ප්‍රවර්ග
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

මිරිඟුකමටහන් වැඩූ භික්‍ෂූන්වහන්සේ

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

කය සෑම ක්ෂණයකම බිඳී බිඳී වෙනස් වෙන පෙණ පිඬකට උපමා කර,
‘මමය -මගේය’ යනුවෙන් එයට ඇති කරගෙන සිටින බැඳීම දුරු කරන්න.

තමන් රූපයන් හඳුන ගන්නා ආකාරය ඒ රූපයන්ගේ ඇත්ත ස්වභාවය නොවන බව හෙවත් තමන්ගේ හැඳිනීම මිරිඟුවක් වැනි බව මනා සේ අවබෝධ කර ගෙන,
ඒ රූපයන් කෙරෙහි ඇති ඇලීම් ගැටීම් දුරු කරන්න.

මාරයාට අයත් පස් කම් සැප කෙරෙහි ඇති තෘෂ්ණාව සිඳ දමා මාරයට නොදකින සේ නිවණ කරා යන්න.