ධම්ම පදය-මල වර්‍ගය
ගසින් වැටීමට ඉතා ආසන්න ඉදුණු කොලයක් මෙන් ජීවිත කාලය පුරාම යහපත් දේ නොකළ, දැන් ඉතා වයසට ගොස් සිටින කෙනා එනතුරු යම පල්ලන් මග බලා සිටිනවා. ඒ ඔහු මරණයෙන් පසු සැපවත් ජීවිතයක් ලැබීමට අවශ්‍ය කිසිවක් සුදානම් කර නොගත් නිසා.
එවැනි ඔහු වහා නුවණින් යුතුව උත්සාහවත්ව කටයුතු කළ යුතුයි, තමන්ට යහපත් උප්පත්තියක් ඇතිකර ගැනීම සඳහා.
උසස් දිව්‍ය ලෝකයක හෝ ආර්ය භූමියක හෝ උපත ලැබීම සඳහා, ලෝහ රත් කරමින් මලකඩ ඉවත් කර පිරිසිදු කරගන්නා සේ, තමන් තුල ඇති කෙලෙස් දුරු කර ගනිමින් පිරිසිදු විය යුතුයි.
දැන් මාරයා සමීපයට එළඹිලා ඉදිරියෙන්මයි සිටින්නේ, තමන්ගේ මේ ජීවිතයත්, මාරයාත් අතරට එළඹිලා සිටින ඔබ ළඟ ඔබේ පිහිට සඳහා යමක් ඇතැයි දකින්න ලැබෙන්නේ නැහැ.
එවැනි ඔහු වහා නුවණින් යුතුව උත්සාහවත්ව කටයුතු කළ යුතුයි, තමන්ට යහපත් උප්පත්තියක් ඇතිකර ගැනීම සඳහා.
ලෝහයක් රත් කරමින් මලකඩ ඉවත් කර පිරිසිදු කරගන්නා සේ, තමන් තුල ඇති කෙලෙස් දුරු කර ගනිමින් පිරිසිදු වී සිත මධ්‍යස්ථ කර ගන්නා කෙනාට නැවත උපතක් හෝ වයසට යාමක් සිදුවෙන්නේ නැහැ.