Categories
ධම්ම පදය බුද්ධ වර්‍ගය

ආනන්ද මහාතෙරුන් ඇසූ ප්‍රශ්නයෙක්

ධම්ම පදය-බුද්ධ වර්‍ගය

ලෝභ-ද්වේශ-මෝහයන් නිසා සිදුකරගන්නා සියලු පාපයන් නොකර ඒවායින් වෙන්වීම තණ්හා- දෘෂ්ඨි-මාන දුරුකර කුසලයන් වඩවා ගනිමින් උසස් භවට පත්වීම ‘මමය- මගේය- මගේ ආත්මය’ යයි තම කය සහ සිත කෙරෙහි ඇති උපාදානය අතහැර සිත නිදහස් කර ගැනීම යන මේවා බුදුවරුන්ගේ අනුශාසනා වේ!

තුන් දොර හික්මවා ගනිමින් රකින උසස්ම ශීලය තමයි ‘ඉවසීම’.
බුදුවරයෙකුගේ උතුම්ම අනුශාසනාව තමයි ‘නිවණ’.

පැවිද්දෙක් අන් අයව නැසුවත්, ශ්‍රමණයෙක් අන් අයට හිංසාවක් වත් සිදු කරන්නේ නැහැ.

නුවණ ඇත්තන්ගේ නින්දාවට ලක් නොවීම, අනුන්ට හිංසා පීඩා නොකිරීම, භික්ෂුවකට අයත් ශීලය ආරක්ෂා කරගැනීම, ආහාරයේ පමණ දැන වැළඳීම, විවේක ඇති සේනාසනයක වාසය කිරීම, සමාධිමත් සිත පවත්වාගැනීමට වීර්යය කිරීම, යන මේ සියල්ල පවත්වාගැනීම තමයි බුදුවරුන්ගේ අනුශාසනාව වන්නේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading