ප්‍රවර්ග
චිත්ත වර්‍ගය ධම්ම පදය

පන්සියයක් විදර්‍ශක භික්‍ෂූහු

ධම්ම පදය-චිත්ත වර්‍ගය

තම ශරීරය, මැටියෙන් කළ බඳුනකට උපමා කර එහි ඇති අවදානට ලක්විය හැකි වහා බිඳෙන සුළු අස්ථිර ස්වභාවය අවබෝධ කරගෙන, ඒ කය ‘මම’ ය යන හැඟීමෙන් තණ්හාවෙන් උපාදානය කර නොගන්න.

තම සිත, නොයෙකුත් දෙසින් නොයෙකුත් ආකාරයේ අන්තරාකාරී පුද්ගලයන් ඇතුළුවිය හැකි අනතුරුවලට ලක්විය හැකි නගරයකට උපමා කර, ඒ සිතට නොයෙකුත් ආකාරයේ නපුරු අහිතකර අරමුණු ඇතුළුවන බව දැනගෙන ඒවායින් මිදීම සඳහා එළඹවා ගත් තම සිහිය, නගර ආරක්ෂකයෙකුසේ යොදවා ගෙන ඒ සිත ආරක්ෂා කරගන්න. ප්‍රඥාව නමැති ආයුධයෙන් මාරයා සමග නොනැවතී සටන් වැදීමෙන් ජයග්‍රහණය අත්වීම සිදුවන්නේය.