්, මැරී දින තුනක් වශයෙන් දින ගණන් පැරණි වන ඉදිමෙමින්, නිල් පැහැ ගැන්වෙමින්, විවිධ දිසාවෙන් සැරව වැගිරෙමින් තිබෙන මල සිරුරු දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’ කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
- නැවතත් මහණෙනි, සොහොනක දමන ලද මල සිරුරු, කපුටන් විසින් කා දමන ලද හෝ උකුස්සන් විසින් කා දමන ලද හෝ ගිජුළිහිණියන් විසින් කා දමන ලද හෝ ලෝතුඩු පක්ෂියන් විසින් කා දමන ලද හෝ බල්ලන් විසින් කා දමන ලද හෝ කොටියන් විසින් කා දමන ලද හෝ දිවියන් විසින් කා දමන ලද හෝ හිවලුන් විසින් කා දමන ලද හෝ එහිම හටගත් පනුවන් වැනි කුඩා සතුන් විසින් කා දමන ලද හෝ එසේත් නැතිනම් ඒ ආදී සතුන් විසින් කා දමමින් සිටින ආකාරය දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’ කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
- නැවතත් මහණෙනි, සොහොනක දමනු ලැබූ මල සිරුරු නොයෙක් සතුන් විසින් කා දැමූ පසු, තැන තැන විසිරී ගිය මස් කැබලිද, සිරුරේ ඉතිරි වී ඇති මස් කැබලිද, එළියට මතුවී ඇති ලේ-නහර-බඩවැල්ද, තැනින් තැන පෙනෙන ඇටසැකිල්ලද දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’ කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
- නැවතත් මහණෙනි, සොහොනක දමන ලද මල සිරුරු වල මස් දියවී ගොස් ලේ-නහර-බඩවැල් එළියට මතුවී, තැනින් තැන ඇටසැකිල්ල දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
- නැවතත් මහණෙනි, සොහොනක දමන ලද මල සිරුරු වල ලේ මස් නහර බඩවැල් සියල්ල ඉවත්වී ඇටසැකිලි පමණක් ඉතිරි වී දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
- නැවතත් මහණෙනි, සොහොනක ඇති දිරාගිය මල සිරුරු වල ඇටසැකිලිවලින් වෙන්වී, සෑම අතම විසිරී ඇති අතේ ඇට, පාදයේ ඇට, පයේ වළලුකර ඇට, කෙණ්ඩයේ ඇටය, කලව ඇටය, උකුල් ඇටය, ඉල ඇට, පපු පෙදෙසේ ඇට, උරහිස පෙදෙසේ ඇට, අතේ උඩ කොටසේ ඇට, පිට පෙදෙසේ ඇට, කඳ කොටසේ ඇට, බෙල්ලේ ඇට, හනු ඇට, දත්, හිස් කබල, හඳුනාගනිමින් ඒ දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’ කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
- නැවතත් මහණෙනි, සොහොනක දමන ලද මල සිරුරු දිරා ගිය පසු, තැනින් තැන විසිරී තිබෙන, හක් ගෙඩියක සුදු පැහැයට සමාන පැහැය ඇති ඇටකටු දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’ කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
- නැවතත් මහණෙනි, අවුරුදු තුන හතරකට පෙර සොහොනෙහි දමන ලද මල සිරුරු දිරා ගොස් ඉතිරි වූ ඇටකටු තැන තැන ගොඩගැසී දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
- නැවතත් මහණෙනි, අවුරුදු ගණනකට පෙර සොහොනෙහි දමන ලද මල සිරුරු දිරා ගොස්, දැන් ඉතිරි වී ඇති දුගඳ හමන කුඩු වී ගිය ඇටකැබලි දිස්වෙන ඛේදනීය, පිළිකුල් සහගත ස්වභාවය දකිමින් “මේ මගේ කය වනාහිද එබඳු ධර්මතාවට යටත්, එවැනිම ඉරණමක් උරුමවෙන, එබඳු විපත් සහිත අස්ථිර සහගත එකක්මයි” යනුවෙන් නුවණින් සිහි කර, තමන්ගේ කය ‘මමය-මගේය-මගේ ආත්මය’කොට නොගන්න.
• මේ ආකාරයට තමන්ගේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ කයේ යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති කය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• කය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. කය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ කය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ කයේද, අන්‍යයන්ගේ කයේද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ කය හෝ අන්‍යන්ගේ කය හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන කයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ කය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් කයේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
මෙලෙසින් කායානුපස්සනාව වඩන ඔබට, ඔබගේ කය ගැන අවබෝධයක් ලැබේවි.
වෙදනානුපස්සනාව
වේදනානුපස්සනාව – ඇතිවන වේදනා නුවණින් අවබෝධ කරගනිමින් වාසය කිරීම
මෙහිදී වේදනා ලෙස හඳුන්වන්නේ -ඇසට රූප දැකීම- කණට ශබ්ද ඇසීම- නාසයට ගන්ධයන් දැනීම- දිවට රස දැනීම- කයට පහස දැනීම- සිතට මතකයන් සිහිවීම- යි
කෙසේද මහණෙනි, වේදනා වල යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගනිමින් වාසය කරන්නේ?
සිහිය එළඹවා ගෙන සිටින ආර්ය ශ්‍රාවකයාට හැකිවෙනවා තමාට දකින, ඇසෙන, දැනෙන, සිහිවන, ආකාරයන් ගැන අවබෝධයක් ලබා ගැනීමට.
• තමන්ට යම් කිසි සැප වේදනාවක් ඇතිවූ විට “එය සොම්නස් සහගත වේදනාවක් බව” විශේෂයෙන් දැනගැනීමට ඔහුට හැකිවෙනවා.
• දුක් වේදනාවක් ඇතිවූ විට “එය දුක් සහගත වේදනාවක් බව” විශේෂයෙන් දැනගැනීමට හැකිවෙනවා.
• සැපදුක් නැති වේදනාවක් ඇතිවූ විට “එය දුක හෝ සැප සහගත බවක් නැති වේදනාවක් බව” විශේෂයෙන් දැනගැනීමට හැකිවෙනවා.
| විස්තර කර දැක්වීම |
|---|
| තමන්ගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන් වලට රූප හෝ අරමුණු ස්පර්ශ වන විට තමන්ට දැනෙන වේදනා දෙස නුවණින් දකින්න. නුවණින් මෙනෙහි කරමින් ගලපා බලන්න. මෙලෙස තව දුරටත් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරන විට මේ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා ඇති කරන ආකාරය වටහා ගන්න පුළුවන් වෙනවා. මම කැමති යයි හෝ, මට හෝ මම කැමති කෙනෙකුට ලාභයක් ඇතිවේවි යයි හෝ, මගේ හෝ මගේ ප්‍රියයෙකුගේ දෙයක් හෝ, දැකීම- ඇසීම- දැනීම- සිහිවීම- තමන්ට සැප වේදනාවක් වෙනවා. මම අකැමති යයි හෝ, මට හෝ මම කැමති කෙනෙකුට අලාභයක් ඇතිවේවි යයි හෝ, මගේ හෝ මගේ අප්‍රියයෙකුගේ දෙයක් හෝ, දැකීම- ඇසීම- දැනීම- සිහිවීම- තමන්ට දුක වේදනාවක් වෙනවා. මම කැමති හෝ අකමැති නැති, මම හෝ මගේ කෙනෙකුට ලාභයක් හෝ අලාභයක් නොවන, මගේ හෝ මගේ ප්‍රියයෙකුගේ හෝ අප්‍රියයෙකුගේ නොවන දෙයක්, දැකීම- ඇසීම- දැනීම- සිහිවීම- තමන්ට සැපදුක් නැති වේදනාවක් වෙනවා. තමාට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇතිවුනේ, ඒ ඒ මොහොතේ තමා තුල ඒ අරමුණ කෙරෙහි ඇතිවූ තණ්හාව නිසා බවත්, කිසිදු සොම්නස් හෝ දුක් සහගත වේදනාවක් ඇති නොවුනේ ඒ අරමුණ කෙරෙහි තමන් තුල ‘මමය-මගේය’ යනුවෙන් කිසිදු උපාදානයක් හෝ උනන්දුවක් නොතිබුණු නිසා බවත්, සිහිය පිහිටුවාගෙන නුවණින් මෙනෙහි කරන විට අවබෝධ කරගන්න හැකි වෙනවා. තව තවත් නුවණින් විමසන මේ කෙනාට අවබෝධවෙනවා, ඒ ඒ අරමුණු කෙරෙහි මුලින් දැනුනු සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා ඒ ආකාරයටම, ස්ථිරව නොපැවතුනු බව. ඒ කෙසේද යත්, වරෙක සැප වේදනාවක් ඇති කල අරමුණු හෙවත් රූප, තවත් වරෙක දුක් වේදනාවක් ඇති කල බව වරෙක සැප වේදනාවක් ඇති කල අරමුණු හෙවත් රූප, තවත් වරෙක සැපදුක් නැති වේදනාවක් ඇති කල බව වරෙක දුක් වේදනාවක් ඇති කල අරමුණු හෙවත් රූප, තවත් වරෙක සැප වේදනාවක් ඇති කල බව වරෙක දුක් වේදනාවක් ඇති කල අරමුණු හෙවත් රූප, තවත් වරෙක සැපදුක් නැති වේදනාවක් ඇති කල බව වරෙක සැපදුක් නැති වේදනාවක් ඇති කල අරමුණ හෙවත් රූප, තවත් වරෙක දුක් වේදනාවක් ඇති කල බව වරෙක සැපදුක් නැති වේදනාවක් ඇති කල අරමුණ හෙවත් රූප, තවත් වරෙක සැප වේදනාවක් ඇති කල බව සැපදුක් නැති වේදනා හට ගන්නේ ඒ මොහොතේ ඒ රූපයෙන් තමන්ට ලාභයක්, ප්‍රයෝජනයක් හෝ ඒ ගැන උනන්දුවීමට අවශ්‍යතාවයක්, ඇති නොවන නිසා බව සිහියෙන් විමසුවොත් අවබෝධ කරගත හැකි වේවි. ඒ මොහොතේ එසේ අක්‍රිය ස්වරූපයෙන් පැවතුනත්, වෙනත් අවස්ථාවක ඒ රූපයෙන් තමාට ලාභයක් ඇතිවන විට, නැවත ඒ වේදනාව වෙනස් වන බව අවබෝධ කරගන්න පුළුවන්. මෙලෙස තව දුරටත් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරන විට මේ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා ඇති කරන ආකාරය වටහා ගන්න පුළුවන් වෙනවා. කලින් තමන්ට දැකීමට ප්‍රිය වූ (සැප වේදනාවක් ඇතිකල) කෙනෙක් පසුව දැකීමට අප්‍රිය වූ (දුක් වේදනාවක් ඇතිකල) ආකාරය සිහි කරන්න. කලින් තමන්ට සිහිකිරීමට අප්‍රිය වූ (දුක් වේදනාවක් ඇතිකල) කෙනෙක් පසුව සිහිකිරීමට ප්‍රිය වූ (සැප වේදනාවක් ඇතිකල) ආකාරය සිහි කරන්න. කලින් තමන්ට ඇසීමට කිසිදු උනන්දුවක් ඇතිනොවූ (සැපදුක් නැති වේදනාවක් ඇතිකල) සිංදුවක් පසුව ඇසීමට ප්‍රිය වූ (සැප වේදනාවක් ඇතිකල) ආකාරය සිහි කරන්න. කලින් තමන්ට ඉතා ප්‍රියවූ (සැප වේදනාවක් ඇතිකල) සුවඳක් නිතරම පරිහරණය කරන විට එයින් කිසිදු සුවඳක් නොදැණුනු (සැපදුක් නැති වේදනාවක් ඇතිකල) ආකාරය සිහි කරන්න. ඒ රූපය කෙරෙහි තමන්ගේ කැමැත්ත-අකමැත්ත වෙනස් වන විට, ඒ වේදනාවද ඒ අනුව වෙනස් වුන ආකාරය නුවණින් සිහි කරන්න. ඒ රූපයෙන් තමන්ට ලැබෙන ලාභය-අලාභය වෙනස් වන විට, ඒ වේදනාවද ඒ අනුව වෙනස් වුන ආකාරය නුවණින් සිහි කරන්න. ඒ රූපය තමන්ගේ හෝ තමන්ගේ ප්‍රියයෙකුගේ, අප්‍රියයෙකුගේ වීම වෙනස් වන විට, ඒ වේදනාවද ඒ අනුව වෙනස් වුන ආකාරය නුවණින් සිහි කරන්න. සිහිය එළඹවා ගනිමින් මේ ආකාරයට තමන්ගේ අතීත අත්දැකීම් නුවණින් මෙනෙහි කරමින් ගලපා බලන ඔබට හැකිවේවි, මේ වේදනා වෙනස් වන ආකාරයත්, ඒවාට හේතු වන තමන් තුල ඇති තණ්හාවත් ඒ ඇති සැටියෙන්ම වටහාගැනීමට. මෙලෙස තව දුරටත් නුවණින් ගලපා බලමින් මෙනෙහි කරන විට අවබෝධ වන්නේ, මේ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා ඇති වූ සෑම අවස්ථාවකදීම ඊට හේතුව වී ඇත්තේ, ඒ ඒ අවස්ථාවේ ඒ අරමුණු හෙවත් රූප කෙරෙහි මමය-මගේය-මගේ ආත්මයයි- යන තණ්හා-දෘෂ්ඨි-මානයෙන් තමන් තුල ඇතිවූ උපාදානයේ ස්වභාවය අනුව බවයි. තමන්ට පෙනෙන, ඇසෙන, දැනෙන, සිහිවෙන ආකාර දෙස සිහිය එළඹවා ගෙන සිටින විට, තමන්ට අවබෝධ කරගැනීමට හැකිවෙනවා තමාගේම අවිද්‍යාව විසින් තමාව සසරේ පවත්වාගන්නා ආකාරය. ඇසෙන් දකින රූප නිසා සොම්නස් සහගත දැකීමක් ඇතිවූ විට ඇස මමය-ඇස මගේය-ස්ථිර වූ මගේ ඇසද ස්ථිර යයි හඟිමින්, ඒ රූපය කෙරෙහි කැමැත්තෙන් උපාදානය වී ලෝබයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ රූපය අයිතිකර ගැනීමට, රැක ගැනීමට, එවැනි රූප තව තවත් පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා. ඇසෙන් දකින රූප නිසා දුක් සහගත දැනීමක් ඇතිවූ විට ඇස මමය-ඇස මගේය-ස්ථිර වූ මගේ ඇසද ස්ථිර යයි හඟිමින්, ඒ රූපය කෙරෙහි අකැමැත්තෙන් උපාදානය වී ද්වේශයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ රූපයෙන් ඈත්වීමට, ඒ රූපය විනාශ කිරීමට, එවැනි රූප කිසිදා නොලැබේවා යයි පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා කණෙන් ඇසෙන ශබ්ද නිසා සොම්නස් සහගත ඇසීමක් ඇතිවූ විට කණ මමය-කණ මගේය-ස්ථිර වූ මගේ කණද ස්ථිර යයි හඟිමින්, ඒ ශබ්දය කෙරෙහි කැමැත්තෙන් උපාදානය වී ලෝබයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ ශබ්දය අයිතිකර ගැනීමට, රැක ගැනීමට, එවැනි ශබ්ද තව තවත් පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා. කණෙන් ඇසෙන ශබ්ද නිසා දුක් සහගත ඇසීමක් ඇතිවූ විට කණ මමය-කණ මගේය-ස්ථිර වූ මගේ කණද ස්ථිර යයි හඟිමින්, ඒ ශබ්දය කෙරෙහි අකැමැත්තෙන් උපාදානය වී ද්වේශයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ ශබ්දයෙන් ඈත්වීමට, ඒ ශබ්දය විනාශ කිරීමට, එවැනි ශබ්ද කිසිදා නොලැබේවා යයි පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා නාසයෙන් දැනෙන ගන්ධ නිසා සොම්නස් සහගත දැනීමක් ඇතිවූ විට නාසය මමය-නාසය මගේය-ස්ථිර වූ මගේ නාසයද ස්ථිර යයි හඟිමින්, ඒ ගන්ධය කෙරෙහි කැමැත්තෙන් උපාදානය වී ලෝබයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ ගන්ධය අයිතිකර ගැනීමට, රැක ගැනීමට, එවැනි ගන්ධ තව තවත් පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා. නාසයෙන් දැනෙන ගන්ධ නිසා දුක් සහගත දැනීමක් ඇතිවූ විට නාසය මමය-නාසය මගේය-ස්ථිර වූ මගේ නාසයද ස්ථිර යයි හඟිමින්, ඒ ගන්ධය කෙරෙහි අකැමැත්තෙන් උපාදානය වී ද්වේශයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ ගන්ධයෙන් ඈත්වීමට, ඒ ගන්ධය විනාශ කිරීමට, එවැනි ගන්ධ කිසිදා නොලැබේවා යයි පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා දිවෙන් දැනෙන රස නිසා සොම්නස් සහගත දැනීමක් ඇතිවූ විට දිව මමය-දිව මගේය-ස්ථිර වූ මගේ දිවද ස්ථිර යයි හඟිමින්, ඒ රසය කෙරෙහි කැමැත්තෙන් උපාදානය වී ලෝබයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ රසය අයිතිකර ගැනීමට, රැක ගැනීමට, එවැනි රස තව තවත් පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා. දිවෙන් දැනෙන රස නිසා දුක් සහගත දැනීමක් ඇතිවූ විට දිව මමය-දිව මගේය-ස්ථිර වූ මගේ දිවද ස්ථිර යයි හඟිමින්, ඒ රසය කෙරෙහි අකැමැත්තෙන් උපාදානය වී ද්වේශයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ රසයෙන් ඈත්වීමට, ඒ රසය විනාශ කිරීමට, එවැනි රස කිසිදා නොලැබේවා යයි පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා කයින් දැනෙන පහස නිසා සොම්නස් සහගත දැනීමක් ඇතිවූ විට කය මමය-කය මගේය-ස්ථිර වූ මගේ කයද ස්ථිර යයි හඟිමින්, ඒ පහස කෙරෙහි කැමැත්තෙන් උපාදානය වී ලෝබයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ පහස අයිතිකර ගැනීමට, රැක ගැනීමට, එවැනි පහස තව තවත් පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා. කයින් දැනෙන පහස නිසා දුක් සහගත දැනීමක් ඇතිවූ විට කය මමය-කය මගේය-ස්ථිර වූ මගේ කයද ස්ථිර යයි හඟිමින්, ඒ පහස කෙරෙහි අකැමැත්තෙන් උපාදානය වී ද්වේශයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ පහසෙන් ඈත්වීමට, ඒ පහස විනාශ කිරීමට, එවැනි පහස කිසිදා නොලැබේවා යයි පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා මනසින් දැනෙන මතක නිසා සොම්නස් සහගත දැනීමක් ඇතිවූ විට මනස මමය-මනස මගේය-ස්ථිර වූ මගේ මනසද ස්ථිර යයි හඟිමින්, ඒ මතකය කෙරෙහි කැමැත්තෙන් උපාදානය වී ලෝබයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ මතකය අයිතිකර ගැනීමට, රැක ගැනීමට, එවැනි මතක තව තවත් පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා. මනසින් දැනෙන මතක නිසා දුක් සහගත දැනීමක් ඇතිවූ විට මනස මමය-මනස මගේය-ස්ථිර වූ මගේ මනසද ස්ථිර යයි හඟිමින්, ඒ මතකය කෙරෙහි අකැමැත්තෙන් උපාදානය වී ද්වේශයෙන් බැඳෙනවා. ඒ නිසාම ඒ මතකයෙන් ඈත්වීමට, ඒ මතකය විනාශ කිරීමට, එවැනි මතක කිසිදා නොලැබේවා යයි පැතීමට දිවා රෑ වෙහෙසෙමින් දුකින් පීඩිත වෙනවා. ඇසෙන් දකින රූප-කණෙන් ඇසෙන ශබ්ද-නාසයෙන් දැනෙන ගන්ධ-දිවෙන් දැනෙන රස-කයට දැනෙන පහස-මනසට නැගෙන මතක- නිසා ඒ මොහොතේ කිසිදු සැප හෝ දුක් වේදනාවක් ඇති නොවුව හොත්, ඒ මොහොතේ ඒ රූපය කෙරෙහි උපාදානය වීමක් ඇති නොවීම නිසා කිසිදු ඇලීමක් ගැටීමක් නැති අක්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. මෙසේ සැපදුක් වේදනා හට නොගන්නේ ඒ මොහොතේ ඒ රූපයෙන් තමන්ට ලාභයක්, ප්‍රයෝජනයක් නොවන නිසා බව සිහියෙන් විමසුවොත් අවබෝධ කරගත හැකි වේවි. මෙයට නිදසුන් ලෙස, තමන් ගොඩක් ප්‍රිය කරන කෑමක් නිතරම ලැබෙන විට එයට කලින් තිබුණු ප්‍රිය බව එසේ පැවතුනාද? දැන් එය දකින විට පෙර මෙන් සොම්නස් සහගත දැකීමක්, හෝ එය කන විට පෙර මෙන් රස දැනීමක් ඇතිවෙනවාද? බොහෝ කාලයක් නොදැක සිටි කෙනෙක් හෝ තමන්ට යම් ලාබ ප්‍රයෝජන ඇති කෙනෙක් දැකීමෙන් මුලදී ඇතිවන සොම්නස් සහගත දැකීම, පසුව ඒ කෙනාම නිතර දැකීමෙන් හෝ ඒ කෙනාගෙන් තමන්ට පාඩුවක් සිදුවන විට එලෙසම පැවතුනාද? නමුත් ඒ කෙනාව දැන් දකින විට තමන්ට දුක් දැකීමක් ඇතිවුනත්, ඒ කෙනා නිසා ප්‍රයෝජනයක් සැලසෙන වෙනත් පුද්ගලයෙකුට ඒ කෙනා දැකීමේදී සැප දැකීමක් ඇතිවෙන්න පුළුවන්. එසේනම් එය පෙනෙන, ඇසෙන, දැනෙන, සිහිවෙන රූප වල වරදක්ද? නැහැ නේද? වරද ඇත්තේ ඔබ තුල ඇති තණ්හාවෙයි. තණ්හාව ඇති කරන්නේ අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව නිසා අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන වැටහීම නොමැති වීම හේතුවෙන්, තමා වෙනස් වන බව නොදැන……. තමාගේ කැමැත්ත වෙනස් වන බව නොදැන…….. ඒ අරමුණු වන රූපය වෙනස් වන බව නොදැන…….. තමාවද, තමාගේ කැමැත්තද, රූපයද ස්ථිර ආත්මයන් කොට ගෙන ඇතිවන සෑම වේදනාවක්ම තණ්හාවෙන් උපාදානය කරගනිමින් දුකම උරුම කරගනිමින් සෑම මොහොතකම ශෝක කරයි. මුලදී ලැබූ සොම්නස් සහගත දැකීමක් දුන් රූපයට උපාදානය වීම නිසා ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතා අවසානයේ කෙලවර වන්නේ දුක් සහගත වේදනා දෙන මිනී මැරුම් වැනි අපරාධවලිනි. සොම්නස් සහගත රස විඳීම් ලබා දුන් ආහාර පාන වලට උපාදානය වී ඇබ්බැහි වීම නිසා අවසානයේ උරුම කර ගන්නේ දුක් සහගත වේදනා ඇතිකරන රෝග පීඩායි. දේපල වස්තුව මිල මුදල් ලැබීම කොතරම් සොම්නස් සහගත වේදනා ගෙනදෙන්නේ නමුත් ඒවා නිසාම විඳවීමට සිදුවන්නේ දුක් සහගත වේදනා ඇතිකරන නොසංසිඳීම් මෙන්ම සොරසතුරු උවදුරු වලට මුහුණ පෑමට සිදුවීම හේතුවෙනි. අතීතයේ අසන්නට සිදුවූ දුක් සහගත ඇසීමක් ඇතිකල, නින්දා අපහාස වලට (කණෙන් අසන ශබ්ද) අකමැත්තෙන් උපාදානය වී ද්වේෂය උපදවාගත් කෙනෙක්, ඊට ප්‍රතිප්‍රහාර ලෙස අධිෂ්ඨානශීලීව උත්සාහවත් වී ලෙෳකික වශයෙන් ජීවිතය සාර්ථක කරගෙන සිටින අවස්ථාවක, ඒ පැරණි නින්දා අපහාස, සොම්නස් සහගතව සිහිකරමින් (මනසට සිහිවෙන මතක) කැමැත්තෙන් උපාදානය කරගෙන තමන් තුල ලෝභය උපදවා ගනී. තවත් ආකාරයකින්, අතීතයේ අසන්නට සිදුවූ දුක් සහගත ඇසීමක් ඇතිකල නින්දා අපහාස වලට (කණෙන් අසන ශබ්ද) අකමැත්තෙන් උපාදානය වී ද්වේෂය උපදවාගත් කෙනෙක්, ඊට ප්‍රතිප්‍රහාර ලෙස කලකෝලාහාල වලට පැටලී නීතියෙන් දඬුවම් ලබමින් සිටින අවස්ථාවක, ඒ පැරණි නින්දා අපහාස, දොම්නස් සහගතව සිහිකරමින් (මනසට සිහිවෙන මතක) අකැමැත්තෙන් උපාදානය කරගෙන තමන් තුල තව තවත් ද්වේෂය උපදවා ගනී. නැවතද තවත් කෙනෙක්, අතීතයේ අසන්නට සිදුවූ දුක් සහගත ඇසීමක් ඇතිකල නින්දා අපහාස (කණෙන් අසන ශබ්ද), තමාගේ පුර්ව අකුසල කර්මයක විපාකයක් ලෙස අවබෝධකරගෙන, ඒ නින්දා අපහාසයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ උපාදානය නොවී ද්වේෂය හෝ ලෝභය උපදවා නොගත් කෙනෙක්, එය කනින් ඇසූ ශබ්දයක් පමණක් යයි සලකා ඇතිකරගන්නා සංසිඳීම නිසා, මතුවටද ඒ ගැන නැවත නැවත මතක් කිරීමට හේතු තමන් තුල නොමැති වීම නිසා තමන් තුල ලෝභයක් හෝ ද්වේශයක් හට නොගනී. දැන් මේ සිදුවීම් තුන දෙස නුවණින් බලන්න. මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෝභ, ද්වේෂ, අලෝභ, අද්වේෂ හටගැනීම් වලට මූලික හේතුව වූයේ එකම ආකාරයක රූපයන් මෙන්ම එකම ආකාරයක වේදනාවන් නේද? නමුත් වර්තමානයේ ඒ වේදනාව දෙආකාරයකට වෙනස් වී ඇත්තේ, ඒ පුද්ගලයන් දෙදෙනා ඒ රූපයන් සහ වේදනාවන් උපාදානය කරගත් ආකාරය අනුවයි. එනම් ඒ පුද්ගලයන් තුල පවතින ස්වභාවය අනුවයි. ඒ ඒ පුද්ගලයන් තුල පවතින ස්වභාවය යනු මමය-මගේය-මගේ ආත්මය යයි තමන් තුල ඇතිකරගන්නා තණ්හා-දෘෂ්ඨි-මාන යන්නයි. (මේ පිළිබඳ ධම්මානුපස්සනාවෙන් හොඳින් විස්තර වේ.) මේ ආකාරයට සිහිය එළඹවාගෙන තමන්ගේ හෝ අන්‍යන්ගේ අතීත අත්දැකීම් ගැන නුවණින් දකින කෙලෙස් තවන වීර්යය ඇති කෙනාට, යම් මොහොතක අවබෝධ වෙනවා, රූපය මෙන්ම වේදනාවද අනිච්ච බව, රූපය මෙන්ම වේදනාවද දුක බව, රූපය මෙන්ම වේදනාවද අනත්ත බව, සැප හෝ දුක් හෝ සැපදුක් නොවන වේදනා හටගන්නේ ඒ රූපය නිසා නොවන බව, ඒ සැප බව හෝ දුක් බව හෝ සැපදුක් නැති බව හෝ ඇතිකරන්නේ රූපය හෝ වේදනා නොවන බව, එසේ අවබෝධකරගත හැකිවූ තැන් සිට……… “එසේනම් කුමක්ද, කුමකද, කවුද, කෙසේද, මේ සැප බව හෝ දුක් බව හෝ සැපදුක් නැති බව හෝ තිබෙන්නේ හෝ ඇතිකරවන්නේ?”…..යනුවෙන් නුවණින් විමසීමට මේ ආර්ය ශ්‍රාවකයා උනන්දු වෙනවා, වීර්යය කරනවා. යමක් අනිච්ච නම් එය දුක බවත්, තමන් දුකට කැමති නැත්නම් ඒ දුක ලබාදෙන දෙය “මම හෝ මගේ” වශයෙන් ගැනීම සුදුසුදැයි තමාගෙන්ම නුවණින් විමසමින්, කෙලෙස් වලින් මිදීම සඳහා තව තවත් වීර්ය වඩන්න. “මමය-මගේය-මගේ ආත්මයයි” යන අවිද්‍යා සහගත හැඟීමෙන්, සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා, තෘෂ්ණා-දෘෂ්ඨි-මානයෙන් උපාදානය කරගන්නේ, වේදනා අනිච්ච බව, දුක බව, අනත්ත බව නොදැනීම නිසා බව අවබෝධ කරගන්න. ඒ උපාදානය නිසා තමන්ට අත්විඳින්න සිදුවන්නේ දුකක්ම බව නුවණින් දකිමින් අවබෝධ කරගන්න. රූපය ගැනත්, වේදනාව ගැනත් ලබා ගත් අවබෝධය නිසා, සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ කිසිදු වේදනාවන්, තණ්හාවෙන් උපාදානය කර නොගනිමින්, එළඹ සිටි සිහියෙන් සිටිනා විට…………. දකින රූපය දැකීම පමණකට සීමාකරයි. අසන ශබ්දය ඇසීම පමණකට සීමාකරයි. දැනෙන ගන්ධය දැනීම පමණකට සීමාකරයි. දැනෙන රස දැනීම පමණකට සීමාකරයි. දැනෙන පහස දැනීම පමණකට සීමාකරයි. සිහිවෙන මතක සිහිවීම පමණකට සීමාකරයි. මේ නිසාම ඔහු ක්‍රම ක්‍රමයෙන් රාග-ද්වේශ-මෝහයන්ගෙන් මිදෙමින් සංසිඳීමට පත්වෙයි. මේ නිසා කෙලෙස් තවන වීර්යය ඇති ආර්ය ශ්‍රාවකතෙම, මෙතැන් පටන් තමන්ගේ සිහිය එළඹවා ගෙන තම ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ආයතන වලට රූප අරමුණු වන අවස්ථාවේ ඒ ඇතිවන වේදනා කෙරෙහි නුවණින් දකිමින් නුවණින් අවබෝධ කරගන්නවා මේ ඇතිවන වේදනා වල යථා ස්වභාවය. යම් රූපයක් නිසා ඇසට ඇතිවන සැප හෝ දුක් හෝ සැපදුක් නොවන හෝ දැකීමක් නිසා ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහළ වේද, ඒ අනුව හොඳ- නරක, සැප- දුක් වශයෙන් නිමිති ගෙන ඒ රූපය උපාදානය කරගනීද, නැවත නැවත මතක්වන සේ සිතට ගනීද, ඒ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ දැකීම හෙවත් වේදනාව, “කෙලෙස් සහිත වේදනාවක්” බව දැනගන්නවා. යම් ශබ්දයක් නිසා කණට ඇතිවන සැප හෝ දුක් හෝ සැපදුක් නොවන හෝ ඇසීමක් නිසා ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහළ වේද, ඒ අනුව හොඳ- නරක, සැප- දුක් වශයෙන් නිමිති ගෙන ඒ ශබ්දය උපාදානය කරගනීද, නැවත නැවත මතක්වන සේ සිතට ගනීද, ඒ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ ඇසීම හෙවත් වේදනාව, “කෙලෙස් සහිත වේදනාවක්” බව දැනගන්නවා. යම් ගන්ධයක් නිසා නාසයට ඇතිවන සැප හෝ දුක් හෝ සැපදුක් නොවන හෝ දැනීමක් නිසා ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහළ වේද, ඒ අනුව හොඳ- නරක, සැප- දුක් වශයෙන් නිමිති ගෙන ඒ ගන්ධය උපාදානය කරගනීද, නැවත නැවත මතක්වන සේ සිතට ගනීද, ඒ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ දැනීම හෙවත් වේදනාව, “කෙලෙස් සහිත වේදනාවක්” බව දැනගන්නවා. යම් රසයක් නිසා දිවට ඇතිවන සැප හෝ දුක් හෝ සැපදුක් නොවන හෝ දැනීමක් නිසා ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහළ වේද, ඒ අනුව හොඳ- නරක, සැප- දුක් වශයෙන් නිමිති ගෙන ඒ රසය උපාදානය කරගනීද, නැවත නැවත මතක්වන සේ සිතට ගනීද, ඒ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ දැනීම හෙවත් වේදනාව, “කෙලෙස් සහිත වේදනාවක්” බව දැනගන්නවා. යම් පහසක් නිසා කයට ඇතිවන සැප හෝ දුක් හෝ සැපදුක් නොවන හෝ විඳීමක් නිසා ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහළ වේද, ඒ අනුව හොඳ- නරක, සැප- දුක් වශයෙන් නිමිති ගෙන ඒ පහස උපාදානය කරගනීද, නැවත නැවත මතක්වන සේ සිතට ගනීද, ඒ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ විඳීම හෙවත් වේදනාව, “කෙලෙස් සහිත වේදනාවක්” බව දැනගන්නවා. යම් මතකයක් නිසා මනසට ඇතිවන සැප හෝ දුක් හෝ සැපදුක් නොවන හෝ සිහිවීමක් නිසා ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහළ වේද, ඒ අනුව හොඳ- නරක, සැප- දුක් වශයෙන් නිමිති ගෙන ඒ මතකය උපාදානය කරගනීද, නැවත නැවත මතක්වන සේ සිතට ගනීද, ඒ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ සිහිවීම හෙවත් වේදනාව, “කෙලෙස් සහිත වේදනාවක්” බව දැනගන්නවා. රූපයෙත්, වේදනාවෙත්, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය වටහා ගෙන සිහියෙන් සිටින කෙනා, ඒ දකින ඇසෙන-දැනෙන-විඳින-සිහිවෙන- රූප, හොඳ- නරක, සැප- දුක් වශයෙන් නිමිති නොගන්නා නිසා, ඒ අරමුණ හෝ රූපය උපාදානය කර ගන්නේ හෝ නැවත නැවත මතක්වන සේ සිතට ගන්නේ නැහැ. ඒ නිසා ඔහු තුල ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහල වන්නේත් නැහැ. එලෙස ආශ්වාදයත් ආදීනවයත් නුවණින් මෙනෙහි කරමින් නිවීමට, සංසිඳීමට පත්වෙන ඔහු, ඒ ඒ මොහොතේ ඇතිවන සෑම වේදනාවක්ම ඇති ඇති සැටියෙන් දකිමින්, උපාදානයකින් තොරව සිහියෙන් වාසය කරනවා. ඒ නිසා දැන් ඔහු ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහල නොවන වේදනා, “කෙලෙස් රහිත වේදනා” බව නුවණින් හඳුනාගන්නවා. |
මෙලෙස සිහිය එළඹ ගෙන පුහුණු වන කෙනා
• කෙලෙස් සහිත සැප වේදනාවක් ඇති වුව හොත්
එය “කෙලෙස් සහිත සැප වේදනාවක්” බව අවබෝධ කරගන්නවා
කෙලෙස් රහිත සැප වේදනාවක් ඇති වුව හොත්
එය “කෙලෙස් රහිත සැප වේදනාවක්” බව අවබෝධ කරගන්නවා
• කෙලෙස් සහිත දුක් වේදනාවක් ඇති වුව හොත්
එය “කෙලෙස් සහිත දුක් වේදනාවක්” බව අවබෝධ කරගන්නවා
කෙලෙස් රහිත දුක් වේදනාවක් ඇති වුව හොත්
එය “කෙලෙස් රහිත දුක් වේදනාවක්” බව අවබෝධ කරගන්නවා
• කෙලෙස් සහිත සැපදුක් නැති වේදනාවක් ඇති වුව හොත්
එය “කෙලෙස් සහිත සැපදුක් නැති වේදනාවක්” බව අවබෝධ කරගන්නවා
කෙලෙස් රහිත සැපදුක් නැති වේදනාවක් ඇති වුව හොත්
එය “කෙලෙස් රහිත සැපදුක් නැති වේදනාවක්” බව අවබෝධ කරගන්නවා
• මේ ආකාරයට තමන්ට ඇතිවන වේදනා වල යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ට ඇතිවන වේදනාද ඒ ආකාරම යයි අවබෝධ කරගනිමින් ඒ වේදනා වල යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති වේදනා “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• වේදනා “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. වේදනා “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ වේදනා මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ වේදනා වලද, අන්‍යයන්ගේ වේදනා වලද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ වේදනා හෝ අන්‍යන්ගේ වේදනා හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන වේදනා වල යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ වේදනා “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් වේදනාවල යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
මෙලෙසින් වේදනානුපස්සනාව වඩන ඔබට, ඔබට ඇතිවන වේදනා ගැන අවබෝධයක් ලැබේවි.
චිත්තානුපස්සනාව
සිත දෙස නුවණින් දකිමින් සිතේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගැනීම
කුමක්ද මහණෙනි, සිත දෙස නුවණින් දකිමින් වාසය කරනවා කියන්නේ?
| විස්තර කර දැක්වීම |
|---|
| ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි මෙතෙක් කාලයක් සිතා සිටි මුළු කය (ඇස-කණ-නාසය-දිව-ශරීරය) සහ ඒ ඉන්ද්‍රියයන්ට අරමුණු, ස්පර්ශ වන විට ඇතිවන වේදනා දෙස නුවණින් දකිමින් නුවණින් මෙනෙහි කරන්න පටන් ගත් දා සිට ඔබට අවබෝධ වීමට ලැබෙනවා, කයේ සහ වේදනා වල අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය. ඒ අනිච්ච බව නොදැනීම නිසා තමන්ගේ රූපයට මෙන්ම තමා දකින-අසන-දැනෙන-විඳින, සිහිවෙන වේදනාවලටද උපාදානය වීම නිසා කොතරම් නොසංසිඳීම්-පීඩා-දුක් අත් විඳිමින් ශෝක කලාදැයි ඔබට අවබෝධ කරගැනීමට හැකිවෙනවා. මෙතෙක් කලක් තමාගේ අවිද්‍යාව නිසා තමා විසින්ම දුක ඇතිකරගත් ආකාරය මෙසේ නුවණින් මෙනෙහි කරන විට පැහැදිලි වනු ඇත. එතැන් පටන් “මා විසින්ම ඇතිකරගත් දුකෙන් මා විසින්ම මිදිය යුතුයි” යන අධිෂ්ඨානය ඇතිව සිහියෙන් වාසය කරන ඔබට හැකිවෙනවා ඔබ තුල හටගන්නා ලෝභ-ද්වේශ අකුසල ධර්මයන් හඳුනා ගන්නට. ඒ කෙසේද යත්, නගරයකට ඇතුළුවන ස්ථානයේ ඒ නගරයට ඇතුළුවන පුද්ගලයන් පරීක්ෂාකිරීමට නගර ආරක්ෂකයෙකු පිහිටුවන්නා සේ, දැන් තමාගේ සිතටද තමා විසින් තමාගේ සිහිය ආරක්ෂකයෙක් කොට පවත්වා ගන්නවා, ඒ සිතට එන සිතිවිලි පරීක්ෂා කිරීමට. රාග, ද්වේශ, මෝහ සිතිවිලි එන සෑම අවස්තාවකම ඒවා හඳුනාගෙන ඊට හේතුවූ තෘෂ්ණාව ප්‍රහීණ කිරීම සඳහා වීර්යය කරනවා. ආශ්වාදය සහ ආදීනවය ගැන නුවණින් විමසමින්, නුවණින් ගලපා බලමින්, නුවණින් මෙනෙහි කරමින්, දුක පිළිබඳවත්, දුකට හේතුවන තෘෂ්ණාව පිළිබඳවත් පිරිසිඳ දැනගනිමින් තෘෂ්ණාව ප්‍රහීණ කිරීම සඳහා තව තවත් වීර්යය කරනවා. ටිකෙන් ටික වැඩෙන ප්‍රඥාව නිසා, ඔහුට හැකිවෙනවා ටිකෙන් ටික, මොහොතෙන් මොහොත, දවසින් දවස,සතියෙන් සතිය, මාසයෙන් මාසය, අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රම ක්‍රමයෙන් රාග-ද්වේශ-මෝහ යන කෙලෙස් දුරුකිරීමට. මනා සිහියෙන් සිටින ඔබ තමන් තුල නැගෙන සෑම සිතිවිල්ලකම ස්වභාවය අඳුනා ගන්නවා, ඒ අනුව ඒ ඒ ක්ෂණයේ ඇතිවන සිත් කුමන ආකාරයේ සිත් දැයි එකින් එක හඳුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. |
කාමයන් කෙරෙහි ඇලුනු සිතක් ඇතිවූ වහාම තමන් තුල “රාගය සහිත සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
කාමාදී ක්ලේශයන් කෙරෙහි කලකිරුණු සිතක් තමන් තුල ඇතිවූ වහාම “රාගයෙන් තොර සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
අසහනය-නොසංසිඳීම-කෝපය සහිත සිතක් ඇතිවූ වහාම තමන් තුල “ද්වේශය සහිත සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
මෛත්‍රී-කරුණා-මුදිතා ගුණ සහිත සිතක් ඇතිවූ විට තමන් තුල “ද්වේශයෙන් තොර සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
‘මමය-මගේය-මගේ ආත්මය’ යන හැඟීමෙන් යමක් හා බැඳුනු සිතක් ඇතිවූ වහාම, තමන් තුල “මෝහය සහිත සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
‘මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ’ යන හැඟීමෙන් යමක් හඳුනාගෙන ඒ කිසිවකට නොඇලිය යුතු බව දැනගත් සිතක් ඇතිවූ වහාම, තමන් තුල “මෝහයෙන් තොර සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ ස්වභාවය ගලපා බලමින් ලෝකය කෙරෙහි නොඇලෙන සිතක් ඇතිවූ විට තමන් තුල “සංසිඳුණු සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
දකින-අසන-දැනෙන-විඳින-සිහිවෙන දේ නැවත නැවත මතක්වෙමින් ඒවා සමග ඇලෙන ගැටෙන සිතක් ඇතිවූ විට තමන් තුල “කැළඹුණු සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
එදිනෙදා ජීවිත ගැටළු සංයමයකින් දරාගන්නා සිතක් ඇතිවූ විට, තමන් තුල “උසස් සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
එදිනෙදා ජීවිත ගැටළු නිසා ගැටෙන සිතක් ඇතිවූ විට, තමන් තුල “පහත් සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
| විස්තර කර දැක්වීම |
|---|
| මෙයින් පසුව ඇතිවන සිත් ගැන දැනගන්නේ සකෘදාගාමී ඵලයේ අවසාන භාගයට එළඹී ඇති හෝ තවමත් රහත් ඵලයට එළඹ නැති, ඒ අතර තුර ගතකරන ආර්ය ශ්‍රාවකයෙක් බව සැලකිය යුතුයි. |
බොහෝ දුරට ප්‍රගුණ කල සංයමය සහිත සිතක් ඇතිවූ විට, තමන් තුල “වඩා උසස් සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
ඇලීම් ගැටීම් මුළුමනින්ම දුරුවූ සිතක් ඇතිවූ විට, තමන් තුල “ඉතා උතුම් සිතක්” ඇතිවූ බව විශේෂයෙන් දැනගන්නවා.
දුරු කල කෙලෙස් නිසා එකඟ වී ඇති සිතක් ඇතිවූ විට තමන්ගේ “සිත එකඟ වී” ඇති බව විශේෂයෙන් දැනගන්නවා.
දුරු නොකල කෙලෙස් නිසා විසිරෙන සිතක් ඇතිවූ විට තමන්ගේ “සිත එකඟ නොවී” ඇති බව විශේෂයෙන් දැනගන්නවා.
‘මමය-මගේය-මගේ ආත්මය’ යන හැඟීමෙන් මිදී තෘෂ්ණා-දෘෂ්ඨි-මාන වලින් සිත මිදුණු කල, තමන් “අවිද්‍යාවෙන් මිදුණු බව” විශේෂයෙන් දැනගන්නවා.
තවදුරටත් අවිද්‍යාවෙන් මිදී නැත්නම්, තමාට තවත් දුරුකිරීම සඳහා තෘෂ්ණා-දෘෂ්ඨි-මාන සහිත “අවිද්‍යා සහගත සිතක්” ඇතිබව විශේෂයෙන් දැනගන්නවා.
| විස්තර කර දැක්වීම |
|---|
| මේ එළඹ සිටි සිහියෙන් සිටින කෙනාට අවබෝධවෙනවා තමන්ගේ සිතේ ඇතිවන සිතිවිලි වල ස්වභාවය.අරමුණු හෙවත් රූප කෙරෙහි රාගයෙන් බැඳීම් නිසාත්, මෙතෙක් කාලයක් තමන් අවිද්‍යාව නිසා ඇතිකරගත් සෑම ඇලීමකින්ම ගැටීමකින්ම, අවසානයේ අත්විඳින්නට සිදුවූයේ දුකක්ම පමණක් බව අවබෝධවීමට පටන් ගන්නවා. මෙතෙක් කාලයක් තමන් අවිද්‍යාව නිසා ඇතිකරගත් සෑම සැප සහගත-දුක් සහගත-සැපදුක් නැති, විඳීමකින්ම, අවසානයේ අත්විඳින්නට සිදුවූයේ දුකක්ම පමණක් බව අවබෝධවීමට පටන් ගන්නවා. ඒ ඇලීම්-ගැටීම් විඳීම් කිසිවක් තමන් කැමති ආකාරයට නොපැවතුන බවත්, ඒ ඒ මොහොතේ හටගත් සිතිවිලි නිසා තමන්ට ඇතිවන්නේ නොසංසිඳීම-පීඩාව-අසහනය වැනි දුක් බවත්, ඒ ඒ මොහොතේ හටගත් සිතිවිලි විපරිනාමට පත්වී නිරුද්ධවී ගිය බවත් අවබෝධවීමට පටන් ගන්නවා. ක්ෂණයක් පාසා ඇතිවන මේ සිතිවිලිද, රූපය හා වේදනාව සේම අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවයට යටත් බව නුවණින් අවබෝධකරගන්නවා. එසේ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවයෙන් යුතු මේ සිත්, ‘මම හෝ මගේ’ යයි මගේ ආත්මය යයි හඳුන්වන්නේ කෙසේදැයි සිහිය පිහිටුවාගෙන තමන්ගෙන්ම නුවණින් විමසමින් ඒ සිතේ යථා ස්වභාවය හඳුනාගෙන තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන් මිදෙමින් සිත මුළුමනින්ම නිදහස් කරනවා. |
• මේ ආකාරයට තමන්ගේ සිතේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන්ගේ සිත්ද ඒ ආකාරම යයි අවබෝධ කරගනිමින් ඒ සිත් වල යථා ස්වභාවයද, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති සිත “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• සිත “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. සිත “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ සිත මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන්ගේ සිතේ ද, අන්‍යයන්ගේ සිත් වලද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන්ගේ සිත හෝ අන්‍යන්ගේ සිත් හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන සිතේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ සිත “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් සිතේ යථා ස්වභාවය දෙස නුවණින් බලමින් එහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
මෙලෙසින් චිත්තානුපස්සනාව වඩන ඔබට, ඔබගේ සිත ගැන අවබෝධයක් ලැබේවි.
ධම්මානුපස්සනාව
තමන් තුල පවතින ස්වභාවය අවබෝධකරගනිමින් වාසය කිරීම
කෙසේද මහණෙනි, තමන් තුල පවතින ස්වභාවය අවබෝධකරගනිමින් වාසය කරන්නේ?
පඤ්චනීවරණ
පංච නීවරණ
මහණෙනි, තමන් තුල ඇති පංච නීවරණයන් හඳුනාගෙන ඒවා දුරු කිරීම සඳහා වීර්යය කල යුතුයි. කෙසේද පංච නීවරණයන් හඳුනාගෙන ඒවා දුරු කරමින් වාසය කරන්නේ?
| විස්තර කර දැක්වීම |
|---|
| තමන්ගේ කයත්, තමන්ට ඇතිවන වේදනාත්, තමන්ගේ සිතත්, පිළිබඳව නුවණින් අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයෙකුට ඊළඟට තමන් තුල ඇතිවන කුතුහලය තමයි, ඒ රූපය තුල ස්ථිරවූ ‘සැප හෝ දුක් හෝ සැපදුක් නොවන’ ස්වභාවයක් නොමැති නම්, ඒ රූපය නිසා ඇතිවන වේදනා තුල ස්ථිරවූ ‘සැප හෝ දුක් හෝ සැපදුක් නොවන’ ස්වභාවයක් නොමැති නම්, ඒ රූපය නිසා ඇතිවන වේදනා හේතු කරගෙන හටගන්නා සිත් තුලද ස්ථිරවූ ‘සැප හෝ දුක් හෝ සැපදුක් නොවන’ ස්වභාවයක් නොමැති නම්, මෙන්ම තවදුරටත්, ‘සැප හෝ දුක් හෝ සැපදුක් නොවන හෝ’ වේදනා හටගන්නේ ඒ රූපය නිසා නොවේ නම්, ඒ ‘සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ’ හැඳිනීම් ඇතිවෙන්නේ ඒ රූපය හෝ වේදනාව නිසා නොවේ නම්, ඒ ‘සැප බව හෝ දුක් බව හෝ සැපදුක් නැති බව හෝ’ දැනී උපාදානය ඇතිවෙන්නේ ඒ රූපය හෝ වේදනාව හෝ සිත හෝ නිසා නොවේ නම්, “කුමක්ද, කුමකද, කවුද, කෙසේද මේ ‘සැප බව හෝ දුක් බව හෝ සැපදුක් නැති බව හෝ’ තිබෙන්නේ හෝ ඇතිකරවන්නේ” කියා. එය වේදනානුපස්සනාවේ දක්වා ඇති නිදසුන් තුන මගින් පෙන්වා ඇති පරිදි, තමන්ගේ හෝ අන්‍යන්ගේ ජීවිත අතීත අත්දැකීම් හා ගලපා බලමින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එකම ආකාරයක රූප නිසා ඇතිවන එකම ආකාරයක වේදනා විවිධ ආකාරයට උපාදානය කරගත් විට, වෙනස් ආකාර ලෝභ-ද්වේෂ, අලෝභ-අද්වේශ සිත් පහල වන්නේ, ඒ ඒ පුද්ගලයන් ඒ රූප හා වේදනා උපාදානය කරගන්නා ආකාරය අනුවයි. ඒ විවිධ ආකාරයෙන් උපාදානය කිරීමට හේතුවන්නේ, ඒ ඒ පුද්ගලයා තුල පවතින ස්වභාව අනුවයි. පුද්ගලයන් තුල පවතින ස්වභාවය ඇතිවන්නේ ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි හැඟීමෙන් තමන් තුල ඇතිකරගන්නා ‘තණ්හා-දෘෂ්ඨි-මාන’ අනුවයි. එසේ නම් මේ ආර්ය මාර්ගයේ ගමන් ගන්නා කෙනෙකුට තමන් තුල පවතින ස්වභාවය අවබෝධ කරගැනීමේ වැදගත් කම ගැන දැන් ඔබට වැටහීමක් ඇති. එතැන් සිට ගෙවන සෑම මොහොතක්ම සිහිය එළඹවාගෙන තමන් තුල පවතින ස්වභාවය අවබෝධ කරගනිමින් වාසය කලයුතුයි. මේ නිසා තමන් තුල ඇති පංච නීවරණයන් හඳුනාගත හැකි වෙනවා. පංච නීවරණයන් තමන්ගේ ආර්ය මාර්ගය වළක්වන බව, සිතේ දියුණුවට බාධා පමුණුවන බව, සිත හාත්පසින්ම වසා දමන බව, හාත්පසින්ම සිත වෙලා ගන්නා බව දැනගත යුතුය. කුමක්ද ඒ නීවරණ පහ? 1. කාමයට ඇති කැමැත්ත හෙවත් කාමච්ඡන්දය, 2. නපුරු සිතිවිලි හෙවත් ව්‍යාපාදය, 3. කාය චිත්ත දෙදෙනාගේ ක්‍රියා විරහිත ස්වභාවය හෙවත් ථිනමිද්ධය, 4. උඩඟු බව සහ පසුතැවිල්ල හෙවත් උද්ධච්චකුක්කුච්චය, 5. ස්ථිර අධිෂ්ඨානයකට-ස්ථිර විනිශ්චයකට ඒමට නොහැකි සැකය හෙවත් විචිකිච්ඡාව බුදුන් වහන්සේ විසින් මේ නීවරණ උපමා කර ඇති ආකාරය මෙසේයි. පිරුණු දිය ඇති ගඟකින් එගොඩ ගොඩෙහිදී විශාල ලාභයක් ලබාගත හැකි කෙනෙක්, ඒ ලාබය ලබාගැනීම සඳහා ගඟෙන් එගොඩ වීමට පැමිණ, එහෙත් අලස බව නිසා මෙගොඩ ඉවුරට වී හිස පොරවා නිදා ගන්නේ නම්, ඔහුට ඒ, එගොඩදී ලබන ලාභය අහිමිවන්නේ යම් සේද, මේ ජීවිතයේදීම සසරින් එගොඩ වීමට හැකියාව-වාසනාව ඇති කෙනෙකු, මේ පංච නීවරණයන් නිසා ඒ ලැබීම අහිමි කරගන්නේය. |
• ඇස-කණ-නාසය-දිව-ශරීරය පිනවීමට තමන්ට ආශාවන් ඇතිවන විට “තමන් තුල කාමච්ඡන්දය ඇතිවෙන බව” විශේෂයෙන් දැනගන්න.
ඇස-කණ-නාසය-දිව-ශරීරය පිනවීමට තමන්ට ආශාවන් ඇති නොවන්නේ නම් “තමන් තුල කාමච්ඡන්දය නැති බව” විශේෂයෙන් දැනගන්න.
යම්සේ නූපන් කාමච්ඡන්දය නැවත හටගන්නේ දැයි, සිහියෙන් විමසිලිමත් වන්න.
හටගත්තාවූ කාමාශාවන් ඇත්නම් ඒවා දුරුකිරීමට ක්‍රියාකර, ඒ කාමච්ඡන්දය දුරු වුනා යයි ප්‍රත්‍යක්ෂ කරගන්න.
ඒ දුරු කල කාමච්ඡන්දය අනාගතයේදී නැවත හට ගැනීමට හැකිවන හේතු තමා තුල නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න.
• තමන් තුල අසහනය-අසංතෝසය-අන් අය හා ගැටීම්, ඇතිවන විට “තමන් තුල ව්‍යාපාදය ඇතිවෙන බව” විශේෂයෙන් දැනගන්න.
තමන් තුල අසහනය-අසංතෝසය-අන් අය හා ගැටීම්, ඇති නොවන්නේ නම් “තමන් තුල ව්‍යාපාදය නැති බව” විශේෂයෙන් දැනගන්න.
යම්සේ නූපන් ව්‍යාපාදය නැවත හටගන්නේ දැයි, සිහියෙන් විමසිලිමත් වන්න.
හටගත්තාවූ නපුරු සිතිවිලි ඇත්නම් ඒවා දුරුකිරීමට ක්‍රියාකර, ඒ ව්‍යාපාදය දුරු වුනා යයි ප්‍රත්‍යක්ෂ කරගන්න.
ඒ දුරු කල ව්‍යාපාද සිතිවිලි අනාගතයේදී නැවත හට ගැනීමට හැකි වන හේතු තමා තුල නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න.
• කාමයෙහි ඇති කැමැත්ත නිසා ඒවා දුරුකිරීමට තමන් තුල උනන්දුවක් නැති බව හඳුනා ගත් විට “කෙලෙස් නැති කිරීම සඳහා තමන්ගේ සිතෙහි-කයෙහි ක්‍රියා විරහිත ස්වභාවයක් හෙවත් ථිනමිද්ධය ඇති බව” විශේෂයෙන් දැනගන්න.
කෙලෙස් නැති කිරීම සඳහා තමන් තුල උනන්දුවක් කැමැත්තක් ඇති බව හඳුනා ගත් විට “කෙලෙස් නැති කිරීම සඳහා තමන්ගේ සිතෙහි-කයෙහි ක්‍රියා විරහිත ස්වභාවයක් හෙවත් ථිනමිද්ධය නැති බව” විශේෂයෙන් දැනගන්න.
යම් සේ තමන් තුල නූපන් ථිනමිද්ධය නැවත හටගන්නේ දැයි, සිහියෙන් විමසිලිමත් වන්න.
තමන් තුල හටගත්තාවූ ථිනමිද්ධය ඇත්නම් ඒවා දුරුකිරීමට ක්‍රියාකර, ඒ සිතෙහි-කයෙහි ක්‍රියා විරහිත ස්වභාවය දුරු වුනා යයි ප්‍රත්‍යක්ෂ කරගන්න.
ඒ දුරු කල ථිනමිද්ධය අනාගතයේදී නැවත හට ගැනීමට හැකි වන හේතු තමා තුල නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න.
• “මමය- මගේය- මගේ ආත්මයයි” යන තණ්හා-දෘෂ්ඨි-මාන නිසා ඇතිවන අහංකාර කම හේතුවෙන්, තමන් තුල “උඩඟු බව සහ පසුතැවිල්ල හෙවත් උද්ධච්චකුක්කුච්චය ඇති බව” විශේෂයෙන් දැනගන්න.
රූපය හෝ වේදනාව හෝ සිත හෝ “මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යයි යන අවබෝධය තමන් තුල ඇතිවිට “තමන් තුල උද්ධච්චකුක්කුච්චය නැති බව” විශේෂයෙන් දැනගන්න.
යම් සේ නූපන් උඩඟු බව සහ පසුතැවිලි නැවත හටගන්නේ දැයි, සිහියෙන් විමසිලිමත් වන්න.
හටගත්තාවූ උඩඟු බව සහ පසුතැවිලි ඇත්නම් ඒවා දුරුකිරීමට ක්‍රියාකර, ඒ උද්ධච්චකුක්කුච්චය දුරු වුනා යයි ප්‍රත්‍යක්ෂ කරගන්න.
ඒ දුරු කල උද්ධච්චකුක්කුච්චය අනාගතයේදී නැවත හට ගැනීමට හැකි වන හේතු තමා තුල නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න.
• චතුරාර්ය සත්‍ය කෙරෙහි නිවැරදි අවබෝධයක් තමන් තුල නැතිනම්, “ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ කෙසේදැයි යන සැකය හෙවත් විචිකිච්ඡාව” ඇති බව විශේෂයෙන් දැනගන්න.
දුක පිලිබඳවත්-දුකට හේතුව පිළිබඳවත්-දුක නැතිකරන මාර්ගය පිළිබඳවත්-පිරිසිඳ දැනගත්තේ නම්, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම ගැන සැකයක් නැති බව විශේෂයෙන් දැනගන්න.
යම් සේ නූපන් විචිකිච්ඡාවක් නැවත හටගන්නේ දැයි සිහියෙන් විමසිලිමත් වන්න.
හටගත්තාවූ විචිකිච්ඡාවක් ඇත්නම් ඒවා දුරුකිරීමට ක්‍රියාකර, ඒ ස්ථිර විනිශ්චයකට ඒමට නොහැකිව තිබූ විචිකිච්ඡාව දුරු වුනා යයි ප්‍රත්‍යක්ෂ කරගන්න.
ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම ගැන ස්ථිර විනිශ්චයකට ඒමට නොහැකි වූ සැකය දුරු කිරීමෙන් පසු, අනාගතයේදී නැවත එවැනි විචිකිච්ඡාවක් හට ගැනීමට හේතු තමා තුල නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න.
• මේ ආකාරයට තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන් තුල පවතින ස්වභාවයන්ද ඒ ආකාරම යයි අවබෝධ කරගනිමින් ඒ පවතින ස්වභාවයන්වල යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• තමන් තුල පවතින ස්වභාවය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ තමන් තුල පවතින ස්වභාවය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන් තුල පවතින ස්වභාවයද, අන්‍යයන් තුල පවතින ස්වභාවයන්ද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන් තුල පවතින ස්වභාවය හෝ අන්‍යයන් තුල පවතින ස්වභාවයන් හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ තමන් තුල පවතින ස්වභාවය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා-දෘෂ්ඨි-මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් තමන් තුල පවතින ස්වභාවයක් වන පංච නීවරණයන් නුවණින් හඳුනාගෙන ඒවා දුරුකරමින් වාසය කරනවා කියන්නේ.
පඤ්චඋපාදානස්ඛන්ධ කොටස
ස්කන්ධයන් පහට උපාදාන වීම
නැවතත් කියනවානම් මහණෙනි, තමන් තුල ඇතිවන ස්කන්ධයන් කෙරෙහි උපාදාන වන ආකාරය දෙස බලන්න.
මහණෙනි, “මමය මගේය මගේ ආත්මය” යයි තණ්හාවෙන් ස්කන්ධ පහ උපාදානය කර ගැනීම සිදුකරන ආකාරය හා ඒ උපාදානය නිසා දුක ඇතිකරගන්නා ආකාරය හඳුනාගෙන, ඒ උපාදානය දුරු කිරීම සඳහා වීර්යය කල යුතුයි.
කෙසේද ස්කන්ධයන් පහ කෙරෙහි ඇතිවන උපාදානය දුරු කරමින් වාසය කරන්නේ?
| විස්තර කර දැක්වීම |
|---|
| මොනවාද ඒ ස්කන්ධ පහ? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥ්ඥානය බුදුන් වහන්සේ විසින් තවත් අවස්ථාවක මේ පංචස්කන්ධයන් උපමා සහිතව මෙසේ පෙන්වා දී තිබෙනවා. “ඵෙණපිණ්ඩූපමං රූපං- වේදනා බුබුලූපමා මරීචිකූපමා සඤ්ඤා- සංඛාරා කදලූපමා මායූපමං ච විඤ්ඤාණං- දෙසිතා’ දිච්චබන්ධුනා” ඔබ දැනගත යුතුයි රූපය යනු කුමක්ද කියා රූපය, පෙණ පිඬක් වගේ, පෙණ පිඬට ස්ථිර හැඩයක් හෝ ස්වභාවයක් නැහැ. එය ඇතිවූ සේම තැනින් තැන බිඳී බිඳී නැගෙමින් අවසානයේ නැතිවී යනවා. එලෙස ඔබේත් අන්‍යන්ගෙත් අන් සියලු වස්තුන්ගේත් රූප දෙස පෙණ පිඬකට උපමා කරමින් නුවණින් බලන්න. ඒ හැම රූපයක්ම ඇතිවුනා සේම විපරිණාමයට පත්වෙමින් නැතිවීමට පත්වෙන ආකාරය නුවණින් දකින්න. ඔබ කැමති වූ රූප ඔබේ කැමැත්තට අනුව එකම ආකාරයකට නොවෙනස්ව පැවතුනාද? ඒ මුලින් ඔබ කැමති වූ රූපය කෙරේ ඔබේ කැමැත්ත ඒ ආකාරයටම නොවෙනස්ව පැවතුනාද? මේ ප්‍රශ්න දෙකටම පිළිතුර “නැහැ” කියන එක නේද? එහෙනම් නුවණින් හිතන්න ඇයි තමන් මේ රූපයන් “මමය, මගේය” යනුවෙන් තණ්හාවෙන් උපාදානය කරගන්නේ? වේදනාව දිය බුබුලක් වගේ. දිය බුබුල ක්ෂණිකව හටගෙන තිබූ තැනක් වත් සොයාගත නොහැකි සේ ක්ෂණිකව බිඳී යනවා. එසේ ඔබට මෙන්ම අන්‍යන්ටද ඇතිවන වේදනා, දියබුබුලකට උපමා කරමින්, ඒ හටගන්නා වේදනා දෙස නුවණින් බලන්න. ඒ හැම සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා ඇතිවුනා සේම විපරිණාමයට පත්වෙමින් නැතිවීමට පත්වෙන ආකාරය නුවණින් දකින්න. ඔබ කැමති වූ සැප වේදනා හෝ ඔබ අකමැති වූ දුක් වේදනා හෝ ඔබට කිසිදු දුකක් සැපක් ගෙන නොදුන් වේදනා හෝ එකම ආකාරයකට නොවෙනස්ව පැවතුනාද? ඒ මුලින් ඔබ කැමති වූ සැප වේදනා හෝ ඔබ අකමැති වූ දුක් වේදනා හෝ ඔබට කිසිදු දුකක් සැපක් ගෙන නොදුන් වේදනා හෝ කෙරේ ඔබේ කැමැත්ත හෝ අකමැත්ත ඒ ආකාරයටම නොවෙනස්ව පැවතුනාද? මේ ප්‍රශ්න දෙකටම පිළිතුර “නැහැ” කියන එක නේද? එහෙනම් නුවණින් හිතන්න, ඇයි තමන් මේ වේදනා “මමය, මගේය” යනුවෙන් තණ්හාවෙන් උපාදානය කරගන්නේ? සංඥාව මිරිඟු දිය වගේ. මිරිඟු දිය ඈතින් ජලය ඇති සේ පෙනුනත්, එහි ඇත්තටම වතුර නැති බව ඔබ දන්නවා සේම, සංඥාවෙන් ඔබට දැනෙන හැඳිනීම ඒ රූපයේ නැති බව ඔබට අවබෝධ කරගැනීමට නම් සිහිකරන්න අතීත අත්දැකීමක්. අතීතයේ තමන් කැමති කෙනෙක් හෝ දෙයක් දැකීමෙන් ඇතිවුන හැඳිනීමම ඊට පසු අවස්ථාවක ඒ දෙයම හෝ කෙනාම දැකීමෙන් ඇතිවුනාද හෝ දැන් ඇතිවෙනවද කියා හොඳින් නුවණින් විමසන්න. එසේ ඔබට මෙන්ම අන්‍යන්ටද ඇතිවන සංඥා දෙස, ඒ හටගන්නා සංඥා මිරිඟු දියට උපමා කරමින් නුවණින් විමසා බලන්න. ඒ ඇතිවූ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ හැඳිනීම, ඒ රූපයේ ඇත්ත ස්වභාවය නොවන බව නුවණින් දකින්න. ඔබට දැනුනු ඒ සැප හැඳිනීම හෝ ඔබ අකමැති වූ දුක් හැඳිනීම හෝ ඔබට කිසිදු දුකක් සැපක් ගෙන නොදුන් හැඳිනීම හෝ ඒ රූපයේ ඇත්තම ස්වභාවයද? ඒ මුලින් ඔබ කැමති වූ සැප හැඳිනීම හෝ ඔබ අකමැති වූ දුක් හැඳිනීම හෝ ඔබට කිසිදු දුකක් සැපක් ගෙන නොදුන් හැඳිනීම හෝ කෙරේ ඔබේ කැමැත්ත ඒ ආකාරයටම නොවෙනස්ව පැවතුනාද? මේ ප්‍රශ්න දෙකටම පිළිතුර “නැහැ” කියන එක නේද? එහෙනම් නුවණින් හිතන්න ඇයි තමන් මේ සංඥා “මමය, මගේය” යනුවෙන් තණ්හාවෙන් උපාදානය කරගන්නේ? සංස්කාර කෙසෙල් කඳක් වගේ. අරටුවක් නැති, එකකට එකක් සම්බන්ධ වූ පතුරු වලින් හැදුනු, බාහිර බලපෑම් මගින් ඉතා ලෙහෙසියෙන් විනාශ කරන්න හැකි ශක්තිමත් නොවන්නක්. එසේ ඔබට මෙන්ම අන්‍යන්ටද ඇතිවන සංස්කාර හෙවත් සිතිවිලි, කෙසෙල් කඳකට උපමා කරමින් නුවණින් ඒ දෙස බලන්න. ඒ හැම සංස්කාරයක්ම ඇතිවුනා සේම විපරිණාමයට පත්වෙමින් නැතිවීමට පත්වෙන ආකාරය නුවණින් දකින්න. ඔබ කැමති වූ, අකමැති වූ, කැමති හෝ අකමැති නො වූ දේ අරමුණු කර ඔබතුල ගොඩනගාගත් සිතිවිලි හෙවත් සංස්කාර එකම ආකාරයකට නොවෙනස්ව පැවතුනාද? මුලින් ඔබ ගොඩ නගාගත් සංස්කාර කෙරේ ඔබේ කැමැත්ත ඒ ආකාරයටම නොවෙනස්ව පැවතුනාද? මේ ප්‍රශ්න දෙකටම පිළිතුර “නැහැ” කියන එක නේද? එහෙනම් නුවණින් හිතන්න ඇයි තමන් මේ සංස්කාර “මමය, මගේය” යනුවෙන් තණ්හාවෙන් උපාදානය කරගන්නේ? විඥ්ඥානය මායාවක් වගේ. මායාව අපිව මුලාවකට පත් කරනවා පමණයි. එහි ඇත්තක් හෝ සිද්ධියක් හෝ නැහැ. එසේ ඔබ මෙන්ම අන්‍යන්ද, විශේෂයෙන් සිතට ගෙන ඇතිකරගන්නා ස්වභාවයන්, මායාවකට උපමා කරමින් ඒ ඇතිකරගන්නා සිත් දෙස නුවණින් බලන්න. ඒ හැම සිතක් සේම ඒ අනුව තමන් තුල ඇතිවූ ස්වභාවයන්ද විපරිණාමයට පත්වෙමින් නැතිවීමට පත්වෙන ආකාරය නුවණින් දකින්න. ඔබ තුල ඇතිවූ ස්වභාවයන් එකම ආකාරයකට නොවෙනස්ව පැවතුනාද? ඔබ පත්වූ, කැමති වූ හෝ අකමැති වූ හෝ කැමති-අකමැති නොවූ හෝ තත්වයන්ට, ඔබේ කැමැත්ත ඒ ආකාරයටම නොවෙනස්ව පැවතුනාද? මේ ප්‍රශ්න දෙකටම පිළිතුර “නැහැ” කියන එක නේද? එහෙනම් නුවණින් හිතන්න ඇයි තමන් මේ විඥ්ඥාන “මමය, මගේය” යනුවෙන් තණ්හාවෙන් උපාදානය කරගන්නේ? |
රූපයේ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය අවබෝධකරගනිමින්,
රූපය ගැන නුවණින් දකින්න, රූපයේ හට ගැනීම නුවණින් දකින්න, රූපයේ නැතිවීම නුවණින් දකින්න,
වේදනාවේ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය අවබෝධකරගනිමින්,
වේදනාව ගැන නුවණින් දකින්න, වේදනාවේ හට ගැනීම නුවණින් දකින්න, වේදනාවේ නැතිවීම නුවණින් දකින්න,
සංඥාවේ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය අවබෝධකරගනිමින්,
සංඥාව ගැන නුවණින් දකින්න, සංඥාවේ හට ගැනීම නුවණින් දකින්න, සංඥාවේ නැතිවීම නුවණින් දකින්න,
සංස්කාරයන්හි අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය අවබෝධකරගනිමින්,
සංස්කාර ගැන නුවණින් දකින්න, සංස්කාරයන්හි හට ගැනීම නුවණින් දකින්න, සංස්කාරයන්හි නැතිවීම නුවණින් දකින්න,
විඥ්ඥානයෙහි අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය අවබෝධකරගනිමින්,
විඥ්ඥානය ගැන නුවණින් දකින්න, විඥ්ඥානයෙහි හට ගැනීම නුවණින් දකින්න, විඥ්ඥානයෙහි නැතිවීම නුවණින් දකින්න,
මෙලෙස අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති රූප, වේදනා, සංඥා, සංකාර, විඥ්ඥාන, යන්ට “මමය-මගේය-මගේ ආත්මය” යයි යන තණ්හාවෙන් උපාදානය කරගැනීම නිසා මෙතෙක් කාලයක් තමන්ට අත්විඳින්න සිදුවුනේම දුකක් බව අවබෝධකරගනිමින්, ඒ තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කරන්න.
• මේ ආකාරයට තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන් තුල පවතින ස්වභාවයන්ද ඒ ආකාරම යයි අවබෝධ කරගනිමින් ඒ පවතින ස්වභාවයන්වල යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• තමන් තුල පවතින ස්වභාවය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ තමන් තුල පවතින ස්වභාවය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන් තුල පවතින ස්වභාවයද, අන්‍යයන් තුල පවතින ස්වභාවයන්ද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන් තුල පවතින ස්වභාවය හෝ අන්‍යයන් තුල පවතින ස්වභාවයන් හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ තමන් තුල පවතින ස්වභාවය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් තමන් තුල පවතින ස්වභාවයක් වන පංච උපාදානස්කන්ධයන් නුවණින් හඳුනාගෙන, ඒවා දුරුකරමින් වාසය කරනවා කියන්නේ.
ඡසු අජ්ඣත්තිකබාහිර ආයතන
අභ්‍යන්තර-බාහිර සය ආයතන සංයෝජනය හඳුනා ගැනීම
අභ්‍යන්තර-බාහිර සය ආයතනයන් ගැන නුවණින් අවබෝධ කරගනිමින් වාසය කිරීම
තව දුරටත් මහණෙනි, අභ්‍යන්තර-බාහිර සය ආයතනයන් ගැන නුවණින් අවබෝධ කරගනිමින් වාසය කිරීම කල යුතුයි. කෙසේද මහණෙනි, අභ්‍යන්තර-බාහිර සය ආයතනයන් ගැන නුවණින් අවබෝධ කරගතයුත්තේ?
ඔබ ඇස ගැන නුවණින් අවබෝධ කරගන්න. ඇසට පෙනෙන රූප ගැන නුවණින් අවබෝධ කරගන්න. තණ්හාවෙන් රූපයට උපාදානය වීමෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ගැන අවබෝධ කරගන්න.
ඇස මෙන්ම රූපයද, ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ද, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති බව අවබෝධ කරගෙන ඒවා ගැන කලකිරෙන්න.
ඒ ඇස හෝ රූපය හෝ ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥානය හෝ, “මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ” වශයෙන් තණ්හාවෙන් උපාදානය කර නොගන්න.
ඒ ආකාරයට මෙතෙක් හට නොගත් සංයෝජනයන් හට ගන්නේ දැයි, සිහියෙන් සිටිමින් හඳුනාගන්න,
ඒ හටගත්තාවූ සංයෝජනයන් ඇත්නම්, ඒවා දුරුකරලීමට සිහියෙන් සිටිමින් නුවණින් ක්‍රියා කරන්න.
ඒ දුරු කල සංයෝජනයන් නැවත හට නොගැනීම සඳහා සිහියෙන් සිටිමින්, ඒ ඒ මොහොතේ ඉන්ද්‍රියයන්ට ස්පර්ශ වන අරමුණු, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න.
ඔබ කණ ගැන නුවණින් අවබෝධ කරගන්න. කණට ඇසෙන ශබ්ද ගැන නුවණින් අවබෝධ කරගන්න. තණ්හාවෙන් ශබ්දයට උපාදානය වීමෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ගැන අවබෝධ කරගන්න. කණ මෙන්ම ශබ්දයද, ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ද, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති බව අවබොධ කරගෙන ඒවා ගැන කලකිරෙන්න.
ඒ කණ හෝ ශබ්දය හෝ ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා- සංඥා-සංකාර-විඥ්ඥානය හෝ, “මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ” වශයෙන් තණ්හාවෙන් උපාදානය කර නොගන්න.
ඒ ආකාරයට මෙතෙක් හට නොගත් සංයෝජනයන් හට ගන්නේ දැයි, සිහියෙන් සිටිමින් හඳුනාගන්න,
ඒ හටගත්තාවූ සංයෝජනයන් ඇත්නම්, ඒවා දුරුකරලීමට සිහියෙන් සිටිමින් නුවණින් ක්‍රියා කරන්න.
ඒ දුරු කල සංයෝජනයන් නැවත හට නොගැනීම සඳහා සිහියෙන් සිටිමින්, ඒ ඒ මොහොතේ ඉන්ද්‍රියයන්ට ස්පර්ශ වන අරමුණු, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න.
ඔබ නාසය ගැන නුවණින් අවබෝධ කරගන්න. නාසයට දැනෙන ගන්ධ ගැන නුවණින් අවබෝධ කරගන්න. තණ්හාවෙන් ගන්ධයට උපාදානය වීමෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ගැන අවබෝධ කරගන්න. නාසය මෙන්ම ගන්ධයද, ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ද, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති බව අවබෝධ කරගෙන, ඒවා ගැන කලකිරෙන්න.
ඒ නාසය හෝ ගන්ධය හෝ ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා- සංඥා-සංකාර-විඥ්ඥානය හෝ, “මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ” වශයෙන් තණ්හාවෙන් උපාදානය කර නොගන්න.
ඒ ආකාරයට මෙතෙක් හට නොගත් සංයෝජනයන් හට ගන්නේ දැයි, සිහියෙන් සිටිමින් හඳුනාගන්න,
ඒ හටගත්තාවූ සංයෝජනයන් ඇත්නම්, ඒවා දුරුකරලීමට සිහියෙන් සිටිමින් නුවණින් ක්‍රියා කරන්න.
ඒ දුරු කල සංයෝජනයන් නැවත හට නොගැනීම සඳහා සිහියෙන් සිටිමින්, ඒ ඒ මොහොතේ ඉන්ද්‍රියයන්ට ස්පර්ශ වන අරමුණු, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න.
ඔබ දිව ගැන නුවණින් අවබෝධ කරගන්න. දිවට දැනෙන රස ගැන නුවණින් අවබෝධ කරගන්න. තණ්හාවෙන් රසට උපාදානය වීමෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ගැන අවබෝධ කරගන්න. දිව මෙන්ම රසද, ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර- විඥ්ඥාන ද, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති බව අවබෝධ කරගෙන ඒවා ගැන කලකිරෙන්න.
ඒ දිව හෝ රසය හෝ ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා- සංකාර-විඥ්ඥානය හෝ, “මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ” වශයෙන් තණ්හාවෙන් උපාදානය කර නොගන්න.
ඒ ආකාරයට මෙතෙක් හට නොගත් සංයෝජනයන් හට ගන්නේ දැයි, සිහියෙන් සිටිමින් හඳුනාගන්න,
ඒ හටගත්තාවූ සංයෝජනයන් ඇත්නම්, ඒවා දුරුකරලීමට සිහියෙන් සිටිමින් නුවණින් ක්‍රියා කරන්න.
ඒ දුරු කල සංයෝජනයන් නැවත හට නොගැනීම සඳහා සිහියෙන් සිටිමින්, ඒ ඒ මොහොතේ ඉන්ද්‍රියයන්ට ස්පර්ශ වන අරමුණු, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න.
ඔබ කය ගැන නුවණින් අවබෝධ කරගන්න. කයට දැනෙන පහස ගැන නුවණින් අවබෝධ කරගන්න. තණ්හාවෙන් පහසට උපාදානය වීමෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ගැන අවබෝධ කරගන්න. කය මෙන්ම පහසද, ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා- සංකාර-විඥ්ඥාන ද, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති බව අවබෝධ කරගෙන ඒවා ගැන කලකිරෙන්න.
ඒ කය හෝ පහස හෝ ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥානය හෝ, “මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ” වශයෙන් තණ්හාවෙන් උපාදානය කර නොගන්න.
ඒ ආකාරයට මෙතෙක් හට නොගත් සංයෝජනයන් හට ගන්නේ දැයි, සිහියෙන් සිටිමින් හඳුනාගන්න,
ඒ හටගත්තාවූ සංයෝජනයන් ඇත්නම් ඒවා දුරුකරලීමට සිහියෙන් සිටිමින් නුවණින් ක්‍රියා කරන්න.
ඒ දුරු කල සංයෝජනයන් නැවත හට නොගැනීම සඳහා සිහියෙන් සිටිමින්, ඒ ඒ මොහොතේ ඉන්ද්‍රියයන්ට ස්පර්ශ වන අරමුණු නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න.
ඔබ සිත ගැන නුවණින් අවබෝධ කරගන්න. සිතට නැගෙන මතකයන් ගැන නුවණින් අවබෝධ කරගන්න. තණ්හාවෙන් මතකයන්ට උපාදානය වීමෙන් හටගන්නා වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන ගැන අවබෝධ කරගන්න. සිත මෙන්ම මතකයන්ද, ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා-සංඥා- සංකාර-විඥ්ඥාන ද, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති බව අවබෝධ කරගෙන ඒවා ගැන කලකිරෙන්න.
ඒ සිත හෝ මතකයන් හෝ ඒ දෙකේ සංයෝජනයෙන් හටගන්නා වේදනා- සංඥා-සංකාර-විඥ්ඥානය හෝ, “මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ” වශයෙන් තණ්හාවෙන් උපාදානය කර නොගන්න.
ඒ ආකාරයට මෙතෙක් හට නොගත් සංයෝජනයන් හට ගන්නේ දැයි, සිහියෙන් සිටිමින් හඳුනාගන්න,
ඒ හටගත්තාවූ සංයෝජනයන් ඇත්නම් ඒවා දුරුකරලීමට සිහියෙන් සිටිමින් නුවණින් ක්‍රියා කරන්න.
ඒ දුරු කල සංයෝජනයන් නැවත හට නොගැනීම සඳහා සිහියෙන් සිටිමින්, ඒ ඒ මොහොතේ ඉන්ද්‍රියයන්ට ස්පර්ශ වන අරමුණු, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න.
• මේ ආකාරයට තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන් තුල පවතින ස්වභාවයන්ද ඒ ආකාරම යයි අවබෝධ කරගනිමින් ඒ පවතින ස්වභාවයන්වල යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• තමන් තුල පවතින ස්වභාවය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ තමන් තුල පවතින ස්වභාවය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන් තුල පවතින ස්වභාවයද, අන්‍යයන් තුල පවතින ස්වභාවයන්ද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන් තුල පවතින ස්වභාවය හෝ අන්‍යයන් තුල පවතින ස්වභාවයන් හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ තමන් තුල පවතින ස්වභාවය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් තමන් තුල පවතින ස්වභාවයක් වන අභ්‍යන්තර-බාහිර සය ආයතනයන්ගේ සංයෝජනයන් නුවණින් හඳුනාගෙන තම ඉන්ද්‍රියයන් සංවරකරගනිමින් වාසය කරනවා කියන්නේ.
සත්ත බොජ්ඣඞ්ග
මාර්ගඵල අවබෝධය සාක්ෂාත් කරගැනීම සඳහා අනුපිළිවෙලින් අනුගමනය කලයුතු වැඩීම් හත
නැවතත් බලන්න මහණෙනි, අවබෝධය සාක්ෂාත් කරගැනීම සඳහා අනුපිළිවෙලින් අනුගමනය කලයුතු වැඩීම් හතක් තියනවා. බෝධියට පමුණුවන අංග හතක් නමින්.
කෙසේද මහණෙනි, ඒ සත්ත බොජ්ඣඞ්ග වඩන්නේ?
| විස්තර කර දැක්වීම |
|---|
| මොනවාද ඒ සත්ත බොජ්ඣඞ්ග හෙවත් බෝධියට පමුණුවන අංග හත. 1. සති සම්බොජ්ඣඞ්ගය 2. ධම්ම විචය සම්බොජ්ඣඞ්ගය 3. විරිය සම්බොජ්ඣඞ්ගය 4. පීති සම්බොජ්ඣඞ්ගය 5. පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය 6. සමාධි සම්බොජ්ඣඞ්ගය 7. උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය දැන් ඔබ කය පිළිබඳවත්, වේදනා පිළිබඳවත්, සිත පිළිබඳවත්, ඔබ තුල ඇති නීවරණ පිළිබඳවත්, ඔබ විසින් ඇතිකරගන්නා උපාදානස්කන්ධ පිළිබඳවත්, ඔබගේ ඉන්ද්‍රියයන් හා බාහිර අරමුණු වන, අභ්‍යන්තර-බාහිර සය ආයතන නිසා හටගන්නා සංයෝජන පිළිබඳවත්, අවබෝධ කරගත් පසු, මීළඟට ඔබ සිදුකලයුත්තේ ඒ ලබාගත් අවබෝධය සාක්ෂාත් කරගැනීමයි. එනම් ඒ ලබාගත් දැනුම, අවබෝධය ප්‍රායෝගිකව පුහුණු වීමයි. ඒ මාර්ගඵලාවබෝධය සාක්ෂාත් කරගැනීම සඳහා යන මාර්ගයේ පළමු සුදුසු කම වන සිහිය පවත්වාගැනීම, සති සම්බොජ්ඣඞ්ගය වේ. ඒ සිහිය පවත්වා ගත් පසු ඒ ඒ වර්තමාන මොහොතේ ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනසට හමුවෙන නොහොත් ස්පර්ශ වන අරමුණු අනිච්ච-දුක්ඛ-අනත්ත යන ධර්මතාවය හා නුවණින් ගලපමින්, ඒවායේ ආශ්වාදය හා ආදීනවය නුවණින් මෙනෙහි කිරීම යනු, ධම්ම විචය සම්බොජ්ඣඞ්ගය වේ. ඒ ඒ මොහොතේ තම ආයතනයන්ට ස්පර්ශ වන අරමුණු නුවණින් ගලපා බලමින් එයින් ඇතිවන සංසිඳීම හේතුකොට තවතවත් උනන්දුවෙන් කෙලෙස් දුරුකිරීමට උත්සාහ කිරීම, විරිය සම්බොජ්ඣඞ්ගය වේ. ඒ ඇතිකරගන්නා වීර්යයත් සමග ටිකෙන් ටික, දිනෙන් දින සිදුවෙන කෙලෙස් දුරුවීම හේතුවෙන් සිත තුල හට ගන්නා සංසිඳීම නිසා ඇතිවන සතුට ප්‍රබෝධය, පීති සම්බොජ්ඣඞ්ගය වේ. ඒ ඇතිවන ප්‍රීතියත් සමග මෙතරම් කාලයක් පුරා ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි තණ්හා-දෘෂ්ඨි-මාන වලින් උපාදානය කරගෙන අත්විඳි දුක් පිළිබඳව කලකිරීමට පත්වෙමින් ඒ බැඳීම් වලින් මිදීම, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වේ. එලෙස ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි තණ්හා-දෘෂ්ඨි-මාන වලින් මිදෙමින් එකඟවන සිත ක්‍රමක්‍රමයෙන් ඇලීම්-ගැටීම් වලින් මිදෙමින් සිතිවිලිවලින් නිදහස් වීම, සමාධි සම්බොජ්ඣඞ්ගය වේ. ඒ සිතිවිලි වලින් නිදහස් වූ සිත, පෙර අත්විඳි දුක් හෝ සැප හෝ වර්තමානයේ අත්විඳින දුක් හෝ සැප හෝ අනාගතයේ අත්විඳීමට සිදුවන දුක් හෝ සැප හෝ යන සියල්ලන්ගෙන්ම මිදී නිදහස් වී පාරිශුද්ධත්වයට පත්වීම, උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය වේ. |
පින්වත් මහණෙනි,
• ඔබ තුල සිහිය නමැති බෝධි අංගය වැඩෙනවා නම් “මා තුල සති සම්බොජ්ඣඞ්ගය පවතිනවා” යයි නුවණින් දැනගන්න.
ඔබ තුල සිහිය නමැති බෝධි අංගය නොමැති නම් “මා තුල
සති සම්බොජ්ඣඞ්ගය නැතැයි” යනුවෙන් නුවණින් දැනගන්න.
නූපන් සිහිය යම්සේ හටගන්නේ නම්, තමන් තුල සති සම්බොජ්ඣඞ්ගය වැඩෙන බව නුවණින් දැනගන්න.
එලෙස උපදවා ගත් “සති සම්බොජ්ඣඞ්ගය” තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගැනීමට උපකාරී වෙන බව නුවණින් දැනගන්න.
• ඔබ තුල අරමුණු නුවණින් විමසීමේ බෝධි අංගය වැඩෙනවා නම් “මා තුල ධම්ම විචය සම්බොජ්ඣඞ්ගය පවතිනවා” යයි නුවණින් දැනගන්න.
ඔබ තුල අරමුණු නුවණින් විමසීමේ බෝධි අංගය නොමැති නම් “මා තුල ධම්ම විචය සම්බොජ්ඣඞ්ගය නැතැයි” යනුවෙන් නුවණින් දැනගන්න.
නූපන් අරමුණු නුවණින් විමසීමේ උවමනාව යම්සේ හටගන්නේ නම්, තමන් තුල ධම්ම විචය සම්බොජ්ඣඞ්ගය වැඩෙන බව නුවණින් දැනගන්න.
එලෙස උපදවා ගත් “ධම්ම විචය සම්බොජ්ඣඞ්ගය” තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගැනීමට උපකාරී වෙන බව නුවණින් දැනගන්න.
• ඔබ තුල වීර්යය නමැති බෝධි අංගය වැඩෙනවා නම් “මා තුල වීර්යය සම්බොජ්ඣඞ්ගය පවතිනවා” යයි නුවණින් දැනගන්න.
ඔබ තුල වීර්යය නමැති බෝධි අංගය නොමැති නම් “මා තුල වීර්යය සම්බොජ්ඣඞ්ගය නැතැයි” යනුවෙන් නුවණින් දැනගන්න.
නූපන් වීර්යය යම්සේ හටගන්නේ නම්, තමන් තුල වීර්ය සම්බොජ්ඣඞ්ගය වැඩෙන බව නුවණින් දැනගන්න.
එලෙස උපදවා ගත් “විරිය සම්බොජ්ඣඞ්ගය” තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගැනීමට උපකාරී වෙන බව නුවණින් දැනගන්න.
• ඔබ තුල සංසිඳීම නමැති බෝධි අංගය වැඩෙනවා නම් “මා තුල පීති සම්බොජ්ඣඞ්ගය පවතිනවා” යයි නුවණින් දැනගන්න.
ඔබ තුල සංසිඳීම නමැති බෝධි අංගය නොමැති නම් “මා තුල පීති සම්බොජ්ඣඞ්ගය නැතැයි” යනුවෙන් නුවණින් දැනගන්න.
නූපන් සංසිඳීම යම්සේ හටගන්නේ නම්, තමන් තුල පීති සම්බොජ්ඣඞ්ගය වැඩෙන බව නුවණින් දැනගන්න.
එලෙස උපදවා ගත් “පීති සම්බොජ්ඣඞ්ගය” තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගැනීමට උපකාරී වෙන බව නුවණින් දැනගන්න.
• ඔබ තුල සැහැල්ලුව නමැති බෝධි අංගය වැඩෙනවා නම් “මා තුල පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය පවතිනවා” යයි නුවණින් දැනගන්න.
ඔබ තුල සැහැල්ලුව නමැති බෝධි අංගය නොමැති නම් “මා තුල පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය නැතැයි” යනුවෙන් නුවණින් දැනගන්න.
නූපන් සැහැල්ලුව යම්සේ හටගන්නේ නම්, තමන් තුල පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වැඩෙන බව නුවණින් දැනගන්න.
එලෙස උපදවා ගත් “පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය” තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගැනීමට උපකාරී වෙන බව නුවණින් දැනගන්න.
• ඔබ තුල සිත එකඟ වීම නමැති බෝධි අංගය වැඩෙනවා නම් “මා තුල සමාධි සම්බොජ්ඣඞ්ගය පවතිනවා” යයි නුවණින් දැනගන්න.
ඔබ තුල සිත එකඟ වීම නමැති බෝධි අංගය නොමැති නම් “මා තුල සමාධි සම්බොජ්ඣඞ්ගය නැතැයි” යනුවෙන් නුවණින් දැනගන්න.
නූපන් සිත එකඟ වීම යම්සේ හටගන්නේ නම්, තමන් තුල සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩෙන බව නුවණින් දැනගන්න.
එලෙස උපදවා ගත් “සමාධි සම්බොජ්ඣඞ්ගය” තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගැනීමට උපකාරී වෙන බව නුවණින් දැනගන්න.
• ඔබ තුල සිත මුදා නිදහස් කිරීම නමැති බෝධි අංගය වැඩෙනවා නම් “මා තුල උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය පවතිනවා” යයි නුවණින් දැනගන්න.
ඔබ තුල සිත මුදා නිදහස් කිරීම නමැති බෝධි අංගය නොමැති නම් “මා තුල උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය නැතැයි” යනුවෙන් නුවණින් දැනගන්න.
නූපන් සිත මුදා නිදහස් කිරීම යම්සේ හටගන්නේ නම්, තමන් තුල උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය වැඩෙන බව නුවණින් දැනගන්න.
එලෙස උපදවා ගත් “උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය” තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගැනීමට උපකාරී වෙන බව නුවණින් දැනගන්න.
• මේ ආකාරයට තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන් තුල පවතින ස්වභාවයන්ද ඒ ආකාරම යයි අවබෝධ කරගනිමින් ඒ පවතින ස්වභාවයන්වල යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• තමන් තුල පවතින ස්වභාවය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ තමන් තුල පවතින ස්වභාවය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන් තුල පවතින ස්වභාවයද, අන්‍යයන් තුල පවතින ස්වභාවයන්ද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන් තුල පවතින ස්වභාවය හෝ අන්‍යයන් තුල පවතින ස්වභාවයන් හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ තමන් තුල පවතින ස්වභාවය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් තමන් තුල පවතින ස්වභාවයක් වන අවබෝධයට පමුණුවන සත්ත බොජ්ඣඞ්ග වඩමින් වාසය කරනවා කියන්නේ.
| විස්තර කර දැක්වීම |
|---|
| තමන්ගේ සිහිය පිහිටුවාගෙන තම කය, තමන්ට දැනෙන වේදනා, තමන්ගේ සිත සහ තමන් තුල පවතින ස්වභාවය හොඳින් අවබෝධ කරගත් පසු මේ ආර්ය ශ්‍රාවකයාට හැකිවෙනවා අවිද්‍යාවත්, විද්‍යාවත් වෙන් වෙන්ව හඳුනාගැනීමට. කල යුතු දේ නොකළ යුතු දේ වෙන් වෙන්ව තෝරා බේරා ගැනීමට. යායුතු මාර්ගය, නොයායුතු මාර්ගය නිවැරදිව හඳුනා ගැනීමට. දුක ඇතිවූ ආකාරයත්, දුක ප්‍රහීණ වෙන ආකාරයත් අවබෝධ කර ගැනීමට. දුකට හේතුව වන ‘මමය-මගේය-මගේ ආත්මය’යයි යන උපාදානයෙන් මිදිය යුතුය යන අවබෝධය ලබා ගැනීමට. ඒ සඳහා දැන් මේ ආර්ය ශ්‍රාවකයා බොහෝ දුරට පුහුණු වී සිටින නිසා, දැන් ඔහු ඉතාමත් හොඳින් දක්ෂවෙනවා, තමන්ගේම නුවණින් වටහා ගත් ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි උපාදානය කර සිටින ලෝකයන්හි යථා ස්වභාවය, මේ ලෝක ධර්මතාවය වන පරම වූ “ආර්ය සත්‍යය හතර” හා නුවණින් ගලපන්න. |
චතු ආර්ය සත්‍යය
චතු ආර්ය සත්‍යය
තවද නැවතත් මහණෙනි, චතුරාර්ය සත්‍ය පිලිබඳ අවබෝධකරගනිමින් වාසය කලයුතුයි.
කෙසේද මහණෙනි, චතුරාර්ය සත්‍ය පිලිබඳ අවබෝධකරගනිමින් වාසය කරන්නේ?
පින්වත් මහණෙනි,
- “මේ තමයි දුක කියන්නේ” යනුවෙන්, තමන්ගේ නුවණින්, තමන්ගේ අත්දැකීම් හා ගලපා බලමින් දුක පිලිබඳව පැහැදිලිව අවබෝධ කල යුතු යයි, නුවණින් දැනගත යුතුයි.
- “මෙයයි දුකට හේතුව” යනුවෙන්, ඒ දුකට හේතුව නුවණින් අවබෝධ කරගෙන, ඒ හේතුව තමන් වෙතින් දුරු කල යුතු යයි, නුවණින් දැනගත යුතුයි.
- “මෙයයි දුක නැති කිරීම” යනුවෙන්, දුකට හේතුව නැතිකල විට ඇතිවන ඒ සංසිඳීම හෙවත් නිවණ ගැන නුවණින් අවබෝධ කරගෙන, නිවණ සාක්ෂාත් කල යුතු යයි නුවණින් දැනගත යුතුයි.
- “මෙයයි දුක නැති කිරීම සඳහා පිළිපැදිය යුතු ආකාරය” යනුවෙන්, ඒ ප්‍රතිපදාව නුවණින් අවබෝධ කරගෙන, ඒ අනුව නිවැරදිව පිලිපැදිය යුතු යයි, නුවණින් දැනගත යුතුයි.
| දැන් මෙතැන් සිට ඔහු පළමු ආර්ය සත්‍යය දෙස බලමින් එය තමන්ගේම නුවණින් පිරිසිඳ වටහා ගැනීම සඳහා තමන්ට දුක් ඇතිවූ ආකාරය එකින් එක පළමු ආර්ය සත්‍ය හා නුවණින් ගලපමින් බලනවා. |
දුක්ඛ ආර්ය සත්‍යය
දුක පිලිබඳ ආර්ය සත්‍ය
කුමක්ද මහණෙනි, දුක පිලිබඳ ආර්ය සත්‍ය කියන්නේ?
ඉපදීම වනාහි දුකක්,
දිරීම හෙවත් වයසට යාම වනාහි දුකක්,
මරණය වනාහි දුකක්,
ශෝක-පරිදේව-කායික දුක්-මානසික දුක් වනාහි දුකක්,
අප්‍රියයන්-අප්‍රිය දේ සමග එක්වීම වනාහි දුකක්,
ප්‍රියයන්-ප්‍රිය දෙයින් වෙන්වීම වනාහි දුකක්,
කැමති දේ නොලැබීම වනාහි දුකක්,
කෙටියෙන්ම කිව්වොත්, පංචස්කන්ධයට උපාදානය වීම දුකක්.
මහණෙනි, ඉපදීම නම් කවරක්ද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක්,
හටගැනීමක්- පිළිසිඳීමක්- පහළවීමක්,
ඒ ඒ සත්ව නිකායට අදාල රූප-වේදනා- සංඥා-සංකාර-විඥ්ඥාන යන ස්කන්ධයන්ගේ පහළවීමක්,
ඒ ඒ සත්ව නිකායට අදාල ඇස-කණ-නාසය-දිව-කය-මනස යන ආයතනයන් ලැබීමක්, වේද
මහණෙනි, මෙය ජාති හෙවත් ඉපදීම යයි කියනු ලැබේ.
මහණෙනි, ජරාව නම් කවරක්ද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් වයස ගෙවී දිරා යාමක්,
දත් වැටුනු දිරාගිය- හිසකෙස් පැසුනු- සම රැලි වැටුනු-ආයුෂ පිරිහිනු- ඉන්ද්‍රියයන්ගේ ගෙවීයාමක්, වේද
මහණෙනි, මෙය ජරාව යයි කියනු ලැබේ.
මහණෙනි, මරණය නම් කවරේද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙන් යම් චුතවීමක්,
වෙන්වෙන බවක්- බිඳීමක්- අතුරුදන්වීමක්- මියයාමක්,
ඒ ඒ සත්ව නිකායට අදාල කාලය අවසන් කිරීමක්,
ශරීරය අතහැර බහා තබා නික්මීමක්,
ජීවිත ඉන්ද්‍රිය සිඳදැමීමක්, වේද,
මහණෙනි, මේ මරණය යයි කියනු ලැබේ.
මහණෙනි, ශෝක කිරීම නම් කවරේද?
මහණෙනි, අනේක විධ ව්‍යසනයන් උරුමකරගෙන ඉපදෙන සත්වයා නානාප්‍රකාර දුක් ස්වභාවයන්ට මුහුණ දීමේදී සිදුකරන
සෝ සුසුම් හෙලීම්- සිත තුල තැවීම්-කෙලවරක් නැති ශෝක කිරීම්, වේද මහණෙනි, මේ ශෝක යයි කියනු ලැබේ.
මහණෙනි, පරිදේව නම් කවරේද?
මහණෙනි, අනේක විධ ව්‍යසනයන් උරුමකරගෙන ඉපදෙන සත්වයා නානාප්‍රකාර දුක් ස්වභාවයන්ට මුහුණ දීමේදී සිදුකරන දුක් කියමින් හැඬීම්- විලාප නගා හැඬීම්- තැවිතැවී හැඬීමක්- තැවිතැවී විලාප නගා හැඬීමක්, වේද මහණෙනි, මේ පරිදේව යයි කියනු ලැබේ.
මහණෙනි, දුක නම් කවරේද?
මහණෙනි, යම් කයෙහි හටගන්නාවූ දුකක්,
කයෙහි හටගන්නාවූ රෝගයක් හෝ අසනීපයක්,
අසනීපයක් හෝ රෝගයක් නිසා කයට දැනෙන අපහසුවක්-අකමැති වේදනාවක්, වේද
මහණෙනි, මේ දුක යයි කියනු ලැබේ.
මහණෙනි, දොම්නස නම් කවරේද?
මහණෙනි, යම් සිතෙහි හටගන්නාවූ දුකක්- සිතට අසතුටක්- මතකයට නැගුනු අරමුණක් නිසා හටගත් දුකක් අසහනයක්, වේද
මහණෙනි, මෙය දොම්නස යයි කියනු ලැබේ.
මහණෙනි, උපායාස නම් කවරේද?
මහණෙනි, අනේක විධ ව්‍යසනයන් උරුමකරගෙන ඉපදෙන සත්වයා නානාප්‍රකාර දුක් ස්වභාවයන්ට මුහුණ දීමේ දී ඇතිවන පීඩාකාරී බවක්- පීඩාකාරී බව නිසා ඇතිවන තැවීමක්- දැඩි වෙහෙසකාරී බවක්-දැඩි වෙහෙසකාරී බව නිසාම ඇතිවන තැවීමක්- යන ඒවායින් මිදීමට ගන්නා උත්සාහ නිසා ඇතිවන දැඩිවූ පීඩාවක්, වේද
මහණෙනි, මෙය උපායාස යයි කියනු ලැබේ.
මහණෙනි, අප්‍රියයන් හා එකතුවීමේ දුක යනු කවරක්ද?
ඒ ඔහුට ප්‍රිය නොවූ, ඔහු කැමති නොවන, ඔහුගේ සිත සතුටු නොකරන රූප- ශබ්ද-ගන්ධ-රස-පහස-මතක සමග සම්බන්ධ වීමට සිදුවීම,
යම් ඒ ඔහුට අනර්ථය ගෙනදෙන-විපත් ඇතිකරන-හිතවත් නො වූ දේ සමග හෝ කෙනෙක් සමග එකතුවීමට සිදුවීම,
අපහසුව ඇතිකරන ලෙඩ රෝග වලට භාජනය වීමට සිදුවීම,
තමන් අකමැති දේ, ඇස ආදි ඉන්ද්‍රිය පහට ස්පර්ශවීම යනාදී තත්වයන් ඇතිවීමයි.
එයයි මහණෙනි, අප්‍රියයන් හා එක්වීම දුකක් යයි කියන්නේ.
කවරක්ද මහණෙනි, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කියන්නේ?
ඒ ඔහුට ප්‍රිය වූ, ඔහු කැමති වන, ඔහුගේ සිත සතුටු කරන රූප- ශබ්ද-ගන්ධ-රස-පහස-මතක වලින් වෙන්වීමට සිදුවීම,
යම් ඒ ඔහුට හිත සුව ගෙනදෙන, ලැබීම් ඇතිකරන, හිතවත් අයගෙන් වෙන්වීමට සිදුවීම,
සැප පහසුව ඇතිකරන දේවලින් ඈත්වීමට සිදුවීම,
තමන් කැමති දේ ඇස ආදි ඉන්ද්‍රිය පහට ස්පර්ශ නොවීම,
මව-පියා-සහෝදරයා-සහෝදරිය-යහළු-මිත්‍ර-ලේ ඥාතීන්ගෙන් වෙන්වීමට සිදුවීම, වැනි තත්වයන් ඇතිවීමයි.
එයයි මහණෙනි, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක යයි කියන්නේ.
මහණෙනි, කැමතිවූ යමක් නොලැබීමේ දුක යනු කවරේද?
මහණෙනි, නැවත උපතට හේතුව වන තණ්හාව දුරු නොකල නිසාම උපත ලබා, අනේක විධ දුක් වලට මුහුණ දෙන සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ.
‘අනේ, අපි ඉපදුනේ නැත්නම්!’, ‘අනේ, ඒකාන්තයෙන් අපට නැවත ඉපදීම නොවන්නේ නම් කොයි තරම් යහපත් දැයි’ කියා.
ඉපදීම වනාහි කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව සිදු වන දෙයක් නොවන නිසා, සත්වයාට මේ තමන් කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමතිවූ යමක් නොලැබීමේ දුක නම්වේ.
මහණෙනි, නැවත උපතට හේතුව වන තණ්හාව දුරු නොකල නිසාම උපත ලබා, දිරීම-වයසට යාම-ඉන්ද්‍රියයන් ගෙවී අක්‍රිය වීම-අවලස්සන වීම- යන තමන් අකමැති අවස්ථාවන්ට මුහුණ දෙන සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අනේ, අපි වයසට යන්නේ නැත්නම්!’, ‘අනේ,ඒකාන්තයෙන් අපි වයසට නොයන්නේ නම් කොයි තරම් යහපත් දැයි’ කියා. වයසට යෑම වනාහි, කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව වලක්වාගත හැකි දෙයක් නොවන නිසා, සත්වයාට මේ තමන් කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමතිවූ යමක් නොලැබීමේ දුක නම්වේ.
මහණෙනි, නැවත උපතට හේතුව වන තණ්හාව දුරු නොකල නිසාම උපත ලබා, ලෙඩ වීම-නොයෙකුත් රෝගයන්ට ගොදුරු වීම-නොයෙකුත් ආබාධයන්ගෙන් පෙලීම-නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණපාන්න සිදුවීම- යන විපත් වලට පත්වෙන සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ.
‘අනේ, අපිට ලෙඩ රෝග හැදෙන්නේ නැත්නම්! අනේ, අපිට නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණපාන්න සිදුවෙන්නේ නැත්නම්!’, ‘අනේ, ඒකාන්තයෙන් අපට ලෙඩ රෝග නොහැදෙන්නේ නම්, නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණපාන්න සිදුවෙන්නේ නැත්නම් කොයි තරම් යහපත් දැයි’ කියා.
ලෙඩ වීම-නොයෙකුත් රෝගයන්ට ගොදුරු වීම-නොයෙකුත් ආබාධයන්ගෙන් පෙලීම-නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණපාන්න සිදුවීම-
වනාහි, කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව වලක්වාගත හැකි දෙයක් නොවන නිසා, සත්වයාට මේ තමන් කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමතිවූ යමක් නොලැබීමේ දුක නම්වේ.
මහණෙනි, නැවත උපතට හේතුව වන තණ්හාව දුරු නොකල නිසාම උපත ලබා, මරණයට මුහුණ දෙන සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ.
‘අනේ, අප වෙත මරණය නොඑන්නේ නම්!’, ‘ඒකාන්තයෙන් අප වෙත මරණය නොඑන්නේ නම් කොයි තරම් යහපත් දැයි’ කියා.
මරණය වනාහි කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව වලක්වාගත හැකි දෙයක් නොවන නිසා, සත්වයාට මේ තමන් කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමති වූ යමක් නොලැබීමේ දුක නම්වේ.
මහණෙනි, නැවත උපතට හේතුව වන තණ්හාව දුරු නොකල නිසාම උපත ලබා, ශෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්සයන් ගෙන් පීඩාවට පත්වන සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ.
‘අනේ, අප වෙත ශෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්සයන් නොඑන්නේ නම්!’, ‘අනේ, ඒකාන්තයෙන් අප වෙත ශෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්සයන් නොඑන්නේ නම් කොයි තරම් යහපත් දැයි’ කියා.
ශෝක-පරිදේව-දුක්ඛ, දෝමනස්සයන් වනාහි, කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව වලක්වාගත හැකි දෙයක් නොවන නිසා, සත්වයාට මේ තමන් කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමතිවූ යමක් නොලැබීමේ දුක නම්වේ.
මහණෙනි, කෙටියෙන්ම කිව්වොත් පඤ්ච උපාදාන ස්කන්ධයෝම දුකක් කියන්නේ කුමක්ද?
ඒ කවරේද?
එනම් අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන අනවබෝධයෙන් හෙවත් අවිද්‍යාවෙන් රූපයට තණ්හාවෙන් උපාදානය වීම
ඒ රූප පෙනෙන-ඇහෙන-දැනෙන-හැඟෙන දැනීම් වලට තණ්හාවෙන් උපාදානය වීම
ඒ රූප හැඳිනීමට තණ්හාවෙන් උපාදානය වීම
ඒ හැඳිනීම් අනුව සකස් කරගන්නා අදහස් වලට තණ්හාවෙන් උපාදානය වීම
ඒ සකස් කර නැවත නැවත සිතට නැගෙන සේ තැන්පත් කර ගත් විශේෂ වූ අදහස් වලට තණ්හාවෙන් උපාදානය වීම, යන මේවායි.
ඇවැත්නි, මේ රූප-වේදනා-සංඥා-සංකාර-විඥ්ඥානයන් යන ස්කන්ධ පහට උපාදානය වීම හේතුවෙන් සත්වයාට අත්වෙන්නේ දුකක්මයි.
ඒ නිසයි, “කෙටියෙන් කිව්වොත් පඤ්චොපාදානස්කන්ධයෝම දුකක්” කියා කියන්නේ.
මහණෙනි, මෙය දුක්ඛ ආර්ය සත්‍යය යයි කියනු ලැබේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඒ ආකාරයට තමා හට දුක් හටගත් අවස්ථා, වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම නිසා ‘දුක්ඛ ආර්ය සත්‍යය’ ගැන සත්‍ය වශයෙන්ම ඉතා පැහැදිලි අවබෝධයක් ලබාගත් බව මේ ආර්ය පුද්ගලයා නුවණින් දැනගන්නවා. පලමු ආර්ය සත්‍යය තමන්ගේ නුවණින් පිරිසිඳ දැනගත් නිසා ඔහු දැන් පලමු ආර්ය සත්‍යයේ තිපරිවට්ටය සාක්ෂාත් කරමින් වාසය කරනවා. ඒ සමගම ඔහු තමන් තුල හටගත් දුක් වලට මුල් වූ හේතු, දෙවන ආර්ය සත්‍යය හා නුවණින් ගලපා බලනවා. |
දුක්ඛ ආර්ය සත්‍යයේ තිපරිවට්ටය යනු
- දුක්ඛ ආර්ය සත්‍යය ගැන රහතන් වහන්සේ කෙනෙකුගෙන් හෝ ආර්ය පුද්ගලයෙකුගෙන් අසා දැනගැනීම
- දුක්ඛ ආර්ය සත්‍යය තමන් විසින් පිරිසිදුව පැහැදිලිව අවබෝධ කරගත යුතු යයි නුවණින් දැනගැනීම
- දුක පිලිබඳ පිරිසිදුව පැහැදිලිව නුවණින් අවබෝධ කරගැනීම සඳහා තමන්ට දුක් ඇතිවූ අවස්ථාවන් දුක්ඛ ආර්ය සත්‍යය හා ගලපා බලමින්, සිහියෙන් මෙනෙහි කරන විට, යම් මොහොතක හෝ යම් දවසක, ‘මා විසින් දුක පිළිබඳව පිරිසිදුව පැහැදිලිව අවබෝධ කරගත්තා’ යයි තමන් හට ප්‍රත්‍යක්ෂ වීම
දුක්ඛසමුදය ආර්ය සත්‍යය
දුක හටගැනීමට හේතුව නම් ආර්ය සත්‍යය
කවරක්ද මහණෙනි, දුක හටගැනීමට හේතුව නම් ආර්ය සත්‍යය?
නැවත ඉපදීමක් ඇතිකරන, ඒ ඒ තැන කාමයන් කෙරෙහි සතුටින් ඇලෙන, යම් ඒ ඇතිවන තණ්හාවයි.
ඒ කවරේද?
• කාම තණ්හාව
ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස පිනවීමට ආශාවෙන් කාමයන් කෙරෙහි ඇති ඇලීම
• භව තණ්හාව
තණ්හාවෙන් උපාදානය කරගත් කාම වස්තූන් අයිති කරගැනීමට හෝ ඒ ඒ කාමභෝගී අවස්ථාවන්ට පත්වීමට ඇති තණ්හාව
• විභව තෘෂ්ණාව
රාග-ද්වේෂ-මෝහයෙන් දුරු නොවී බාහිර කාම ලෝකයෙන් වෙන්වී පැවතීමට ඇති තණ්හාව
මහණෙනි, ඒ තණ්හාව කොහිදී හටගනිමින් මතුවේද, කොතැන්හි කාවදිමින් සිත තුල ගිලා බසිනවාද?
යම් ලෝකයක ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම, තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බහිනවා.
කුමන ලෝකයක ඇති ප්‍රිය මනාප-සැප දනවන බවක්ද?
ඇස නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
කණ නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
නාසය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
දිව නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශරීරය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මනස නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| මේ ආයතන හය නිතරම රූප තණ්හාවෙන් සිටීම නිසා රූප අරමුණු වන ක්ෂණයේදීම තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
රූපය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශබ්දය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී..
ගන්ධය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
රසය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
පහස නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මතකය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| යමක් අනිච්චනම්, දුක සහිත නම්, අනත්ත නම්, එය මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ ලෙස ගැනීමට හේතුවක් නැති බව එදා බුදුන් වහන්සේ, රාහුල හාමුදුරුවන්ට පැහැදිලි කර පෙන්වා දුන් ආකාරයටම, ඔබත් ඔබගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය යන මුළු කයේම යථා ස්වභාවය ගැන නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. |
ඇසෙන් ගත් අතීත දැකීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
කණෙන් ගත් අතීත ඇසීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
නාසයෙන් ගත් අතීත දැනීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
දිවෙන් ගත් අතීත දැනීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශරීරයෙන් ගත් අතීත විඳීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මනසින් ගත් අතීත සිහිවීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| අතීතයේ උපාදානය කරගත් රූප අනුව වර්තමානයේ අරමුණු වන රූප කෙරෙහි තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
ඇසට රූප හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
කණට ශබ්ද හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
නාසයට ගන්ධ හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
දිවට රස හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශරීරයට පහස හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මනසට මතක හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| මේ ආයතන හයට රූප අරමුණු වන ආකාරය අනුව තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
ඇසට රූප හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
කණට ශබ්ද හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
නාසයට ගන්ධ හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
දිවට රස හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශරීරයට පහස හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මනසට මතකයන් හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| මේ ආයතන හයට රූප අරමුණු වීමෙන් ඇතිවන වේදනා අනුව තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
රූප හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශබ්ද හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ගන්ධ හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
රස හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
පහස හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මතක හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| අරමුණු වන රූප හැඳිනීම අනුව තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
රූපය ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශබ්දය ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ගන්ධය ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
රසය ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
පහස ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මතක ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| මේ ආයතන හයට හමුවූ රූප හඳුනාගත් ආකාරයට අනුව නැවත නැවත සිහිකිරීම් නිසා තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
රූපයට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශබ්දයට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ගන්ධයට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
රසයට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
පහසට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මතකයන්ට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| ඒ ඒ රූප වලට ඇති කැමැත්ත නිසා තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
රූපයේ ගුණ දොස් ගැන කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශබ්දයේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ගන්ධයේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
රසයේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
පහසේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මතකයන්හි ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| රූප ගැන හොඳ-නරක , ලාභ-අලාභ, සැසඳීම් කිරීම නිසා තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
රූපය ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ශබ්දය ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
ගන්ධය ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
රසය ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
පහස ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
මතකයන් ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසී.
| විස්තර කර දැක්වීම |
|---|
| රූප ගැන විමසීම් කිරීම නිසා තණ්හාව ඉපදී ඇලීම්, ගැටීම් ඇතිකරවයි. |
මහණෙනි, මෙය දුක හටගැනීමට හේතුව නම් ආර්ය සත්‍යය යයි කියනු ලැබේ.
| විස්තර කර දැක්වීම |
|---|
| දැන් මේ ආර්ය ශ්‍රාවකයා හට අවබෝධවෙනවා තමාට දුක් හටගත්තේ සත්‍යවශයෙන්ම තණ්හාව නිසා බව. ඒ තණ්හාව හටගන්නා අවස්ථා ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ලබාගන්නවා. ඒ කෙසේද යත්, ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ආයතනයන්ට රූප හමුවන අවස්ථාවලදී ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව හටගනිමින් මතුවී එතැන්හිම කාවදිමින් සිත තුල ගිලා බසින බව හොඳින් පැහැදිලිවෙනවා. ඒ ඒ අරමුණු හෝ රූප වල ආශ්වාදය-ආදීනවය නුවණින් ගලපා බලමින්, කාම තණ්හා- භව තණ්හා- විභව තණ්හා යන තුන් ආකාරයේ තණ්හාවන් තමන් තුල ඇතිවුනු හා ඇතිවන ආකාරයත් ඒ නිසාම තමන් දුකෙන් පෙළුණු සහ පෙලෙන ආකාරයත් මනාසේ නුවණින් අවබෝධ කරගනිමින් වාසය කරනවා. මේ නිසා මේ තණ්හාව දුරු කල යුතු බවට අධිෂ්ඨාන කරගන්නවා. ඒ සඳහා වීර්යය කරනවා. මෙලෙස දැඩි වීර්යයෙන් යුතුව අධිෂ්ඨාන ශීලිව, තමන්ගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ආයතන සංවර කරගනිමින්, ඒ තණ්හාවන් හටගන්නා අවස්ථා ගැන සිහියෙන් සිටිමින් වාසය කරන නිසා ඔහුට හැකිවෙනවා, ඒ තණ්හාව හටගන්නා ඒ ඒ මොහොතේදීම නිරුද්ධ කිරීමට. දැන් තමන්ට රැකවරණය සලසා ගැනීම සඳහා, ඔහුට මෙතෙක් කාලයක් ලබාගත් අවබෝධයත්, තමන්ගේම සිහියත්, ආරක්ෂක භටයන් සේ යොදවා ගැනීමට හැකිවෙනවා. තමාට පිහිට සලසාගත හැක්කේ තමා විසින්ම බව දැන් ඔහු ප්‍රත්‍යක්ෂව අවබෝධකරගන්නවා. එලෙස තණ්හාවන් ඇති නොවන ආකාරයට වාසය කරන ආර්ය ශ්‍රාවකයා හට, ඒ ඒ අවස්ථාවන් වලදී සහ ඒ ඒ අරමුණු හමුවේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී, එතැන්හිම නොපෙනී ගොස් විනාශ වෙන බව තමාට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙනවා. එලෙස සිහිය එළඹවාගෙන වාසය කරන ඒ කෙනාට දැකගත හැකි වෙනවා, ඒ තමන්ගේ සිත ක්‍රම ක්‍රමයෙන් නිදහස් වෙන ආකාරය. මේ නිසා දැන් මේ ආර්ය ශ්‍රාවකයා දුක හටගැනීමට හේතුව වන තණ්හාව ප්‍රහීණ කිරීම හෙවත් දෙවෙනි ආර්ය සත්‍යය ප්‍රහීණ කරන නිසා දෙවෙනි ආර්ය සත්‍යයේ තිපරිවට්ටය සාක්ෂාත් කරමින් වාසය කරනවා. |
දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ තිපරිවට්ටය යනු
- දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන රහතන් වහන්සේ කෙනෙකුගෙන් හෝ ආර්ය පුද්ගලයෙකුගෙන් අසා දැනගැනීම
- දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තමන් විසින් ප්‍රහීණ කල යුතු යයි, තමන් වෙතින් මුලුමනින්ම දුරු කල යුතු යයි නුවණින් දැනගැනීම
- තමන්ට දුක් දැණුනු අවස්ථාවන්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හා ගලපා බලමින්, දුකට හේතු වන තුන් ආකාර තණ්හාවන් පිරිසිදුව පැහැදිලිව නුවණින් අවබෝධ කර ගනිමින්, හට ගන්නා තණ්හාවන් ඒ ඒ මොහොතේම දුරු කරමින් වාසය කරන කෙනාට, යම් මොහොතක හෝ යම් දවසක ‘මා විසින් ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහීණ කලා යයි, මා වෙතින් මුලුමනින් දුරු වුනා’ යයි තමන්හට ප්‍රත්‍යක්ෂ වීම
දුක්ඛනිරොධ ආර්ය සත්‍යය
දුක නැති කිරීමේ ආර්ය සත්‍යය
කවරක්ද මහණෙනි, දුක නැතිකිරීමේ ආර්ය සත්‍යය කියන්නේ ?
යම් ඒ ඔහු තුල තිබූ තණ්හාව ඉතිරියක් නැතිවන සේ දුරුකිරීම නිසා, තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන්ද, මමය-මගේය-මගේ ආත්මයයි යන උපදානයෙන්ද, මිදී නිදහස් වී නිවණ සාක්ෂාත් කරගැනීමයි.
මහණෙනි, ඒ තණ්හාව කොහිදී සංසිඳෙමින් දුරුවේද, කොතැන්හි නොපෙනී ගොස් විනාශ වේද?
යම් ලෝකයක ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසින්ඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
කුමන ලෝකයක ඇති ප්‍රිය මනාප-සැප දනවන බවක්ද?
ඇස නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
කණ නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
නාසය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
දිව නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශරීරය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මනස නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන මේ සියලු ඉන්ද්‍රියයන්හි යථා ස්වභාවය වන ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ යන්න අවබෝධ කරගැනීමත්, ඒ නිසාම ඒවාට ‘මමය-මගේය-මගේ ආත්මය’ යනුවෙන් ඇතිකරගෙන තිබූ උපාදානය අතහැරීමත්, නිසා ඇති කරගත් ආයතන සංවරය හේතුවෙන්, මේ ආයතන හය තුල ඇති රූප තණ්හාවට, තමන් උපාදානය වන්නේ නැත. ඒ නිසාම ඒ ආයතන තුල, තණ්හාව හට ගැනීමකින් තොරවම නිරුද්ධ වේ. |
රූපය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශබ්දය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ගන්ධය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
රසය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
පහස නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මතකය නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ රූප වල යථා ස්වභාවය වන ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ යන්න අවබෝධ කරගැනීමත් සමගම ඇති කරගන්නා කලකිරීම නිසා, ඒ රූප නිසා ඇතිවන සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ යන කිසිදු වේදනාවකට තමන් උපාදානය වන්නේ නැත. මේ නිසාම ඒ රූප නිසා, ඇතිවන තණ්හාව හට ගැනීමකින් තොරවම නිරුද්ධ වේ. |
ඇසෙන් ගත් අතීත දැකීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
කණෙන් ගත් අතීත ඇසීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
නාසයෙන් ගත් අතීත දැනීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
දිවෙන් ගත් අතීත දැනීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශරීරයෙන් ගත් අතීත විඳීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මනසින් ගත් අතීත සිහිවීම් නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන්ද, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ රූපද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇත්නම්, ඒ ඉන්ද්‍රියයකුත්, රූපයකුත් එකතුවීමෙන් හටගන්නා විඥ්ඥානයද එවැනිම වූ ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇති බව අවබෝධකරගෙන, ඒ විඥ්ඥානය කෙරෙහිද කලකිරෙමින් ඇතිකරගෙන තිබූ ‘මමය-මගේය-මගේ ආත්මය’ යන උපාදානය අතහරියි. මේ නිසාම අතීතයේ උපාදානය කරගත් දැකීම්-ඇසීම්-දැනීම්-සිහිවීම් නිසා, ඇතිවිය හැකි තණ්හාව හට ගැනීමකින් තොරවම නිරුද්ධ වේ. |
ඇසට රූප හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
කණට ශබ්ද හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
නාසයට ගන්ධ හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
දිවට රස හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශරීරයට පහස හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මනසට මතක හමුවීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන්ද, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ අරමුණුද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇත්නම්, ඒ ඉන්ද්‍රියයකුත්, රූපයකුත් එකතුවන ආකාරයද, ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇති බව අවබෝධකරගෙන ඒ එකතුවන ආකාරය කෙරෙහිද කලකිරෙමින් උපාදානය අතහරියි. මේ නිසා ඉන්ද්‍රියයන් හා අරමුණු එකතු වීම අනුව ඇති විය හැකි තණ්හාව හට ගැනීමකින් තොරව නිරුද්ධ වේ. |
ඇසට රූප හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
කණට ශබ්ද හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
නාසයට ගන්ධ හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
දිවට රස හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශරීරයට පහස හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මනසට මතකයන් හමුවීමෙන් ඇතිවුණු වේදනා නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන්ද, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ රූපද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇත්නම්, ඒ ඉන්ද්‍රියයකුත්, රූපයකුත් එකතු වීමෙන් ඇතිවන වේදනා ද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇති බව අවබෝධකරගෙන ඒ ඇතිවන වේදනා කෙරෙහිද කලකිරෙමින් උපාදානය අතහරියි. මේ නිසා ඉන්ද්‍රියයන් හා අරමුණු එකතු වීමෙන් ඇතිවන වේදනා නිසා ඇති විය හැකි තණ්හාව හට ගැනීමකින් තොරව නිරුද්ධ වේ. |
රූප හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශබ්ද හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ගන්ධ හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
රස හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
පහස හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මතක හැඳිනීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන්ද, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ රූපද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇත්නම්, ඒ ඉන්ද්‍රියයකුත්, රූපයකුත් එකතු වීමෙන් ඇති කර ගන්නා හැඳිනීම්ද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇති බව අවබෝධකරගෙන ඒ ඇතිවන හැඳිනීම් කෙරෙහිද කලකිරෙමින් උපාදානය අතහරියි. මේ නිසා ඉන්ද්‍රියයන් හා අරමුණු එකතු වීමෙන් ඇතිවන හැඳිනීම් නිසා ඇති විය හැකි තණ්හාව හට ගැනීමකින් තොරව නිරුද්ධ වේ. |
රූපය ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශබ්දය ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ගන්ධය ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
රසය ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
පහස ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මතක ගැන සිහිකිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන්ද, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ රූපද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇත්නම්, ඒ ඉන්ද්‍රියයකුත්, රූපයකුත් එකතු වීමෙන් ඇති කර ගන්නා අදහස්ද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇති බව අවබෝධකරගෙන ඒ ඇතිවන අදහස් කෙරෙහිද කලකිරෙමින් උපාදානය අතහරියි. මේ නිසා ඉන්ද්‍රියයන් හා අරමුණු එකතු වීමෙන් ඇතිවන අදහස් නැවත නැවත සිහි නොකරන නිසා ඒ අනුව ඇති විය හැකි තණ්හාව හට ගැනීමකින් තොරව නිරුද්ධ වේ. |
රූපයට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශබ්දයට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ගන්ධයට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
රසයට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
පහසට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මතකයන්ට ඇති කැමැත්ත නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන්ද, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ රූපද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇති බව අවබෝධ කරගැනීම තුලින් ඇතිවන කලකිරීම නිසා රූප තණ්හාව හට ගැනීමකින් තොරව නිරුද්ධ වේ. |
රූපයේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශබ්දයේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ගන්ධයේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
රසයේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
පහසේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මතකයන්ගේ ගුණ දොස් කල්පනා කිරීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන්ද, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ රූපද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇති බව අවබෝධ කරගැනීම තුලින් ඇතිවන කලකිරීමෙන් ඒ රූප කෙරෙහි ගුණ දොස් කල්පනා කිරීමක් සිදු නොවෙන නිසා ඒ අනුව ඇති විය හැකි තණ්හාව හට ගැනීමකින් තොරව නිරුද්ධ වේ. |
රූපය ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ශබ්දය ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
ගන්ධය ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
රසය ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
පහස ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
මතකයන් ගැන විමසීම නමැති ලෝකයේ ප්‍රිය මනාප-සැප දනවන දැනීම් ඇතිවූ තැනදීම තණ්හාව සංසිඳෙමින් දුරුවී එතැන්හිම නොපෙනී ගොස් විනාශ වේ.
| විස්තර කර දැක්වීම |
|---|
| ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන්ද, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ රූපද ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ස්වභාවය කොට ඇති බව අවබෝධ කරගැනීම තුලින් ඇතිවන කලකිරීමෙන්, ඒ රූප ගැන විමසීමක් සිදු නොකරන නිසා ඒ අනුව ඇති විය හැකි තණ්හාව හට ගැනීමකින් තොරව නිරුද්ධ වේ. |
මහණෙනි, මෙය දුක නිරුද්ධ කිරීමේ ආර්ය සත්‍යය යයි කියනු ලැබේ.
| විස්තර කර දැක්වීම |
|---|
| මෙසේ ඒ ඒ මොහොතේ ඇතිවන අරමුණු දෙස සිහියෙන් සිටිමින් ඒ අරමුණු නිසා හටගන්නා තණ්හාව ඒ මොහොතේදීම නිරුද්ධ කරමින්, නුවණින් වාසය කරන කෙනාට ඇතිවන සැහැල්ලුව, සංසිඳීම නිසා ඔහුට තමන්ගේ නුවණින්ම අවබෝධවෙනවා “නිවණ” යනු මොනතරම් ශාන්ත වූ, මොනතරම් උසස් වූ, සැනසීමක් ඇති තැනක්ද කියා. මේ නිසාම ඔහු දැඩිව අධිෂ්ඨාන කරගන්නවා, අප්‍රමාදව මේ උතුම් තත්වයට පත්වීම සඳහා වීර්යය කල යුතුයි කියා. මේ අවබෝධය සාක්ෂාත් කරගත් නිසා දැන් මේ ආර්ය ශ්‍රාවකයා තුන්වන ආර්ය සත්‍යයේ තිපරිවට්ටය සාක්ශාත් කරමින් වාසය කරනවා. |
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේ තිපරිවට්ටය යනු
- දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ගැන රහතන් වහන්සේ කෙනෙකුගෙන් හෝ ආර්ය පුද්ගලයෙකුගෙන් අසා දැනගැනීම
- දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය තමන් විසින් ප්‍රත්‍යක්ෂව අවබෝධ කර සාක්ෂාත් කරගත යුතු යයි නුවණින් දැනගැනීම
- එළඹ සිටි සිහියෙන් සිටිමින්, හටගන්නා තණ්හාවන්, ඒ ඒ මොහොතේම ප්‍රහීණ කරන කෙනාට දැනෙන සංසිඳීම හා නිවීම, මේ තුන් වන ආර්ය සත්‍ය හා නුවණින් ගලපමින්, ඒ උතුම් වූ තත්වයට පත්වීම සාක්ෂාත් කල යුතු යයි අධිෂ්ඨානශීලීව, වාසය කරන කෙනාට, යම් මොහොතක හෝ යම් දවසක ‘මා විසින් ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ කරගනිමින් සාක්ෂාත් කලා’ යයි තමන්හට ප්‍රත්‍යක්ෂ වීම
දුක්ඛ නිරොධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය
දුක නැතිකිරීමේ ප්‍රතිපදා ආර්ය සත්‍යය
මහණෙනි, දුක්ඛ නිරෝධය පිණිස ගමන් කරන්නාවූ ප්‍රතිපදාව නම් ආර්ය සත්‍යය කවරේද?
මේ නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
ඒ කවරේද?
• සම්මා දිට්ඨි හෙවත් නිවැරදිවූ යහපත් මාර්ගය නුවණින් දැනගැනීම
• සම්මා සංකප්ප හෙවත් නිවැරදිවූ යහපත් අරමුණ හෝ අධිෂ්ඨානය ඇතිකරගැනීම
• සම්මා වාචා හෙවත් නිවැරදිවූ යහපත් වචන භාවිතාකිරීම
• සම්මා කම්මන්ත හෙවත් සිත කය වචනෙන්, නිවැරදිවූ යහපත් ක්‍රියා සිදුකිරීම
• සම්මා ආජීව හෙවත් නිවැරදිවූ යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම
• සම්මා වායාම හෙවත් නිවැරදි යහපත් මාර්ගයේ ගමන්කිරීමට උත්සාහයෙන් ක්‍රියා කිරීම
• සම්මා සති හෙවත් නිවැරදිවූ යහපත් සිහිය පිහිටුවාගැනීම
• සම්මා සමාධි හෙවත් නිවැරදිවූ යහපත් අරමුණ ඔස්සේ සිත එකඟ කර ගැනීම
මහණෙනි, කුමක්ද සම්මා දිට්ඨි?
තමා විසින්ම ප්‍රත්‍යක්ෂව නුවණින් විමසා මෙනෙහි කරමින්
• දුක පිළිබඳ නුවණ,
• දුක හටගැනීමට හේතුව පිළිබඳ නුවණ,
• දුක නැති කිරීම පිළිබඳ නුවණ,
• දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ නුවණ,
ලබාගැනීමයි.
මහණෙනි, මෙය සම්මා දිට්ඨිය යයි කියනු ලැබේ.
මහණෙනි, කුමක්ද සම්මා සංකප්ප
• ඇලීම් බැඳීම් වලින් මිදීමේ අරමුණ හෝ අධිෂ්ඨානය,
• ගැටීම් ආඝාත නපුරු අදහස් වලින් මිදීමේ අරමුණ හෝ අධිෂ්ඨානය,
• කිසිවෙකුට හිංසා පීඩා නොකර සිටීමේ අරමුණ හෝ අධිෂ්ඨානය
තමා තුල ඇතිකරගැනීමයි.
මහණෙනි, මෙය සම්මා සංකප්ප යයි කියනු ලැබේ.
මහණෙනි, කුමක්ද සම්මා වාචා?
• බොරු නොකියා සිටීම,
• කේලාම් නොකියා සිටීම.
• පරුෂ වචන නොකියා සිටීම,
• හිස් වචන නොකියා සිටීම
යන වචනය සංවර කරගැනීමයි.
මහණෙනි, මෙය සම්මා වාචා යයි කියනු ලැබේ.
මහණෙනි, කුමක්ද සම්මා කම්මන්ත?
• සතුන් මැරීමෙන් වැළකීම,
• සොරකම් කිරීමෙන් වැළකීම,
• කාම වස්තූන් වැරදි ආකාරයට පරිහරණය කිරීමෙන් සහ හැසිරීමෙන් වැළකීම,
සඳහා සිත සහ කය සංවර කරගැනීමයි.
මහණෙනි, මෙය සම්මා කම්මන්ත යයි කියනු ලැබේ.
මහණෙනි, කුමක්ද සම්මා ආජීව?
• වැරදි සහගත ජීවන රටාවෙන් සහ වැරදි සහගත ජීවනෝපාය මාර්ගයෙන් වැළකී,
• නිවැරදි සහගත ජීවන රටාවකින් සහ නිවැරදි සහගත ජීවනෝපාය මාර්ගයෙන් දිවි ගෙවීම,
සඳහා සිත සහ කය සංවර කරගැනීමයි.
මහණෙනි මෙය සම්මා ආජීව යයි කියනු ලැබේ.
මහණෙනි, කුමක්ද සම්මා වායාම?
ආර්ය ශ්‍රාවකයා විසින්
• මෙතෙක් තමන් අතින් සිදු නොවූ වැරදි-පව්-අකුසල් ඉදිරියේදිත් සිදු නොවන්නට දැඩි උවමනාවෙන් සිතේ බලවත් සේ කැමැත්ත උපදවාගෙන ඒ අනුව සිත පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම,
• මෙතෙක් තමා අතින් සිදුවූ වැරදි-පව්-අකුසල් වලින් දුරු වී, ඉදිරියේදීත් ඒවා සිදු නොවන්නටද දැඩි උවමනාවෙන් සිතේ බලවත් සේ කැමැත්ත උපදවාගෙන, ඒ අනුව සිත පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම,
• මෙතෙක් තමා විසින් ඇතිකර ගැනීමට නොහැකි වූ කුසල් ඉදිරියේදී ඇතිකර ගැනීමට දැඩි උවමනාවෙන් සිතේ බලවත් සේ කැමැත්ත උපදවාගෙන, ඒ අනුව සිත පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම,
• මෙතෙක් තමා විසින් ඇතිකර ගනු ලැබුවාවූ කුසල්, නැවතීම පිණිස-මුලා නොවීම පිණිස-බොහෝ සෙයින් සිත වඩවා ගැනීම පිණිස-මහත් බවට පත්වීම පිණිස-භාවනාව පරිපූර්ණය කිරීම පිණිස-යොදා ගෙන, දැඩි උවමනාවෙන් සිතේ බලවත් සේ කැමැත්ත උපදවාගෙන, ඒ අනුව සිත පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම,
සඳහා අධිෂ්ඨානයෙන් සිත-කය-වචනය සංවර කර ගැනීමයි.
මහණෙනි, මෙය සම්මා වායාම යයි කියනු ලැබේ.
මහණෙනි, කුමක්ද සම්මා සතිය?
මේ භික්ෂුව
• කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දැඩි ලෝභය හා දෝමනස්සය දුරුකිරීම සඳහා සිහිය පිහිටුවා ගනිමින් කයේ යථා ස්වභාවය නුවණින් විමසා අවබෝධ කරගනිමින් වාසය කිරීම,
• කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දැඩි ලෝභය හා දෝමනස්සය දුරුකිරීම සඳහා සිහිය පිහිටුවා ගනිමින් දකින-අසන-දැනෙන-හැඟෙන, මනසිකාර වන දේවල යථා ස්වභාවය නුවණින් විමසමින් අවබෝධ කරගනිමින් වාසය කිරීම,
• කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දැඩි ලෝභය හා දෝමනස්සය දුරුකිරීම සඳහා සිහිය පිහිටුවාගනිමින් සිතට නැගෙන සිතිවිලි වල යථා ස්වභාවය නුවණින් විමසමින් අවබෝධ කරගනිමින් වාසය කිරීම,
• කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දැඩි ලෝභය හා දෝමනස්සය දුරුකිරීම සඳහා සිහිය පිහිටුවාගනිමින් තමන්ගේ සිත-කය-තමන්ට දැනෙන වේදනා-තමන් තුල පවතින ස්වභාවය, මමය-මගේය-මගේ ආත්මය ලෙස උපාදානය කරගත් නිසාම තමා දුකෙහිම ගිලී සිටි ස්වභාවය නුවණින් විමසමින් අවබෝධ කරගනිමින් වාසය කිරීම,
සඳහා අධිෂ්ඨානයෙන් ක්‍රියා කිරීමයි.
මහණෙනි, මෙය සම්මා සති යයි කියනු ලැබේ.
මහණෙනි, කුමක්ද සම්මා සමාධිය?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම
• කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පලවෙනි ධ්‍යානයට පැමිණ වාසය කිරීම,
• විතර්ක විචාරයන් සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති ප්‍රසන්නවූ එකඟ වූ සිත් ඇතිව, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කිරීම,
• සිහි නුවණ මනාව ඇතිව කායික සුවයෙන්ද යුක්ත වූ, සැප විහරණය ඇත්තේයයි කියන යම් ධ්‍යානයක් ගැන ආර්යයෝ වර්ණනා කරත්ද, ඒ තුන්වන ධ්‍යානයේ උපෙක්ෂා සිත් ඇතිව මනා සිහියෙන් යුතුව වාසය කිරීම,
• ඒ කී සැපයේද නොඇලී දුක් සමගද නොගැටී, පෙර හටගත් සොම්නස් සහ දොම්නස්ද අතහැර, සැපදුක් දෙඅන්තයේම නොඇලී, ඉතා පිරිසිදු සිහියෙන් උපේක්ෂා සහගත සිත් ඇතිව සතරවන ධ්‍යානයට සමවැදී වාසය කිරීම.
මහණෙනි, මෙය සම්මා සමාධි යයි කියනු ලැබේ.
මහණෙනි, මෙය දුක නැතිකිරීමේ ප්‍රතිපදා ආර්ය සත්‍යය යයි කියනු ලැබේ.
| මේ ආකාරයට අප්‍රමාදව වීර්යයෙන් යුතුව, මනා ප්‍රඥාවෙන් නිවැරදිව ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන මේ ආර්ය පුද්ගලයා සතර වන ආර්ය සත්‍යයේ තිපරිවට්ටය පූර්ණය කරමින් වාසය කරනවා. |
දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍යයේ තිපරිවට්ටය යනු
- දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍යය ගැන රහතන් වහන්සේ කෙනෙකුගෙන් හෝ ආර්ය පුද්ගලයෙකුගෙන් අසා දැනගැනීම
- දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍යය තමන් විසින් සිහිය පිහිටුවාගෙන මනා ප්‍රඥාවෙන්, අවබෝධයෙන් පිලිපදිමින් වැඩිය යුතු යයි නුවණින් දැනගැනීම
- නිවැරදි දෘෂ්ඨියක් ඇතිව, අධිෂ්ඨාන ශීලිව, සිත-කය-වචනය සංවර කරගනිමින්ද, ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස හික්මවා ගනිමින්ද, එළඹ සිටි සිහියෙන් සිටිමින්, හටගන්නා තණ්හාවන් ඒ ඒ මොහොතේම දුරු කරමින්, සංසිඳෙමින් වාසය කරන මේ ආර්ය පුද්ගලයාට යම් මොහොතක හෝ යම් දවසක ‘මා විසින් ඒ දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍යය අවබෝධයෙන් පිලිපදිමින් වඩමින් සම්පූර්ණ කලා’ යයි තමන්හට ප්‍රත්‍යක්ෂ වීම
• මේ ආකාරයට තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න. අන්‍යන් තුල පවතින ස්වභාවයන්ද ඒ ආකාරම යයි අවබෝධ කරගනිමින් ඒ පවතින ස්වභාවයන්වල යථා ස්වභාවයද නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් කිසිවෙකුට නොඇලී වාසය කරන්න.
• ඒ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ඇති තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය” ලෙස උපාදානය කරගැනීම හේතුවෙන් ඇතිකරගත්, තණ්හා-දෘෂ්ඨි-මාන නිසා, තමාට අත්විඳින්න ලැබුනේ දුකක් බව අවබෝධ කරගනිමින් සිහියෙන් වාසය කරන්න. ඒ උපාදානය වීම නිසා ගොඩනගා ගත් අවිද්‍යා සහගත සිතිවිලි, කලින් කලට අවස්ථාවාදීව වෙනස් වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න. මෙලොව බිහිවූදා සිට ඇතිවූ, නම්-ගොත්-ජාති-කුල-ආගම්- කුල පරම්පරාව-යහලු මිත්‍ර-දේපල-ගම-රට, “මගේ” යයි උපාදානය කරගනිමින්, කැමති-අකමැති, හොඳ-නරක, ඕන-එපා යනුවෙන් ගොඩනගා ගත් සිතිවිලි, කලින් කලට හටගත්තා සේම, විපරිණාමයට පත්වෙමින් නිරුද්ධ වූ ආකාරය නුවණින් දකිමින් සිහියෙන් වාසය කරන්න.
• තමන් තුල පවතින ස්වභාවය “ මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් ගත් විට තමන්ට තණ්හා-දෘෂ්ඨි-මාන හටගත් ආකාරයත්, ඒ නිසාම බය-අසහනය-නොසංසිඳීම-වෙහෙස-දුක ඇතිවූ ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. තමන් තුල පවතින ස්වභාවය “මමය-මගේය-මගේ ආත්මය”යි යන හැඟීමෙන් මිදුණු කල තණ්හා-දෘෂ්ඨි-මාන දුරු වන ආකාරයත්, ඒ නිසාම සැහැල්ලුව-සංසිඳීම-සතුට අත්විඳින ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. දුක හටගත් ආකාරයත්, “මේ තමන් තුල පවතින ස්වභාවය මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ” යනුවෙන් අවබෝධකරගෙන, ඒ උපාදානයෙන් මිදීම නිසා, දුක ප්‍රහීණ වෙන ආකාරයත්, නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, සිහියෙන් වාසය කරන්න. මෙසේ තමන් තුල පවතින ස්වභාවයද, අන්‍යයන් තුල පවතින ස්වභාවයන්ද, සියලු බාහිර ලෝකයේ ද, හටගැනීම්-නැතිවීම් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මෙන්න. මේ නිසා මේ කෙනාට තමන් තුල පවතින ස්වභාවය හෝ අන්‍යයන් තුල පවතින ස්වභාවයන් හෝ අන් බාහිර කිසිදු වස්තුවක් හෝ කෙරෙහි උපාදානයක් ඇතිවන්නේ නැහැ.
• මෙසේ මුලා නොවූ එළඹ සිටි සිහියෙන් යුතුව “විද්‍යාමාන වන තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය” ගැන නුවණින් මෙනෙහි කරන තාක් කල්, ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ තමන් තුල පවතින ස්වභාවය “මම යයි හෝ මගේ යයි හෝ” උපාදානය කර ගැනීමකින් තොරව වාසය කරනවා. එසේ තණ්හා- දෘෂ්ඨි- මාන ප්‍රහීණ කරමින් වාසය කරන ඔහු තුල, නැවත කිසිදු කෙලෙස් හටගැනීමක් සිදුවන්නේ නැහැ. එයයි මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් තමන් තුල පවතින ස්වභාවය දෙස නුවණින් බලමින්, චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ කරගනිමින් වාසය කරනවා කියන්නේ.
මහණෙනි, යම් කිසි කෙනෙක් වනාහි, මේ සතර සතිපට්ඨානය සත් අවුරුද්දක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි සත්වස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය සය අවුරුද්දක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි සයවස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය පස් අවුරුද්දක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි පස්වස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය සතර අවුරුද්දක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි සිව්වස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය තුන් අවුරුද්දක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි තුන්වස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය දෙඅවුරුද්දක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි දෙවසර තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය එක් අවුරුද්දක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි එක්වස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය සත් මාසයක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි සත්මස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය සය මාසයක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි සයමස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය පස් මාසයක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි පස්මස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය සිව් මාසයක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි සිව්මස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය තුන් මාසයක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි තුන්මස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය දෙමාසයක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි දෙමස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය එක් මාසයක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි එක්මස තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය අඩ මාසයක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
මහණෙනි අඩමාසයකුත් තිබේවා! යම් කිසි කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානය හත් දිනක් පුරා භාවිතා කරමින් පුහුණු වන්නේ නම්! ඒ ඔහුට මේ ආත්මභාවයේදීම නැවත උප්පත්තියක් නොලබන රහත් ඵලය හෝ උත්පත්ති වශයෙන් කාම භවයකට නොඑන, එහෙත් ස්කන්ධයන් පැවැත්මේ හේතුව තවමත් ඉතිරිව ඇති අනාගාමි ඵලය හෝ අත්කරගැනීමට බලාපොරොතු විය හැකියි.
‘“මහණෙනි, මේ සසර පුරා දුක් සහිත මාර්ගයක ඇවිද යාම ස්වභාවය කොට ගත් සත්වයාට ඉන් මිදී, ශෝක-පරිදේව ඉක්මවන, කායික මානසික දුක-අසන්තෝෂය- අසහනය-පීඩාව නැතිකරන, උතුම් වූ නිර්වාණයට හෙවත් සංසිඳීමට පත්වීම සඳහා ඇති එකම මාර්ගය කවරක්ද යත් , ඒ සතර සතිපට්ඨානයයි’. මෙසේ ඒ කියන ලද ආකාරයට බැලිය යුතුවේ”.
මේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කළ දේ, ඒ භික්ෂූන් විසින් ප්‍රසන්න සිත් ඇතිව සතුටින් පිළිගත්තෝය.
සතිපට්ඨාන සූත්‍රය මෙතෙකින් නිමයි.
| ගෞතම තථාගතයන් වහන්සේ, ඉතාමත් පිළිවෙලට, පියවරෙන් පියවර, පැහැදිලි ලෙස මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙන, බුදුන් සරණ යාමට බලාපොරොත්තු වන ශ්‍රාවකයෙකු විසින් අනුගමනය කල යුතු ප්‍රතිපදාව, මේ සක්වලයන්හි ඇති නාග ලෝක, දිව්‍ය ලෝක හා මනුස්ස ලෝකයන්හි ඇති සියලුම වටිනාම දේ එක්කොට ගන්නවාටත් වඩා වටිනා බව ඔබට දැනගැනීමට නම් අඩුම වශයෙන් ඔබ කායානුපස්සනාව වත් නිවැරදිව පුහුණු කරමින් ඔබේ කයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගත යුතුයි. ඒ අවබෝධය ලබාගන්නා ඔබට බුදුන් දකින්න, ධර්මය දකින්න, පුළුවන් වෙන බව ඒකාන්ත සත්‍යයක්. |