Categories
ඛුද්දක නිකාය

පුණ්‍යක්‍රියා සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඉතිවුත්තක පාළි-තික නිපාතය-දුතිය වග්ගය-
ශ්‍රාවකයෙකු විසින් පින් රැස් කිරීමට කළ යුතු නිවැරදි ක්‍රියාවන් පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍රය මෙය බව මතක තබා ගන්න.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල කාරණය කියන ලද ආකාරයටම මා විසින් අසන ලදී.
“මහණෙනි, පින් රැස්කරගත හැකි ක්‍රියා තුනක් තිබේ.

මොනවද ඒ තුන?

  1. දානමය පින් ක්‍රියා
  2. ශීලමය පින් ක්‍රියා
  3. භාවනාමය පින් ක්‍රියා

මේවා වනාහි මහණෙනි, පින් වඩවා ගත හැකි ක්‍රියා තුනයි.

එපමණකින් අවසන් නොකළ භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ පැවසූ සේක.
මේ දානයන් පිදීම, සන්සුන් ධාර්මික පැවැත්ම, මෛත්‍රී සිත වැඩීම යන පින් ක්‍රියාවන්හි යෙදෙන ආර්ය ශ්‍රාවකයා, එයින් පසු මෙලොවදී මෙන්ම පරලොවදීද, විපුලඵල භාවයන්ගෙන් පිරි සැප ගෙන දෙන අග්‍ර බවට පත්වෙයි.
ඒ සැප උපද්දවන යහපත් ගුණධර්ම තුන වඩන ප්‍රඥාවන්තයාට පීඩා රහිත සැප උපද්දන ජීවිතයක්ම ලැබෙන්නේය.

මෙසේ බුදුන් වහන්සේ පැවසූ සේක. එය මා විසින් ඇසුවෙමි.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading