මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-උපරිපණ්ණාස පාළි-විභඞ්ග වග්ගය- යහපත් රාත්‍රියක් ගත කිරීම සඳහා පිළිපැදිය යුතු ප්‍රතිපදාව පැහැදිලි කර දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රයේ කොටසක් බව සිහි තබාගන්න.
අතීතය නැවත නොඑන්නේය. තවම නොපැමිණි අනාගතය කෙසේ විය හැකිදැයි සැක සහිතය-
යම් වූ ඒ අතීතයේ “මමය-මගේය-මගේ ආත්මය” ලෙස පනවා ගෙන උපාදානය කරගත් තණ්හා-දෘෂ්ඨි-මානයන් දුරු කරන්න.
වර්ථමානයේ ඒ ඒ තැන්හිම, ඇති ඇති සැටියෙන් පවතින රූප හා සිදුවීම් දෙස සිහියෙන් සිටිමින්, නුවණින් ගලපමින් මෙනෙහි කරන, නොසැලෙන නොපරදින ඒ පණ්ඩිතයා ප්‍රඥාව වඩවනවා.
වර්ථමාන මොහොතේ කෙලෙස් තැවීම සිදුකරන ඒ පණ්ඩිතයා, කෙලෙස් නමැති මාර සේනාව සමග යුද්ධයකට නොබැඳීම හේතුවෙන්, කොතරම් උසස් මරණ සුවයක් ලැබිය හැකිද,
රෑ දවල් දෙකේම කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන ඒ පණ්ඩිතයා,
ඒකාන්තයෙන්ම සංසිඳුණු ශාන්තවූ, යහපත් රාත්‍රියක් ගතකරන බව මුනිඳුන් පවසන්නේය.