Categories
අප්පමාද වර්‍ගය ධම්ම පදය

සාමාවතී මාගන්‍දියාදීන්ට සිදුවූ විපත

ධම්ම පදය-අප්පමාද වර්‍ගය

සිහියෙන් යුතුව විසීම තමයි නිවණට හේතුවෙන්නේ, සිහියෙන් යුතුව නුවණින් මෙනෙහි නොකිරීම මාරයාගේ යටතට පත් කරවනවා. පිරිහෙන ක්‍රියාවල යෙදුණු කෙනා මාරයාගේ යටතට පත්වුනත්, සිහියෙන් යුක්තව වසන කෙනා මාරයාගේ වසඟයට යන්නේ නැහැ.

හැමදෙයක් ගැනම විශේෂ දැනුමක් ඇතිව සිහියෙන් යුතුව වාසය කරන ප්‍රඥාවන්තයා උතුම් අරමුණෙහි සිත් අලවමින් අප්‍රමාදීව සතුටින් වාසය කරයි

ස්ථිරවූ දැඩි උත්සාහයෙන් නැවත නැවත මෙනෙහි කරමින් සිත කය වචනයෙන් ක්‍රියා කරන ඔහු, කාමාදී බැමි වලින් නිදහස් ව ඉතා උතුම් වන නිවණ සාක්ෂාත් කරන්නේය.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading