සිංහල පොත්

අති පූජණීය පිරිත් පොත් වහන්සේ

අති පූජණීය පිරිත් පොත් වහන්සේ, බුදුන් වහන්සේ ලෙස මම ගෞරවයෙන් පුදදෙනු ලබන්නෙමි. බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය කුමක්දැයි නිවැරදිව දැනගැනීමටත්, බුද්ධ ශ්‍රාවකයෙකු බවට පත්වීමටත්, නිවණ දැකීමටත්, නිවණ සාක්ෂාත් කරගැනීමටත් අවශ්‍ය කරන සියලුම ධර්මයන් ඇතුලත් වන අයුරින් තෝරාගත් පාලි සුත්‍ර 37 ක්ද, සරල සුගම ආකාරයෙන් ඒවායේ නිවැරදි සිංහල පරිවර්තනද මෙහි ඇතුලත් කර ඇත.

මහා සතිපට්ඨාන සූත්‍රය

මහා සතිපට්ඨාන සුත්‍රය, ශ්‍රී සද්ධර්මය ලෙස මම ගෞරවයෙන් පුදදෙනු ලබන්නෙමි.
දුකින් මිදීමට අවශ්‍ය වන කෙනෙකු සිහිය පිහිටුවා ගතයුතු සතර ආකාරය ගැන බුදුන් වහන්සේ විසින් වදාළ දේශනාව ඇතුලත් සතිපට්ඨාන සුත්‍රය පාලි භාෂාවෙන් මෙන්ම සරල සුගම ආකාරයෙන් එහි නිවැරදි සිංහල පරිවර්තනයද ඇතුලත් කර ඇති අතර භාවනාව වඩන ආකාරයද විස්තර කර ඇත.

ධම්ම පදය

ධම්ම පදය, සංඝයා වහන්සේ ලෙස මම ගෞරවයෙන් පුදදෙනු ලබන්නෙමි.
බෞද්ධයාගේ අත්පොත ලෙසින් හැඳින්වෙන ධම්ම පදය පොතෙහි වග්ග 26 ක් යටතේ කාණ්ඩ කරන ලද ගාථා 423 ක් අඩංගු වන අතර එම පාලි ගාථා මෙන්ම සරල සුගම ආකාරයෙන් එහි නිවැරදි සිංහල පරිවර්තනයද මෙහි ඇතුලත් කර ඇත.

සත් බුදු වන්දනාව

සත්බුදු වන්දනාව, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ලෙස මම ගෞරවයෙන් පුදදෙනු ලබන්නෙමි.
සත්බුදු වරයන් වහන්සේලාට නමස්කාර කරමින් සිදුකරන සත්‍ය ක්‍රියා බෝධි පුජාව මෙහි ඇතුලත් කර ඇත.

නිවනට පමුණුවන භාවනා

බුදුන් වහන්සේ දේශනා කළේ භාවනාව යනු කුසල සිත් වැඩීමයි, කුසල සිත් සේවනය කිරීමයි, කුසල සිත් භාවිතා කිරීමයි යනුවෙනි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව භාවනාව යනු එළඹ සිටින සිහියෙන් යුතුව ඒ ඒ මොහොතේ තමන් සිතින් කයින් වචනයෙන් කරන ක්‍රියා දෙස නුවණින් දකිමින් ඒ පිලිබඳ නුවණින් මෙනෙහි කරමින් තමන් යනු කවුදැයි කියා තමන් විසින්ම නුවණින් අවබෝධ කරගැනීමයි. ඒ අනුව තමන් තුල තිබෙන අවිද්‍යාව හඳුනාගෙන ඒ අවිද්‍යාව නිසා රැස්කරගන්නා අකුසල් හඳුනාගන්නා කෙනාට අකුසල් මූල දුරුකිරීමට කටයුතු කිරීමෙන් කුසල් සිත් වඩවා ගැනීමට හැකිවෙනවා.

සර්වඥ වූ බුදුවරු

බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙක් ලෙස සසර සැරිසරන එක ජීවිතයකදී මනසින් දුන් දානයක සහ එයින් ලැබූ මහත්ඵල මහා ආනිශංස වල විස්තරයද, බුදුවරුන්ගේ පහල වීම කොතරම් දුෂ්කර දැයි පෙන්වා දුන් විස්තරයද, බුදුන් වහන්සේ පෙර අතීත ජීවිත වලදී සිදු කළ අකුසල් කර්ම වල විපාක, බුදු වූ පසුද ගෙවා දැමීමට සිදුවූ ආකාරය පහදා දෙන දේශනාවද ඇතුලත්ය.