Categories
ධම්ම පදය යමක වර්‍ගය

බුදුරජානන් වහන්සේගේ ස්තුතිය

ධම්ම පදය-යමක වර්‍ගය

යමෙක් බොහෝ ධර්මය ඉගන ගෙන ඒ ධර්මයට අනුව පිළිපැදීමෙන් තොරව
ඒවා අනුන් ඉදිරියේ කියමින් අනුන්ට උගන්වමින් පමණක්, තමන්ට ලැබුණු වටිනා මනුෂ්‍ය ජීවිතය සිහි නුවණින් තොරව හිස් ආකාරයෙන් ගත කරන්නේ නම්,
ඒ දුර්ලභව ලැබුනු මනුෂ්‍ය ජීවිතයේ ලැබිය හැකි සෝවාන් ආදී මාර්ග ඵලයන්හි කොටස් කරුවෙක් විය නොහැකිව තමන් විසින්ම තමන්ගේ ජීවිතය විනාශය කරා පමුණුවා ගනු ලබන්නේය.

නමුත් යමෙක් සුළු ධර්ම කොටසක් හෝ නිවැරදිව නුවණින් අවබෝධකර ගෙන ඒ ධර්මයට අනුව පිළිපදිමින්, ‘මමය-මගේය-මගේ ආත්මය’ ලෙස තම කය හෝ සිත හෝ තෘෂ්ණා-දෘෂ්ඨි-මාන වශයෙන් නොගෙන තමන් තුල පවතින රාග-ද්වේෂ-මෝහ දුරු කර තමන්ගේ සිත පිරිසිදු කරගන්නේ නම් මෙලොවදීත් පරලොවදීත් ශෝක නොකරන සෝවාන් ආදී මාර්ග ඵලයන්හි කොටස් කරුවෙක් වන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading